පළමු පාඨමාලාව හදමු

elearning.lk  හරහා online පාඩම් මාලාව සැකසීමට ඔබ ගත් තීරණය පිළිබද අපගේ සුබපැතුම්.ඔබ අප සමග එක් වීම අපට සතුටක්. එසේ නම් දැන් අපි ක්‍රියාත්මක වෙමු.

ඔබගේ පාඨමාලාව නිර්මාණය කිරීමේ  සියලුම පියවර ක්‍රමානුකුලව අනුගමනය කිරීම සඳහා මෙම Google doc එක වෙත පිවිසෙන්න. ඔබ “File”–> “Make a Copy ” හෝ  “Download as .xlsx” යනාදී ලෙස තේරීම් සිදු කළ යුතු වේ. ඔබ විසින් පාඩම් මාලාව සකසා නිම කරන දිනය ඇතුළත් කළ පසු ඊට පෙර දිනයන් සැකසීම ස්වයංක්‍රීයව සිදුවනු ඇත.

e-learning පාඩම් මාලාවක් යනු කුමක්ද?

e-learning පාඨමාලාවක් හරහා සිසුන්ට අනාගතයේදී ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේදී, විනෝදාංශයන්හිදී මෙන්ම එදිනෙදා ජීවිතයේදී වැදගත් වන කුසලතා ඔප්නංවා ගැනීමට අවකාශය ලැබේ.වඩාත් සිත් ඇද ගන්නා e-learning  පාඨමාලාවක්  බවට පත් වීමට නම් එය විවිධ ඉගැන්වීම් ක්‍රමවේද සහ ආකෘතීන්ගේ සංකලනයක් මෙන්ම ලෝකයට ගැලපෙන උදාහරණ, ගැටලු සහ ව්‍යාපෘති අන්තර්ගත විය යුතු වේ.කිසියම් පාඨමාලාවක් උපදේශකවරයාගේ පෞරුෂත්වය, ඔහු සතු දක්ෂතා  සහ විෂය මාලාවෙහි ව්‍යුහය යන සියල්ලෙහි සංයුක්තයක් ලෙස හැදින්විය හැක.

e-learning පාඨමාලාවක් තුළ අඩංගු දෑ 

ඉහත සදහන් වන්නේ e-learning පාඨමාලාව පිළිබද දළ විග්‍රහයක් සහ  එය තුළින් ඉටු විය යුත්තේ කුමක්ද යන්නයි. e-learning පාඨමාලාවේ ඇතුළත් විය යුතු විශේෂ නිර්ණායක සදහා E-learning Course Quality Checklist වෙත පිවිසෙන්න. එහි සදහන් වන්නේ elearning.lk විමර්ශන ඒකකය ඔබ විසින් පළකරනු ලබන පාඩම් මාලාව ඇගයීම සදහා යොදාගන්නා නිර්ණායක වේ. වෙළදපොළ තුළ ඇති e-learning පාඨමාලාවන් අතුරින් ඔබගේ පාඨමාලාවට විශේෂත්වයක් ලබාගැනීමට  නම් අත්‍යාවශ්‍ය සියලු අංග සපුරාලිය යුතු අතර අප විසින් නිර්දේශිත අංග ඒ අතුරින් ප්‍රධාන වේ.

මෙම අංගයන් භාවිතා කරමින් ඔබේ පාඨමාලාවේ  නිර්මාණය කළ යුතු ආකාරය පහත සාකච්ඡා කර ඇත.

ඔබේ e-learning පාඨමාලාව නිර්මාණය කරන්නේ කෙසේද?

කිසිදු වීඩියෝවක් තවම නිර්මාණය කර නොමැතිද? එසේනම් ඔබගේ e-learning පාඨමාලාව සෑදීමට පහත පියවර අනුගමනය කරන්න. ඔබ දැනටමත් වීඩියෝ නිර්මාණය කර ඇත්නම්, පියවර 2 වෙත යන්න.

ඔබේ පාඨමාලාව සාදන ආකාරය

පියවර 1: ඔබේ පාඨමාලාව සැලසුම් කරන්න

ඔබගේ පාඨමාලාව නිර්මාණය කිරීමේ ගමනේ පළමු පියවර වන්නේ ඔබේ පාඨමාලාව සැලසුම් කිරීමයි. ඔබේ පාඨමාලාවේ ඉතිරි තැනීම සඳහා ශක්තිමත් පදනමක් සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ.

