ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද?
* පාඨමාලා කාලය : සති 5කි
* ආරම්භක දිනය : 2022.11.10
* අවසාන දිනය : 2022.12.08
* දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
* වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
01 වන සතිය
ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම, ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය, ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම, ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංගික අනන්‍යතාවය, ලිංගික අපචාර, ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
02 වන සතිය
පුරුෂයින්ගේ සහ ස්ත්‍රීන්ගේ ශාරීරික මානසික සහ සිතුවිලි වල හැසිරීම, සාර්ථක විවාහ ජීවිතයකට මග පෙන්වන ආදරණීය ප්‍රේම සම්බන්ධතාවයන්. පෞර්ෂයන් සඳහා බලපාන සාමාජීය සහ සංස්කෘතික ආභාශයන්
03 වන සතිය
ආදරය-ස්පර්ශය සහ ලිංගිකත්වය, එකිනෙකාගේ ශක්තීන් සහ දුර්වලතා, එකිනෙකාගේ වෙනස්කම්, සමබරතාවය, ශක්තිමත් අදහස් හුවමාරුව, පවුල-මිතුරන් සහ සීමාවන්, ආධ්‍යාත්මික විශ්වාසයන්
04 වන සතිය
කේන්තිය පාලනය කිරීම, ප්‍රශ්න විසඳීමේදී නිර්මාණශීලී වීම සහ නම්‍යශීලී වීම, ආරවුල් පාලනය කිරීම, සහකරු හෝ සහකාරියව පාලනය කිරීම, සහකරු හෝ සහකාරියව වෙනස් කිරීම
05 වන සතිය
දරුවන් බලාපොරොත්තු වීම, මානසික සහයෝගය, ආර්ථික කළමනාකරණය, විවාහය සහ නිවස සැලසුම් කිරීම, ශ්‍රී ලංකාවේ විවාහ නීති, සමාජශීලී වීම සහ අපචාර/ගැරහුම්
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සහභාගී වූ eLearning.lk අපගේ සාකච්ඡාමය වැඩසටහන් මෙතනින්