නොමිලේ ලැබෙන හොඳම screen recorders

අප විසින් අත්හදා බැලූ නොමිලේ ලැබෙන හොඳම තිර පටිගත කිරීමේ මෘදුකාංග මේවායි, මේ තුලින් ඔබට ඔබේ වීඩියෝ පාඩම් ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැකිය.

Active Presenter (Windows, iOS)

Download link: https://atomisystems.com/download/

කෙටි සමාලෝචනය: වෘත්තීය මට්ටමෙන් screen capture කිරීම, ඉහළ පෙළේ විශේෂාංග රැසක්, AVI, MP4, WMV, WebM සහ MKV වැනි විවිධ video formats වලට export කිරීම, MKV container එක මගින් audio සහ video වැඩිදුර සංස්කරණය සිදු කිරීම, SCORM packages ලෙස pack කර ඕනෑම SCORM-compliant LMS ආකාරයකට publish කිරීම, එක් එක් පියවර සඳහා සුදුසු විවරණයන් ස්වයංක්‍රීයව ජනනය කිරීම සහ තවත් විශේෂාංග රැසක්  අඩංගු වේ.

දිගු සමාලෝචනය – Active Presenter යනු හුදෙක් තිරය සටහන් කරගැනීම සදහා පමණක් උපයෝගී කරගත හැකි මෙවලමක් නොවේ.එය උසස් තත්ත්වයේ ඉදිරිපත් කිරීම් සහ පුහුණු videos සෑදීම සඳහා සරිලන මෘදුකාංගයක් වේ.

Active Presenter

active presenter

සරල screen capture එකක් සාදා ගැනීම සදහා නව ව්‍යාපෘතියක් සාදාගත යුතු වන අතර ඒ සදහා preset capture profile එකක් ඔබට තිබිය යුතු වේ.

Active Presenter Projects

projects window


පූර්ණ චලන පටිගත කිරීම (FMR-Full Motion Recording) ආකෘතිය යනු විග්‍රහයන් යොදා ගනිමින් ඉදිරිපත් කරනු ලබන වීඩියෝ පටිගත කිරීමේ මාදිලියකි.සුපුරුදු පරිදි සම්පූර්ණ තිරය මෙන්ම අභිරුචි ප්‍රමාණයෙන් යුතු window ද, ශ්‍රව්‍ය සමග ලබා ගත හැකිය.

 

Active Presentation – Full Motion Recording

වැඩසටහන් සංකීර්ණ අතුරු මුහුණත් ප්‍රධාන වැඩ කලාපය ඔබට රාමු වීඩියෝ සැකසුම් සඳහා රාමුව සඳහා යොදාගන්නා සාමාන්ය වීඩියෝ වැඩසටහනක් සිහිපත් කරයි. එහි ප්‍රධාන වශයෙන් රාමුව වීඩියෝ සංස්කරණය කිරීම මගින් රාමුව සඳහා සවිස්තරාත්මක කතා කාල සටහනක්, Zoom සහ  Pan ප්‍රයෝග, ස්ලයිඩරයේ  පසුබිම් වර්ණය පාලනය  ඇතුළු විශේෂාංගවලින්  සමන්විත වේ.

Active Presenter Work Area

සෑම පියවරක් සඳහාම අදාල සටහන් (annotations) ස්වයංක්‍රීයවම උත්පාදනය කළ හැකි අතර සුදුසු විවරණයන් (comments) අලංකාර හැඩයන් කිහිපයක් සමග එකතු කළ හැකිය. වීඩියෝවට gesture effects, highlight effects සහ spotlight effects එක් කළ හැක. උසස් තත්ත්වයේ ශ්‍රව්‍ය සමමුහුර්ත කිරීම ද (audio sync), වීඩියෝ සහ overlays ද  මෙම අතුරුමුහුණත තුල සිදු කළ හැකිය.