ඔබට ඉගැන්වීමට අවශ්‍ය දේ තීරණය කරන්න. ඔබට ඉගැන්වීමට අවශ්‍ය දේ ගැන අදහසක් ඇති අතර දැන් එය  නිශ්චිතවම තීරණය  කිරීමට කාලයයි. ඔබේ පාඨමාලාවේ වෙනස්කම් කිරීමට ඔබ කැමති ආකාරය ගැන සිතා බලන්න. විශේෂිත මාතෘකා සදහා  අපගේ වෙළෙඳපොළ තුළ වැඩි ඉල්ලුමක්  පවතී  එබැවින් අප නිර්දේශ කරන්නේ විශාල පිරිසක් නොව විශේෂිත පිරිසක් ඉලක්ක කර විෂය පථය තෝරා ගැනීමටයි .

ඔබේ පාඨමාලාවේ අරමුණු මොනවද යන්න හදුනා ගන්න. මෙමගින් ඔබට ඔබගේ  ඉලක්කගත ප්‍රේක්ෂකයින් කවුදැයි හඳුනා ගැනීම සහ ඔවුන්ට ඔබේ පාඨමාලාව හරහා ඉගෙන ගැනීමට අවශ්‍ය දේ හඳුනා ගැනීමට හැකි වේ. පාඨමාලා හැදෑරීමේ අරමුණු මොනවද යන්න නිවැරදිව හදුනා ගැනීම ඔබට පාඨමාලා ව්‍යුහය නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

පාඨමාලා ව්‍යුහය නිර්මාණය කිරීම සඳහා ඔබේ පාඨමාලාවේ ඉලක්ක භාවිතා කරන්න.මෙහිදී සිසුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට හා ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ප්‍රමාණවත් අන්තර්ගතයක් ඇති බව සහතික කිරීම සඳහා ඔබේ පාඨමාලාවේ අන්තර්ගත විෂය මාලාව සකස් කළ යුතුය .තවද ඔබේ අන්තර්ගතය සංවිධානය කිරීමට ඔබට අවශ්‍ය  වන්නේ කෙසේද යන්න ඔබ මෙහිදී තීරණය කල යුතුය. ශිෂ්‍යයන්  ඉගෙන ගත් දේ සාරාංශ කිරීම සඳහා පැන විසදුමක් හෝ සාරාංශයක් මගින් එක් එක් කොටස අවසන් කිරීමට වග බලා ගන්න.

ඔබේ පාඨමාලාව තුළ කොටස් වශයෙන් දේශන හා ඒවා විස්තර කිරීම සිදුකරන්න. මෙම පියවර ඔබේ අන්තර්ගතය පිළිබඳව වඩාත් විස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට ඉවහල් වේ. තනි අංශ සහ දේශන දක්වා අන්තර්ගතය බෙදා වෙන් කරන්න. සෑම දේශනයක් සඳහාම සිසුන් එහිදී ඉගෙනගන්නා කරුණු සාරාංශයක් ලෙස  ලියා දක්වන්න.

පියවර 2: ඔබේ පාඨමාලාව සාදන්න

ඔබේ උපකරණ තෝරා ගන්න. වැඩි වියදමකින් තොරව හොද තත්වයේ මයික්‍රොෆෝනයක් ( branded head set එකක් සමග ඇති මයික්‍රොෆෝනය බොහෝ දුරට ප්‍රමාණවත්වේ), වෙබ් කැමරාවක් (අත්‍යාවශ්‍ය නොවේ), Dual core හෝ ඊට වැඩි processor එකක් සහිත කොම්පියුටරයක්, broadband අන්තර්ජාල සම්බන්දතාවයක් සහ නිශ්ශබ්ද පරිසරයක් පමණක් අවශ්‍ය වේ. ඔබේ නිවස තුළ වීඩියෝ නිර්මාණය කරන පසුබිම සකස් කරන්න.

ඔබගේ පරීක්ෂණ වීඩියෝවක් අප වෙත ඉදිරිපත් කරන්න. උසස් ගුණාත්මක විඩියෝ නිර්මාණයක් සැදීමට ඔබේ මාර්ගයේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සහ ඔබගේ ශබ්ද, වීඩියෝ සහ සංස්කරණ සැකසුම පරීක්ෂා කිරීමට ඉක්මන්, තත්පර ~ 30 වීඩියෝවක් සාදන්න. එය youtube වෙත මේ අයුරින් upload කර අප වෙත link එක එවන්න.

