පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න
AI සහ Lovable භාවිතා කරලා ඔබේ අදහස් සැබෑ ලෝකයේ භාවිතා කරන්න පුළුවන් බලවත් Web Applications බවට පත් කරගන්නා ආකාරය මේ පාඨමාලාවෙන් ඉගෙන ගනිමු. මේක සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික පාඨමාලාවක්. සාම්ප්‍රදායික Coding ක්‍රමවලට පමණක් සීමා නොවී, System Architecture සහ UI/UX Design වලින් පටන්ගෙන, AI සහාය ඇතිව Application Development, Multi-Portal Applications, User Management, Testing, Analytics සහ Deployment දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අත්හදා බලමින් ඉගෙන ගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. පාඨමාලාව අවසානයේදී, Vibe Coding භාවිතා කරලා සංකීර්ණ Web Applications නිර්මාණය කරන්න, ඒවා Launch කරන්න සහ අවශ්‍ය පරිදි අඛණ්ඩව වැඩිදියුණු කරන්න අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික හැකියාව ඔබට ලැබෙනවා.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 077 917 1350 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
පාඨමාලාව කා සඳහාද?
* Designers & Creators: Design කරන අය සහ Creative වැඩ කරන අයට තමන්ගේ අදහස් සහ designs, AI සහ natural language භාවිතා කරලා ඇත්තටම වැඩ කරන software එකක් බවට පත් කරගන්න මේ පාඨමාලාව උදව් වෙනවා.
* Startup Founders: Startup එකක් කරන අයට හෝ business එකක් run කරන අයට, තමන්ගේ ideas ඉක්මනින් prototype කරලා, වෙනස්කම් කරලා, test කරලා, production එකට launch කරගන්න මේක ඉතා ප්‍රයෝජනවත්.
* Freelancers: Freelancing කරන අයට තමන්ගේ services තවත් පුළුල් කරගන්නත්, clients ලාට complete web solutions ඉක්මනින් ලබා දෙන්නත් මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්න පුළුවන්.
* Product Developers: Product Managers සහ Developers ලාට idea එකක් පටන් ගත්ත තැන ඉඳලා live product එකක් බවට පත් කරන තුරු තියෙන process එක ගොඩක් වේගවත් කරගන්න මේ පාඨමාලාව උදව් වෙනවා.
* General Builders: විශේෂ coding background එකක් නැති වුණත්, AI භාවිතා කරලා තමන්ගේ අදහස් working web applications සහ software systems බවට පත් කරගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ පාඨමාලාව සුදුසුයි.
පාඨමාලාව අවසානයේ ඔබට මොනවා කරන්න පුළුවන්ද?
* Vibe Coding ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්
* Lovable වගේ AI code generation tools වලට natural language සහ නිවැරදි prompts ලබාදී, අවශ්‍ය විදිහට application එක develop කරගන්නත්, AI එකෙන් ලැබෙන output එක නැවත නැවත refine කරගන්නත් පුළුවන්.
* AI භාවිතා කරලා UI/UX Design කරන්න පුළුවන්
* Google Stitch වගේ AI design tools වලට නිවැරදි instructions ලබාදී, application එකේ functionality එකට ගැළපෙන professional UI components සහ interfaces නිර්මාණය කරගන්න පුළුවන්.
* Multi-Portal Systems Design කරන්න පුළුවන්
* එකම backend CMS එකක් භාවිතා කරලා, public website එකක්, advanced research search engine එකක් සහ Reddit වගේ community forum එකක් එකට වැඩ කරන විදිහට system එක design කරගන්න පුළුවන්.
* ඉක්මනින් Application එක Launch කරන්න පුළුවන්
* Lovable Cloud භාවිතා කරලා, සාම්ප්‍රදායික deployment සහ DevOps processes වල තියෙන සංකීර්ණතා අඩු කරගෙන application එක ඉක්මනින් live කරන්න පුළුවන්.
* Launch කළාට පස්සෙත් Application එක වැඩිදියුණු කරන්න පුළුවන්
* Application එක live කළාට පස්සේ analytics බලන්න, users ලාගෙන් feedback ගන්න, User Acceptance Testing කරන්න සහ AI සහාය භාවිතා කරලා application එකට අවශ්‍ය වෙනස්කම් අඛණ්ඩව කරන්නත් ඔබට පුළුවන්.