Course Structure

35 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

ඉගෙන ගන්නවා කිව්වම, පොතක් බලනවා කිව්වම, ගුවන්විදුලි හෝ රූපවාහිනී වාර්තාමය වැඩසටහනකට සවන් දෙනවා කිව්වම..... හැමෝටම මතක් වෙන්නෙ දැනුමක් ලබා ගැනීම කියන කාරණාව විතරයි. හැබැයි ඒ දේවල් වලින් දැනට තියෙන දැනුම ඔපමට්ටම් වෙනවා කියන එක මතක් වෙන්නෙ සුළුතරයකට විතරයි.

ලෝක ඉතිහාසයේ රසමුසු කතා අන්තර්ගත වෙන මේ "නොමිළේ" වැඩසටහන් මාලාවේ අපි සාකච්ඡා කරන්නෙ, ලෝක ඉතිහාසය ගැන ඔයාලා හොඳටම දන්න දේවල් ගැනයි. හැබැයි ඒ, දන්න දේවල් වල තියෙන, නොදන්න දේවල්. මේ විෂයන් ගැන දැනුමක් නැති අයට දැනුම ලබා ගන්න වගේම, දැනුමක් තියෙන අයට ඒ දැනුම ඔපමට්ටම් කරගන්නත් මේ වැඩසටහන් මාලාව ප්‍රයෝජනවත් වෙයි.   

සියලුම පාඨමාලා මෙතනින් බලමු

 

Meet Your Instructor

Danula Wickramaarachchi

2012 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ කලා අංශය ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටි මා 2013 වසරේ සිට 2016 වසර දක්වා ජාතික ව්‍යාපාර කළමනාකරණ විද්‍යාලය ඔස්සේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ උපාධියක් හැදෑරුවෙමි. උපාධිය හදාරන කාලය අතරතුර, එනම් 2015 වර්ෂයේදී පමණ, පුහුණුව ලබන UI Developer කෙනෙක් ලෙස වෙබ් අඩවි සහ මෘදුකාංග නිර්මාණය කරන ආයතනයක් වන Creative-2 ආයතනයට සම්බන්ධ වුණෙමි. 2016 වසරේ උපාධිය සම්පූර්ණ කිරීමත් සමඟම Creative-2 ආයතනයේ ස්ථීර පත්වීමක් ලද මා, 2019 වර්ෂයේ අවසානය වන තෙක්ම එම ආයතනයේ ප්‍රධාන UI Developer ලෙස සහ ප්‍රධාන SEO Analyst ලෙස සේවය කළෙමි. එම කාලය අතරතුර තවත් මෘදුකාංග නිර්මාණ සමාගමක් වන Fritoh ආයතනයේ UI Designer කෙනෙකු ලෙස සහ Full Stack Developer කෙනෙකු ලෙස මා තාවකාලිකව සේවය කළ අතර වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳව සේවාවන් සපයන මාගේම ආයතනයක්ද ආරම්භ කළෙමි. 2019 වර්ෂය අවසානයේදී Creative-2 ආයතනයෙන් සමුගන්න මා, මේ වන විට eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා දායකත්වය ලබා දෙමින් සිටිමි.

Lessons