ඔබත් ගොවිතැනෙන් ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම්, තමන්ගේම කෘෂිකාර්මික ව්යාපාරයක් ආරම්භ කරලා සාර්ථක ව්යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙනම්, මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
අපේ රටේ බොහෝ දෙනෙක් ගොවිතැන් කරනවා. නමුත් ගොවිතැන සාර්ථක ව්යාපාරයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන තියෙන්නේ සීමිත අවබෝධයක්.
මොන බෝගයද වගා කරන්න ඕනේ? වෙළඳපොළේ ඉල්ලුම තියෙන්නේ මොනවාටද? වියදම් පාලනය කරගෙන ලාභය වැඩි කරගන්නේ කොහොමද? තමන්ගේ අස්වැන්නට හොඳ මිලක් ලබාගන්නේ කොහොමද? මේ හැම ප්රශ්නයකටම ප්රායෝගිකව හිතන්නත්, නිවැරදි තීරණ ගන්නත් ඔබට මඟ පෙන්වන විශේෂ පාඨමාලාවක් දැන් ඔබ වෙනුවෙන්ම සූදානම්!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
• Hotline: 075 6 700 700 | WhatsApp Messages: 077 917 1350 / 075 987 3655 | Join WhatsApp Group
මේ පාඨමාලාවෙන් ඔබ ඉගෙන ගන්නේ බෝග වගා කරන ආකාරය විතරක් නෙවෙයි. ගොවිතැන ව්යාපාරයක් විදිහට සැලසුම් කරලා, වෙළඳපොළ හඳුනාගෙන, ලාභය වැඩි කරගෙන, දිගුකාලීනව දියුණු කරගන්නේ කොහොමද කියන එකයි. ඔබට ගැළපෙන බෝගය තෝරාගන්නේ කොහොමද? වගා කිරීමට පෙර වෙළඳපොළේ ඉල්ලුම පරීක්ෂා කරන්නේ කොහොමද? සැබෑ වියදම ගණනය කරලා ලාභදායීත්වය තීරණය කරන්නේ කොහොමද? ඒ වගේම, ඔබේ අස්වැන්න නිකම්ම අමුද්රව්යයක් විදිහට විකුණනවා වෙනුවට, අගය එකතු කළ නිෂ්පාදනයක් බවට පත් කරලා වැඩි ආදායමක් උපයාගන්නේ කොහොමද කියලත් ඔබට ඉගෙන ගන්න පුළුවන්.
තමන්ගේම නිෂ්පාදන සන්නාමයක් ගොඩනඟා ගන්න, ඇසුරුම්කරණය දියුණු කරන්න, අලෙවිකරණය කරන්න, Facebook, TikTok සහ WhatsApp වැනි ඩිජිටල් මාධ්ය හරහා පාරිභෝගිකයන් වෙත ළඟා වෙන්නත් මේ පාඨමාලාවෙන් මඟ පෙන්වීම ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි, කෘෂිකර්මාන්තයේදී මුහුණ දෙන්න සිදුවන අවදානම් හඳුනාගන්න, අනවශ්ය වියදම් අවම කරගන්න, අලාභවලින් ගොඩ එන්න සහ කුඩා පරිමාණයෙන් ආරම්භ කළ ව්යාපාරයක් ක්රමයෙන් විශාල කරගන්න අවශ්ය ව්යාපාරික දැනුමත් ඔබට ලබාගන්න පුළුවන්. නවීන තාක්ෂණය සහ කෘත්රිම බුද්ධිය භාවිත කරමින් කෘෂිකාර්මික ව්යාපාරයක් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කරගන්නා ආකාරය ගැනත් ඔබට දැනුම ලබාගත හැකියි.
මතක තියාගන්න! සාර්ථක කෘෂිකාර්මික ව්යවසායකයෙක් වෙන්න විශාල ඉඩමක් හෝ විශාල මුදලක් තිබීමම ප්රමාණවත් නැහැ. නිවැරදි අදහසක්, හොඳ සැලැස්මක්, වෙළඳපොළ පිළිබඳ අවබෝධයක් සහ නිවැරදි තීරණ ගැනීමේ හැකියාවත් අවශ්යයි.
කුඩාවට පටන් ගන්න. බුද්ධිමත්ව වර්ධනය වෙන්න. කෘෂිකර්මාන්තයෙන් වටිනා ව්යාපාරයක් ගොඩනඟන්න!
ඔබේ කෘෂිකාර්මික අදහස සැබෑ ව්යාපාරයක් බවට පත් කරගන්න අදම සූදානම් වෙන්න.
The Ultimate Agripreneur – ඔබේ ගොවිතැනට ව්යාපාරික දැක්මක්!
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
* පාඨමාලාවේ අඩංගු පාඩම් ප්රමාණයෙන් 25%කට වඩා නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බව කරුණාවෙන් සළකන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න
* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්රීයව අය කෙරේ
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)
* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ
* පාඨමාලාව යාවත්කාලීන වෙමින් පවතියි
Learn how to start, manage, and grow a profitable agricultural business with The Ultimate Agripreneur, conducted by Asika Pinsara Samarasekara. Explore agricultural entrepreneurship, crop selection, market research, farming economics, cost and profit analysis, financial planning, risk management, value addition, agro-processing, product development, branding, pricing strategies, supply chain management, distribution, digital marketing, AI in agriculture, sustainable farming, and business scaling. Discover practical strategies to turn small-scale farming into a successful agricultural enterprise in Sri Lanka.
Direct Bank Deposit
