මේ නොමිළේ පාඨමාලාව ඔස්සේ අපි, ලෝකයේ සිද්ධ වෙන කාලීන සිද්ධීන්, විද්‍යාත්මක වටිනාකමක් ඇති සොයා ගැනීම්, අධ්‍යාපනික වටිනාකමක් ඇති ප්රවෘත්ති හා වඩාත් විචාරශීලීව ලෝකය දකින්න පුළුවන් විදිහේ විශ්ලේෂණ යනාදීය ගැන ඉතා කෙටි එහෙත් සම්පූර්ණ තොරතුරු වාර්තාකරණයක් ඔබ වෙත ගෙන එනවා.
අපි දෙයක් හරියට කරනවා නම් අපිට පුළුවන් සමාජයේ ආකල්පමය වෙනසක් කරන්න. විද්‍යාත්මක චින්තනය ඔසවා තබන්න. මොකද අලුත් අලුත් දෑ නොතනන, නොහිතන ජාතිය ලොව නොනගී කියලා අපේම කුමාරතුංග මුනිදාස මහත්මයා කිව්වට, අපේම අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ වෙලාවට නුහුරට හිතන අයගේ නිර්මාණශිලිත්වය බැඳ තබනවා. අපි ඒ බැමි වලින් මිදිලා නිදහසේ විද්‍යාත්මකව හිතන්න පටන් ගන්න උත්සාහයක් තමයි මේ.