සරලව මුල සිටම ව්‍යාකරණ දැනුම සමඟින් ඉංග්‍රීසි කතා කිරීමට උගන්වන ප්‍රායෝගික පුහුණු පාඨමාලාවකි.
මෙම පාඨමාලාව පාඩම් 38කින් සමන්විත වන අතර මාස 2ක් වැනි කාලයක් තුල මෙහි උගන්වන ක්‍රමවේදයන්ට අනුව පුහුණු වීම තුලින් මූලික දැනුමක් නැති අයෙකුට උවද ඉංග්‍රීසි කතා කිරීමට ඉගෙන ගත හැකි වේ.
ඉංග්‍රීසි යනු භාෂාවක් මිස විෂයයක් නොවේ. ඉංග්‍රීසි කතා කිරීමට නම් ඔබ ඉගෙන ගත යුත්තේද භාෂාවක් ආකාරයටමයි. උදාහරණ හෝ දෙබස් කටපාඩම් කිරීමෙන් ඔබේ සිතට නැගෙන ඕනෑම අදහසක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කල නොහැක.
ඔබට කියන්නට අවශ්‍ය ඕනෑම දෙයක් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නට හැකිවෙන්න නම් ඔබ කල යුත්තේ තනිවම වාක්‍ය නිර්මාණය කර ගැනීමට සහ එම වාක්‍ය පැටලෙන්නැතුව කියන්නට ඔබේ මනස සහ දිව හුරු කර ගැනීමයි.
මෙම පාඨමාලාවෙහි තිබෙන සියළුම පාඩම් තුළින් ඔබට උගන්වන්නේ ව්‍යාකරණ නීති රීති භාවිතා කරමින් තනිවම වාක්‍ය නිර්මාණය කර කතා කිරීමට පුහුණු වෙන අකාරයයි.
ඔබේ ඉංග්‍රීසි දැනුම කුමන මට්ටමක තිබුනත් මෙහි උගන්වන ක්‍රමවේදයන් තුළින් අනිවාර්යෙන්ම ඔබටත් ඉංග්‍රීසි කතා කිරීමට ඉගෙන ගත හැකියි.
Course Includes
භය නැතුව ඕනෑම තැනක ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ඉගෙන ගන්න තිබෙන හරිම ක්‍රමවේදය තනිවම වාක්‍ය නිර්මාණය කරගෙන හිතට එන ඕනෑම අදහසක් නිදහසේ ප්‍රකාශ කරන්න ප්‍රායෝගිකවම පුහුණු වීමයි.
ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුරුදු උනේ පොඩි කාලෙ ඉදලම කනට ඇහුන වචන පැටලි පැටලි කතා කරන්න උත්සහා කරපු නිසා.
මෙම පාඨාමාලාව තුළින් ඔබට මඟ පෙන්වන්නේ සිංහල කතා කරන්න ඉගෙන ගන්න ඔබ විසින්ම භාවිතා කල පලපුරුදු ක්‍රමවේදය ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නත් භාවිතා කරන්නෙ කොහොමද කියලා.
ඔබ කල යුත්තේ පාඨමාලාව තුල උගන්වන සෑම ප්‍රායෝගික ක්‍රියාකාරකමක්ම ඒ අකාරයටම පුහුණු වීමයි. මේ සඳහා ඔබට අවශ්‍ය එකම සුදුසු කම වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට තිබෙන දැඩි අශාවත් ඒ වෙනුවෙන් කැපවීමට තිබෙන හැකියාවත් පමණයි.
ඔබ සූදානම් නම් කෙටි කාල සීමාවක් තුල ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න වෙහෙස මහන්සි වී වැඩ කරන්න, ඔබේ අරමුණ ජය ගැනීමට සුදුසුම පාඨමාලාව සමඟයි ඔබ සම්බන්ධ වී තිබෙන්නේ.
* සහභාගි වීමේ සහතිකයක් සහිතයි