ඔබගේ පාඨමාලාවේ නිර්දේශයක්/තිර පිටපතක්  සකසා ගැනීම මගින් ඔබ සැළසුම් කළ මාතෘකා සියල්ල ආවරණය කිරීමට වග බලා ගන්න. එය අප වෙත ද යොමු කරන්න

ඔබගේ නිර්දේශය/පිටපතට අනුව පුහුණු වන්න. ඔබගේ දේශනය නිසියාකාරව ලබා දෙන බව සහතික කර ගැනීම සඳහා ඔබේ පිටපත භාවිතා කිරීම වැදගත් වේ. සිසුන් උද්යෝගිමත්, රසවත් හා ඒකාකාරී නොවූ ගුරුවරුන්ට ආදරය කරන අතර, එම ශක්ති මට්ටම නංවාලීමට වග බලා ගන්න. පාඨමාලාවේ නිර්දේශය සැකසීමේදී , සිසුන්ගේ මැදිහත්වීම උපරිම වන පරිදි  ඔබගේ අන්තර්ගතය ලබා දීම සඳහා විවිධ ක්‍රම සැලසුම් කරන්න.

අපගේ පාඨමාලා ගුණාත්මක පිරික්සුම් ලැයිස්තුව සමග පරීක්ෂා කරන්න. ඔබේ පාඨමාලාව වාර්තා කිරීමට පෙර, සියල්ල සැලැස්ම අනුව පවතින බව  සහතික කර ගැනීමට පාඨමාලාවේ ගුණාත්මකතා පිරික්සුම් ලැයිස්තුව සමග  එක වරක් සැසදීම සිදු කරන්න.

ඔබගේ වීඩියෝ නිර්මාණය කරන්න. ඔබගේ පරීක්ෂණ වීඩියෝව තුළදී  සමාලෝචන කණ්ඩායම අනුමත කළ සැකසුම මෙහිදීද භාවිතා කිරීමට වගබලා ගන්න.

ඔබ ඔබේ දේශන නිර්මාණය කරන විට, සිසුන්ගේ විවිධ මට්ටම් පිළිබදවද සලකා බලන්න. වීඩියෝ දේශන එකිනෙකට වෙනස් දේශන වර්ග වීම සුදුසුය.එසේම presentations, documents, screen-casts, සහ drawing boards ද යොදා ගන්න. සාමාන්‍යයෙන් පාඨමාලා අන්තර්ගතයෙන් 80-90% අතර ප්‍රමාණයක් screen cast විය හැක. එනම් ඔබගේ පරිගණක තිරය record කරන අතර ඔබ පසුබිමින් කතා කරන ක්‍රමය වේ. සිසු සිසුවියන්ට ඔබගේ පාඨමාලාව පිළිබද අදහසක් ලබාගැනීම සඳහා ඔබගේ ප්‍රවර්ධන වීඩියෝ පටය upload  කරන්න.

ඔබගේ පාඨමාලාවට ඔබගේ වීඩියෝ upload කිරීම  සඳහා elearning.lk හි ඇති media > add new > uploader භාවිතා කරන්න. ඔබ ඇතුළු කරන වෙනත් සම්පත් upload කිරීමද  කළ හැකිය (අතිරේක සම්පත්, PDF, ශ්‍රව්‍ය හෝ ඉදිරිපත් කිරීමේ දේශන). ඔබගේ වීඩියෝ පට upload  කළ පසු, ඔබේ සටහන හරහා ගොස් නිවැරදි දේශන සමඟ වීඩියෝ සම්බන්ධ  කරන්න. අපගේ webinar එක බලන්න.

පියවර 3: ඔබේ පාඨමාලාව ඔපමට්ටම් කර ගැනීම  

මෙම පියවරේදී අපි ඔබේ පාඨමාලාවේ වෙළඳපල සඳහා සූදානම්ව තිබීම පිලිබදව සලකා බලනු ලැබේ. ඔබගේ සිසුන්ට මිලදී ගැනීමට අවශ්‍ය  වනු ඇති බවට වග බලා ගැනීම සඳහා ඔබේ පාඨමාලාවට ඔප මට්ටම්  කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

ඔබගේ සාර්ථකත්වය සදහා  අපගේ ක්‍රමවේදය අනුගමනය කරමින් පාඨමාලාව සාරාංශගත  කරමු.

