හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Course එකක්. අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Microsoft Excel Software එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා.
පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.
සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං නරඹන්නත් පුලුවන්. ඒ වගේම අපේ WhatsApp Group එක හරහා ඔයාලට උපදේශකවරයා සමඟ වෙනත් දිනවල පවා සම්බන්ධ වීමේ පහසුකම් සලස්වලා තියෙනවා.
අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි. ඉතින් ඇයි තවමත් බලාගෙන ඉන්නෙ? ඔක්කොම විස්තර පහළින් දැනගන්න පුලුවන්.
* පාඨමාලා කාලය : මාස තුනකි
* ආරම්භක දිනය : 2022.02.26
* අවසාන දිනය : 2022.05.21
* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
* මාධ්‍යය : සිංහල
* විෂය නිර්දේශය : Click Here
පෙර දැනුම
• පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි
ඔබ ඉගෙන ගන්න දේවල්
• Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
• එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
• Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම
• දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
• දිගුකාලීන ප්රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
• විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
කවුරුන් සඳහාද?
• Microsoft Excel පිළිබඳව මූලික දැනුම ඇති, Microsoft Excel ගැඹුරින් ඉගෙනීමට කැමති, ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 | support@elearning.lk