Active Presenter – Annotations

එය ප්‍රමාණවත් නොවේ නම්, presentation එකට interactive fields ඇතුලත් කළ හැකිය. ඒ අතරින් කිහිපයක් ලෙස  mouse click, text box, keystroke, fill in the blanks, sequence, essay යනාදිය පෙන්වා දිය හැක

Active Presenter – Interaction Features

වීඩියෝවේ සංස්කරණ කටයුතු සිදු කර අවසන් කර ඉදිරිපත් කිරීමට සුදුසු අවස්ථාව එලබුන විට “Export” menu එක මගින් එය publish කිරීමට හැකිය. එහිදී එය AVI, WMV, MPEG4, and WebM, or flash video (FLV), යන video formats වලට සහ  MS Word, Powerpoint,  PDF  format වලට පවා export කළ හැක.

 

Actve Presenter – Export Options


Ezvid (Windows)

Download link: https://www.ezvid.com/download

Ezvid යනු work projects සහ software tutorials සදහා ඉතා හොඳ  screen recorder එකක් වන අතර ඉතා විශිෂ්ට text to speech tool එකක් සහ built-in editor එකකින් සමන්විත වේ.

වාසි

  • පැහැදිලි අතුරු මුහුණත
  • Built-in editor
  • watermarks නොමැති වීම

අවාසි

  • පටිගත කිරීමේ කාලය විනාඩි 45 කට සීමා වේ
  • පටිගත කිරීමේදී දිස් වන widget එක සැඟවිය නොහැක

Ezvid යනු මුදල් ගෙවීමකින් තොරව භාවිත කල හැකි screen recorder එකකි. එමගින් watermarks එක් නොකරයි.

එයට  පටිගත හැකි වන්නේ විනාඩි 45 ක් දක්වා පමණක් වේ.

 

Ezvid තුළ text-to-speech සහ voice recording වලින් සමන්විත වන built-in editor එකක් භාවිතා වන නිසා අතිරේක software වල අවශ්‍යතාවක් ඇති නොවේ.

පරිශීලක අත්දැකීම්

Ezvid ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි අතර hands-free recording සඳහා ක්ෂණික keyboard shortcuts  යොදාගත හැක. ග්‍රැෆික් අතුරුමුහුණතද ඉතා  සරලයි. නමුත් පටිගත කිරීම ආරම්භ කිරීමේ button එක කැපී පෙනෙන ලෙස දක්වා නැත. (එය වම් අත පැත්තේ ඇති monitor icon එකයි.)

Ezvid මගින් ඔබේ තිරය පටිගත වන අවස්ථාවේදී කුඩා widget එකක් තිරයේ දිස්වේ. එමගින් ඔබට පටිගත කරන අතරතුර stop, pause කිරීම හෝ සටහන් (annotations) එක් කිරීම සිදු කල හැක. මෙසේ සිදු කල හැකි වීම tutorial සහ walkthrough videos වලට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර එය වෙනත් බොහෝ free screen recorders වල නොමැති අංගයකි. ඔබට එම widget එක semi-transparent කල හැකි වුවද පටිගත කිරීම අතරතුර එය සම්පුර්ණයෙන්ම සැඟවිය නොහැකිය. එසේ කල හැකි වන්නේ ඔබ Advanced Screen Capture තෝරාගෙන තිරයේ කොටසක් පමණක් පටිගත කිරීම සිදු කළහොත් පමණි.

ඔබ පටිගත කිරීම් කිහිපයක් සිදු කරන්නේ නම්  Ezvid recorder එකෙහි  ස්වයංක්‍රියවම ඒවා එකට එකතු කරනු ඇත.  මෙය ඉතා සරල මෙවලමක් වුවද කුඩා ව්‍යාපෘති සඳහා මෙය ඉතා සුදුසු වේ. ඔබට clips මකා දැමීමට (delete) , කොටස් වලට වෙන් කිරීමට සහ ඔබගේ PC එකෙන් images සහ video clips එකතු කිරීමට හැකි වේ.


ShareX (Windows)

Download link: https://getsharex.com/downloads/

ඔබ, විශ්වාසනීය හා කාර්යක්ෂම ලෙස  screen captures සහ file sharing  සිදු කළ හැකි  මෙවලමක් සොයන්නේ නම්, ShareX යනු තෝරා ගත හැකි  විශිෂ්ටතම මෙවලමක් වේ.

