Facebook එකේ වාද විවාද කරගන්න ගිහින් කුණුහරපෙන් ඉවර වෙච්ච අවස්ථා ඕනේ තරම් ඇති. අපි අද මේ සාකච්චාවෙන් කතා කරන්නේ බෞද්ධ දර්ශනයට අනුව ව්‍යක්ත ලෙස වාද කර, තර්ක ගොඩනගා සත්‍යට වඩාත්ම ලං වෙන්නේ කොහොමද කියලා සොයා බැලීම.
මේ සදහා අපිත් එක්ක එකතු වෙන්නේ බර්ට්‍රම් ලියනගේ ඇදුරුතුමා. මෙන්න එතුමාගේ පැටිකිරිය:
අපේ කථා නායකයා, මූලික අධ්‍යාපනය ලබන්නෙ මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයෙන්. ඉන් පසුව මත්තුමගල විද්‍යාලෝක පිරිවෙනින් සහ මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙනින් වැඩිදුර අධ්‍යාපනය ලබනවා. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා එකතු වෙන්නෙ ජයවර්ධනපුර කලා පීඨයටයි. එතනදි විශේෂ උපාධිය සඳහා බෞද්ධ දර්ශනය ඉගෙන ගත්තත්, එය සම්පූර්ණ නොකර ඉවත් වෙලා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් නිලධාරියෙකු විදිහට සේවයට එකතු වෙනවා.
ගුවන් හමුදාවේ රැකියාව කරන වසර 5 අතරතුර රාජකීය පණ්ඩිත උපාධිය සඳහා අධ්‍යනයක් කරනවා. එය සමත් වෙන්නෙ 2010 වසරේදියි. මේ පණ්ඩිත උපාධිය සම්බන්ධයෙනුත් විශේෂ යමක් තියෙනවා. ඒ තමා, පණ්ඩිත උපාධියේ අදියර තුනම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමත් වුණු ලංකාවේ පළමු වැනියා වීම. ඉන් පසුව ගුවන් හමුදාවේ කරපු රැකියාවට සමු දීලා, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට සම්බන්ධ වෙනවා.
මොහුගේ ජීවිත කතාවේ ප්‍රධානතම සන්ධිස්ථානයක් විදිහටත් අපට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන හඳුන්වන්න පුලුවන්. මොකද මොහුගේ ශාස්ත්‍රීය ලෝකය නැවත අවදි වෙන්නෙ මේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන නිසයි. ඒ අවස්ථාව, මෙතුමාගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් විදිහටත් හඳුන්වන්න පුලුවන්. නැත්නම් මෙතුමාගේ අතින් මහා පරිමාණ ශාසනික වැඩ කටයුතු, මේ තරම් විශාල ප්‍රමාණයක් සිදු නොවෙනවා නොඅනුමානයි.
කාලයත් එක්කම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙන ශිෂ්‍යත්වයක් මාර්ගයෙන් මොහුට ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහිදී සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්න පුලුවන් වෙනවා.
ඒ අවස්ථාවෙත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අවුරුදු 14කට පස්සෙ ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලයට එකතු වුණු එකම න්‍යාය ශිෂ්‍යයා වෙන්නෙ මෙතුමා නිසා. ඉන් පසුව භාරතීය තර්ක ශාස්ත්‍රය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා ඉන්දියාවෙ ඉදලා නැවතත් ලංකාවට එන මෙතුමා, වර්තමානය වෙනකොට බෞද්ධ විශ්වකෝෂයේ නියෝජ්‍ය කර්තෘ ධූරය හොඹවනවා.
