මූලික වීජ ගණිතය | Basic Algebra for Secondary Classes
නිඛිල සුළු කිරීම
වීජීය ප්‍රකාශන සුළු කිරීම.
සරල සමීකරණ
වීජීය ප්‍රකාශනවල සාධක
සූත්‍ර
මෙහි දැක්වෙන්නේ මෙම පාඨමාලාව හැඳින්වීම යි.
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ගණිත විෂය නිර්දේශය පුරා ආවරණය වන සියලුම වීජ ගණිත කොටස් සහ ඒ හැදෑරීමට අවශ්‍ය වන අනෙකුත් මූලික දැනුම මෙහි අන්තර්ගතයයි. දේශන පමණක් ම නොව වීඩියෝ, ප්‍රශ්ණාවලි, ppt ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මගින් මෙම විෂය නිර්දේශය ආවරණය වේ.
පාඨමාලාවේ අරමුණු :
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ 25%කට ආසන්න ප්‍රමාණයක් සැකසෙන්නේ වීජ ගණිත කොටස් මගිනි. නමුත් 10 , 11 ශ්‍රේණි සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ විජ ගණිතය ට අදාළ මූලික දැනුම නොමැති වීමෙන් 10,11 විෂය කරුණු අවබෝධ කර ගැනීමේ අපහසුතාවයයි. එම අපහසුතාවය මග හැර වීජ ගණිත ඒ කොටස් සරලව අවබෝධ කර ගැනීමේ හැකියාව ලබා දීම මෙම පාඨමාලාවේ අරමුණ යි.
දැනට 7,8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා වීජ ගණිත කොටස් සඳහා ඉතා සරල පැහැදිලි කිරීම් මෙන්ම ක්‍රියාකාරකම් ද සැකසූ ප්‍රශ්න සහ පිළිතුරු මගින් ද විස්තර කරමින් සිසුන් අවබෝධාත්මක ක්‍රියාකාරකම් වලට යොමු කිරීම දෙවන අරමුණ යි.
ඊට අමතර ව වීජ ගණිතය හැදෑරීමට කැමැත්තක් දක්වන ඕනෑ ම අයකුට ඊට අදාළ මූලික දැනුම ලබා දීම තවත් අරමුණකි.
Please enroll to this course to proceed.
Comments