ShareX හි මූලික අරමුණ වනුයේ ඔබට අත්‍යවශ්‍ය මෙවලම් සපයා දීම තුළින් ක්ෂණිකව screenshots ලබා ගැනීමට, ඒවා upload  කිරීමට සහ ක්ෂණිකව හා කාර්යක්ෂමව images and screenshots අන් අය සමඟ හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම වැඩසටහන පසුබිම් ක්‍රියාවලියක් ලෙස ඔබේ පරිගණකය තුළ ක්‍රියාත්මක වන අතර පහසුවෙන් hotkeys  භාවිතා කර පාලනය හැකිය. ඔබට වේගවත් OR එකක් අවශ්‍ය නම්, ඔබ ගන්නා සියලු images හැසිරවීමට dashboard එක භාවිතා කළ හැකිය.

ShareX features

  • Multiple Capturing Modes – මෙමගින් full screen captures පමණක් නොව දැනට තෝරාගෙන ඇති  window එක capture කිරීමටද, කැමති ප්‍රමාණයන්ගෙන් යුත් screen captures ලබාගැනීමටද, තමන්ගේ  monitor එකට multi-monitor set up එකද  ලබාගත හැකිය.
  • Automated Capture – මෙම විශේෂාංගය පරිශීලකයන්ට නිශ්චිත කල පරතරයන්හිදී  screenshots ලබාගැනීමට ඉඩ සලසා දෙයි. මෙය ඔබ ක්‍රියාවලිය අතරතුර කාල පමාවක්  අවශ්‍ය නම් ප්‍රයෝජනවත් වන  අංගයකි.

 

  • Screen Recorder – ඔබට විශ්වසනීයව සහ ක්‍රියාකාරී ලෙස screen-recorded videos සැදීමට අවශ්‍ය නම් මෙය භාවිත කළ හැක. පරිශීලකයාට පහසුවෙන්   screen එකේ අවශ්‍ය කරන පෙදෙසක් record කර එය video file එකක් හෝ animated GIF එකක් ලෙස නිර්මාණය කරගත හැක.

 

  • වෙනත් features – අනෙකුත් ආකර්ෂණීය අංගයන් වලින් කිහිපයක් නම්, multiple upload options සහ අසන්න කාල  පරාසයක් තුල ලබාගන්නා ලද screenshots සහ clipboard එකෙන් ගෙන ඍජුවම upload කිරීමටද, file එකක් හෝ කිහිපයක් එකවර upload  කිරීමටද  පරිශීලකයන්ට ක්‍රමවේද හදුන්වා  දී  ඇත.

 

The Best of ShareX

ShareX තුළ multiple upload options, screen recorder, විවිධ capturing modes අන්තර්ගත වේ. නමුත් ShareX හි වැදගත්ම අංගය වන්නේ හොඳ screen capture tool එකයි. එමෙන්ම මෙමගින් ඉක්මනින් හා කාර්යක්ෂමව files හුවමාරු කර ගැනීමට පහසුවෙන් භාවිතා කළ හැකිය.

ShareX is සුවිශේෂී open source program එකකි. මෙමගින් ඉතා පහසුවෙන් files හුවමාරු කර ගැනීමට හැකිවේ.

පරිශීලකයන්ට shortcut keys වලින් තොරව  application හෝ screens windows විවිධ හැඩතල වලින් යුතුව capture කල හැකිය. මෙම programme එක තුල  screenshots වලට සටහන් එකතු කිරීමට, බොඳ කිරීමට (blur) සහ අනවශ්‍ය කොටස් ඉවත් කිරීමට (crop), Greenshot image editor භාවිතා වේ. එම කටයුතු අවසන් කල පසු අදාල images ShareX මගින් ස්වයංක්‍රියව ඔබගේ  image host වෙත හෝ Google Drive වෙත upload හෝ පරිගණකය තුල save කල හැක.