තවත් එකක් කියන්න ඕන. ඉන්දියාවේ කාලිදාස සංස්කෘත විශ්වවිද්‍යාලයයේ සංස්කෘත ශාස්ත්‍රීය සංග්‍රහයේ මෙතුමා සංස්කෘත භාෂාවෙන් ලියපු ශාස්ත්‍රීය ලිපියක් පළ කරනවා. ඒ, ලංකා ඉතිහාසයේ ලාංකිකයෙකුගේ සංස්කෘත භාෂා ශාස්ත්‍රීය ලිපියක්, ඉන්දියාවේ සංස්කෘත විශ්ව විද්‍යාලයකින් පල කරපු පළවෙනි සහ එකම අවස්ථාවයි.
අපේ කථා නායකයා මේ දවස්වල තවත් විශේෂ දේවල් කිහිපයකට සූදානම් වෙමින් ඉන්නවා. එයින් පළවෙනි කටයුත්ත විදිහට මේ අවුරුද්දේ කොරියාවේ බුසාන් වල පවත්වන්න නියමිත ජාත්‍යන්තර ධර්මකීර්ති සම්මේලනයේ හය වෙනි සැසියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් සිටීම හඳුන්වන්න පුලුවන්. මේ සම්මේලනය, බෞද්ධ තර්ක ශාස්ත්‍රය සහ බෞද්ධ ඥාන විභාගය කියන විෂයන් ආශ්‍රිතව පැවැත්වෙන ලෝකයේ වැදගත්ම සම්මේලනය විදිහට හඳුන්වන්න පුලුවන්.
මෙතුමා මේ සම්මේලනයට සහභාගී වීමෙත් විශේෂත්වයක් තියෙනවා. මේ සම්මේලනයට සහභාගී වෙන්න පුලුවන් වෙන්නෙ දැනට ඉන්න ප්‍රාමාණික සාමාජිකයෙක් විසින් නිර්දේශ කිරීමක් කළොත් විතරයි. ඒ අනුව 2020 අගෝස්තු මාසයේ 24 වෙනිදා ආරම්භ කරන්න නියමිත මේ සම්මේලනයට, ලෝක සහ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලාංකිකයෙක් සහභාගී වෙන්න නියමිතයි.
ඒ විතරකුත් නෙවේ. අවුරුදු තුනකට වතාවක් පැවැත්වෙන බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ සැසියත් මෙවර කොරියාවේදී පැවැත්වෙනවා. බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ලෝකයේ පවත්වන විශාලතම සම්මන්ත්‍රණයත් මේකම තමයි. වියතුන් 400කට අධික සංඛ්‍යාවක් තමන්ගේ පරීක්ෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්න මේ සම්මේලනය මෙවර නියෝජනය කරන්න කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අරුණ කේ. ගමගේ මහතා සමඟ මෙතුමාටත් වාසනාව ලැබිලා තියෙනවා.
මෙවර සමුළුවේදී අවුරුදු 20කට පස්සෙ තමයි ලංකාවේ නියෝජනයක් අපට දකින්න ලැබෙන්නෙ. ඒත්, එක නියෝජනයක් නෙවේ. නියෝජන දෙකක් ! මේ සමුළුවේදි අදාළ වෙන්නෙ බෞද්ධ අධ්‍යනය පැත්තෙන් අලුත් යමක් ඉදිරිපත් කිරීමයි.
ඒ අනුව අපේ කථා නායකයා බලාපොරොත්තු වෙනවා, බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ අනුපලබ්ධිය කාණ්ඩය යටතේ අලුත් සිද්ධාන්තයක් ලෝකයට ඉදිරිපත් කරන්න. මේ සිද්ධාන්තයට හේතු වෙන සියලුම තර්කයන් නිවැරදී කියලා, දැනටමත් සමුළුවේ බලධාරීන් අනුමත කරලා ඉවරයි. ඒ අනුව අවුරුදු 700කට විතර පස්සෙ බෞද්ධ තර්ක ශාස්ත්‍රයට, ශ්‍රී ලාංකිකයෙකු හරහා තවත් නොබෝ කලකින් අලුතෙන් යමක් එකතු වෙන්න නියමිතයි.