ආයුබෝවන්. මම තුශාර දමිත්. මේ වන විට රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර පාලකවරයෙක් විදිහට සේවයේ නියුතු වෙනවා.
මම සත්තුන්ට සහ පරිසරයට ගොඩක් ආදරය කරන, පරිසරය එක්කම ජීවත් වෙන කෙනෙක්. මගේ දවස වැඩිපුරම ගෙවෙන්නේ අලි, කොටි, සිංහයො, ව්‍යාඝ්‍රයො වගේ දරුණු සතුන් එක්ක. මේ වීඩියෝ මාලාව තුළින් මම උත්සාහ කරනවා ලාංකීය සමාජය තුළ සමාජගතවෙලා තියෙන සතුන් පිලිබද මිත්‍යා මත නිවැරදි කරන්න සහ සතුන් සහ පරිසරය පිළිබද අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරන්න.