සති හතරෙන් හින්දි ඉගෙන ගමු. ලෝක ජනගහනයෙන් මිලියන 340කට වඩා භාවිතා කරන භාෂාවක් වන හින්දි උගන්වන්න අපිත් එක්ක එකතු වෙන්නේ භාරතයේ මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයේ භාෂා හා කලා උපාධිධාරිණී තිළිණි මුණසිංහයි. වීඩියෝ පාඩම් 31ක් සහ PDF නිබන්ධන රැසක් ඇතුළත්...
Hindi Language in Sinhala | හින්දි භාෂාව සිංහලෙන්
හින්දි භාෂාව මුල සිට ඉතාමත් සරලව සිංහලෙන් පැහැදිලි කෙරෙන මෙම පාඨමාලාව සඳහා ඕනෑම වයස් සීමාවක සිටින කෙනෙකුට සහභාගී විය හැක. අවශ්‍යවන්නේ හින්දි භාෂාව ඉගෙනීමට ඔබ තුළ තිබෙන කැමැත්ත පමණි.
මෙම පාඨමාලාව හැදැරීම සඳහා ඔබට හින්දි භාෂාව පිළිබඳ මූලික දැනුමක් අවශ්‍යවන්නේ නැත. මෙම පාඨමාලාවෙන් හින්දි භාෂාව පිළිබඳව අත්තිවාරමේ සිටම දැනුමක් ලබා දෙනු ඇත.
හින්දි භාෂාව මුල සිට ඉතාමත් සරලව සිංහලෙන් පැහැදිලි කිරීම.
මෙම පාඨමාලාව අවසානයේදී ඔබට හින්දි භාෂාව පිළිබඳව මූලික දැනුමක් ලැබෙනු ඇත. මෙම පාඨමාලාවට සම්බන්ධ වන ඔබට හින්දි වර්ණ මාලාව, නාම පද, ලිංග භේදය, වචන භේදය, ක්‍රියා පද, සර්ව නාම, විභක්ති වර්ග, විශේෂණ පද, ක්‍රියා විශේෂණ පද, ව්‍යාකරණ, සම්බන්ධ වාචි, කාලය, ඉලක්කම්, වෙලාව, කාල වකවානු වැනි දෑ පිළිබඳව ඉගෙන ගත හැක.
එමෙන්ම හින්දි භාෂාව භාවිතයේදී නිතරම කියවෙන නෑදෑකම්, ශරීර අංග, එළවලු, පළතුරු හා ආහාර වර්ග, පාට වර්ග වැනි අත්‍යාවශ්‍ය වචන ඉගෙනීමටද අවස්ථාව ලැබේ.
පාඨමාලාවේ අවසාන පාඩම් කොටස්වලදී තමාව හඳුන්වා දීම සහ එළවළු මිළදී ගැනීම්, ඇදුම් මිළදී ගැනීම්, බස් හෝල්ට් එකේ සිටින අවස්ථාවලදී වෙනත් පුද්ගලයන් සමඟ හින්දි භාෂාවෙන් ප්‍රායෝගික ලෙස සංවාද ගොඩ නගන අයුරු පිළිබඳව ඉගෙනීමට හැක.
සති හතරෙන් හින්දි ඉගෙන ගමු. ලෝක ජනගහනයෙන් මිලියන 340කට වඩා භාවිතා කරන භාෂාවක් වන හින්දි උගන්වන්න අපිත් එක්ක එකතු වෙන්නේ භාරතයේ මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයේ භාෂා හා කලා උපාධිධාරිණී තිළිණි මුණසිංහයි. වීඩියෝ පාඩම් 31ක් සහ PDF නිබන්ධන රැසක් ඇතුළත්...
* Graduation in drama and theatre arts in viswa bharati university ,santiniketan, Kolkata. * Post graduation in drama and film studies in Mahatma Gandhi University, Wardha, Maharashtra. * Hindi foreign language 1 year diploma in Santiniketan, Kolkata. * Hindi diploma in Indian Cultural Center, Volombo