ඔබත් උසස් අධ්‍යාපනයෙන් ඉහළට යන්න සිහින දකිනවද? වෘත්තීය ජීවිතයෙන් ඉහළට යන්න, එහෙමත් නැත්නම් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න.... ඒත් නැත්නම් දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න සිහින මවනවද?
ඒත් මේ ගමනේ සාර්ථකත්වයට බාධා එයි කියලා හිතේ චකිතයක් තියෙනවද? අනාගතයේ එන්න තියෙන අභියෝග වලට මුහුණ දෙන්න බයද?
එහෙනං මේ පාඨමාලාව ඔයාට ගොඩාක් වැදගත් පාඨමාලාවක්. කිසිම දෙයකට බය වෙන්න එපා. ඕනෑම දෙයක් සාර්ථක කර ගන්න නම්, පළමුව ඔබ, ඔබ ගැන විශ්වාසය තබා ගන්න. මේ වැඩසටහනෙදි අපි කියලා දෙනවා, ඒ දේ මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, හරියටම කරන්නෙ කොහොමද කියලා.
ජයග්‍රාහී මානසිකත්වය සෑම කෙනෙකුම ජීවිතයේ තිබිය යුතු දෙයකි. එවිට ඕනෑම කෙනෙකුට ජීවිතයේ ඕනෑම ඉලක්කයක් සපුරා ගත හැකිය.
ඔබ ඉගෙන ගන්නා දේවල්
- මිනිස් මනස ක්‍රියා කරනා ආකාරය
- ඔබේ ප්‍රතිරූපය වෙනස් කර ගන්නා ආකාරය
- ඔබේ යටි සිත ක්‍රියා කරවන ආකාරය
- ඔබේ ඉලක්ක ජය ගැනීමට නිරවුල් මනසක් සකස් කරගන්නා ආකාරය
- ඔබේ ඉලක්ක ජය ගැනීමට ඔබේ මානසිකත්වය කාර්යක්ෂම කරනා ආකාරය
ඔබ වෙනුවෙන්ම
මෙම පාඨමාලාවේ මිළ රු.4000ක් වූවත්, ඔබ වෙනුවෙන් උපදේශකවරයා මෙම පාඨමාලාව ලබා දෙනු ලබන්නේ රු.2999ක් වැනි මිළකටයි. මෙම පාඨමාලාව සඳහා වාරික වශයෙන්ද ගෙවීම් සිදු කළ හැක.
සහතික
සහභාගි වීමේ සහතිකයක් සහිතයි.