කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අඩාල වූ දහම් පාසල් අධ්‍යාපනය නැවත නගා සිටුවීම වෙනුවෙන් බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථ සිරි පඤ්ඤානන්ද දහම් පාසල ගත් කුඩා උත්සාහයක්...
8 ශ්‍රේණිය : දහම් පාසල් පාඩම් | Grade 8 : Dhamma School Lessons (Buddhism)
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අඩාල වූ දහම් පාසල් අධ්‍යාපනය නැවත නගා සිටුවීම වෙනුවෙන් බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථ සිරි පඤ්ඤානන්ද දහම් පාසල ගත් කුඩා උත්සාහයක්...
බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය කේන්ද්‍ර කරමින් ප්‍රදේශවාසීන්ගේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කරනු පිණිස දහම් පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේ 1942 වර්ෂයේ ජූලි මස 05 වන දින ය. එකල අප රටේ ආගමික අධ්‍යාපනය ඉතාමත් දුර්වල යුගයක් විය. සිසුන් 14කගේ සහභාගීත්වයෙන්, එවකට විහාරස්ථානයේ විහාරාධිපතිධූරය හොබවන ලද වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම දහම් පාසලට "සිරි සුජාතා දහම් පාසල" යනුවෙන් නම් තබන ලදී. පේමානන්ද හිමියන්ගේ අපවත් වීමෙන් පසුව 1978 වසරේ විහාරාධිපතිධූරයට පත් අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමියන්ද දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ අතර 2007 වසරේදී සිදු වූ උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව, උන්වහන්සේට උපහාර පිණිස වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අදහසකට අනුව, "සිරි පඤ්ඤානන්ද දහම් පාසල" ලෙස දහම් පාසල නම් කරන ලදී | www.paramadhamma.org
8 ශ්‍රේණිය : 2021.08.01
Preview