ඔබගේ පාඨමාලාවේ මාතෘකාව දෙස නැවත බලා උප මාතෘකා ද සකස් කරන්න. ඔබගේ මාතෘකා සහ උපමාතෘකා අමතක නොවන හා වඩාත් උචිත ලෙස සකස් කිරීමට මෙම ඉඟි අනුගමනය කරන්න.

අපගේ මාර්ගෝපදේශ වලට ගැලපෙන පාඨමාලා ආකෘතියක් සාදන්න. පාඨමාලා ආකෘතිය සාදා ගැනීමට ඔබට උපකාර අවශ්‍ය නම් එය නොමිලේ ලබා ගත හැකිය. ඒ සදහා අපව අමතන්න.

ඔබේ උපදේශක ජීව දත්ත සම්පූර්ණ කරන්න. ඔබ ඉගැන්වීම් කටයුතු සිදු කරන විෂය ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයෙකු වීමට හේතු විශේෂයෙන් දැක්වීමට වගබලා ගන්න

ඔබේ පාඨමාලාවේ මිල නියම කරන්න (මාසයකට සිසුවෙකු සඳහා සුදුසු පරිදි, eLearning.lk සහ ඔබ අතර ඇති ආදායම බෙදීයාම 50:50 ක් වන අතර, මිල ගණන් වලදී එය මතක තබාගන්න)

පියවර 4: ඔබේ පාඨමාලාව ප්‍රකාශයට පත් කරන්න

සුබපැතුම්! අපි ක්‍රියාවලියේ අවසානය කරා පැමිණ ඇත.දැන් එලබ ඇත්තේ ඔබේ පාඨමාලාවේ පළ කිරීමට  හා සිසුන් සැබවින්ම ඉගැන්වීම ආරම්භ කිරීමට කාලයයි.

සමාලෝචනය සඳහා ඔබේ පාඨමාලාව ඉදිරිපත් කරන්න. “Submit for Review”බොත්තම ක්ලික් කිරීම මගින්  සමාලෝචනය සදහා ඔබගේ පාඨමාලාව යොමු කරන්න.

සමාලෝචනය සඳහා ඔබේ පාඨමාලාව ඉදිරිපත් කර ඇති විට, E-learning Review කණ්ඩායම ඔබේ පාඨමාලාවට වැඩි අවධානයක් යොමු කර e-learning පාඨමාලා ගුණාත්මකතා පිරික්සුම් ලැයිස්තුවට   ( Course Quality Checklist ) අනුකූලව ඇගයීමට ලක් කරනු ඇත.

සමාලෝචන කණ්ඩායම ඔවුන්ගේ සමාලෝචනය සම්පූර්ණ කළ පසු, ඔබේ පාඨමාලාව පිළිබඳ යම් ප්‍රතිපෝෂණයක්/feedback ඔබට එවනු ඇත.

ගුණාත්මක පිරික්සුම් ලැයිස්තුවේ (Course Quality Checklist හි) “අත්‍යාවශ්‍ය” (Required) අංගයන්හි කිසියම් වූ වෙනස්කම් සිදු කිරීමට හෝ සම්පූර්ණ කිරීමට ඇත්නම් එය සිදු කර නැවත සමාලෝචනය සඳහා ඔබේ පාඨමාලාව ඉදිරිපත් කරන්න. ඔබගේ පාඨමාලාවට “අත්‍යාවශ්‍ය” අයිතම සියල්ල සම්පූර්ණ නම් වෙළඳපොළට නිකුත්  කරනු ලැබේ.

ඔබේ පාඨමාලාව පවත්වාගෙන යාම සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම , සහ සිසුන් පාඨමාලාව වෙත ආකර්ෂණය ගැනීම සඳහා අපත් සමග අදහස් හුවමාරු කරගන්න

ඔබගේ පාඨමාලාව නිර්මාණය කිරීමේ  සියලුම පියවර ක්‍රමානුකුලව අනුගමනය කිරීම සඳහා මෙම Google doc එක වෙත පිවිසෙන්න. ඔබ “File”–> “Make a Copy ” හෝ  “Download as .xlsx” යනාදී ලෙස තේරීම් සිදු කළ යුතු වේ. ඔබ විසින් පාඩම් මාලාව සකසා නිම කරන දිනය ඇතුළත් කළ පසු ඊට පෙර දිනයන් සැකසීම ස්වයංක්‍රීයව සිදුවනු ඇත.