මෙවර AAT දෙවන අදියරයේ විභාගයට පෙනී සිටින සිසුන් වෙත අපි ගෙන එන ලොකුම තෑග්ගක් මෙන්න...
වෘත්තීය පන්ති කලාව නැවුම් මානයකට යොමු කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය විභාග ක්ෂේත්‍රයේ පළපුරුදු ආචාර්යවරුන් දෙදෙනා බැගින්, එකවර උගන්වනු ලබන මෙම විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාව අපි ඔබට තිළිණ කරන්නේ, කිසිම ගාස්තුවක් අය නොකර, නොමිලේ පාඨමාලාවක් ලෙසයි.
සියලුම ප්‍රශ්නපත්‍ර සාකච්ඡා නරඹා මෙම පාඨමාලාවේ "Online Papers" කොටසේ අප සූදානම් කර තිබෙන MCQ ප්‍රශ්නපත්‍ර හතරටම පිළිතුරු සපයන්න (ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීමට පෙර, උපදෙස් කොටස හොඳින් කියවා සිටිය යුතුයි). වැඩිම ලකුණු ලබා ගන්න 10 දෙනාට, රු.25,000ක් වටිනා අපගේ AAT තුන්වන අදිරයේ Online පන්ති සම්පූර්ණයෙන්ම ගාස්තු රහිතව නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලැබේ.
ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු ලබාදී මෙම නොමිලේ ශිෂ්‍යත්වයන් ලබා ගැනීමට නම්, ඔබ මෙහි ඇති ව්‍යාපාර නීතිය, ව්‍යාපාර කළමනාකරණය, අංකිත (ඩිජිටල්) පරිසරයේ තොරතුරු පද්ධති, උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය යන සියලුම විෂයන්වල ප්‍රශ්නපත්‍රවලට, 2024 ජූලි මස 22 වන දිනට පෙර පිළිතුරු ලබා දී තිබිය යුතුයි. ජයග්‍රාහකයින් දස දෙනාගේ ජයග්‍රහණ ගැන අපගේ WhatsApp Group එක ඔස්සේ ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
එන්න, අදම ඔබ මේ වෙනස බලන්න. ඔබට නව අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි!
වැඩි විස්තර සඳහා: Join WhatsApp Group | 075 6 700 700 | All AAT Courses
ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැපයීමට උපදෙස්
01. වැඩිම ලකුණු ලබා ගන්නා 10 දෙනාට හිමිවන AAT අදියර තුන eLearning.lk නොමිලේ ශිෂ්‍යත්ව ලබා ගැනීමට නම්, ඔබ විසින් පහත Lessons කොටසේ ඇති සෑම විෂයකටම අදාළ එක් එක් පරිච්ඡේදයන්වල අවසානයේ ඇති MCQ ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයීම සිදු කළ යුතුය.
02. ඒ අනුව ව්‍යාපාර කළමනාකරණය සඳහා වන ප්‍රශ්නපත්‍රය 2024 ජූලි 06 වන දින සිට ජූලි 08 වන දින දක්වාද, ව්‍යාපාර නීතිය සඳහා වන ප්‍රශ්නපත්‍රය 2024 ජූලි 09 වන දින සිට ජූලි 11 වන දින දක්වාද, අංකිත (ඩිජිටල්) පරිසරයේ තොරතුරු පද්ධති සඳහා වන ප්‍රශ්නපත්‍රය 2024 ජූලි 12 වන දින සිට ජූලි 14 වන දින දක්වාද, උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය සඳහා වන ප්‍රශ්නපත්‍රය 2024 ජූලි 19 වන දින සිට ජූලි 21 වන දින දක්වාද එළිදැක්වීමට නියමිතය
03. සෑම ප්‍රශ්නපත්‍රයකම බහුවරණ උත්තර 4කින් සමන්විත ප්‍රශ්න 20ක් ඇති අතර මිනිත්තු 20ක කාලයක් ඇතුළත පිළිතුරු සැපයීම කළ යුතුය
04. ඔබට එක් ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු සැපයීමට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණි
05. ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීමට පෙර ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ස්ථාවර බව පිළිබඳව මෙන්ම ප්‍රදේශයේ අඛණ්ඩ විදුලි සැපයුම සහ කාලගුණය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්
06. තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා 075 6 700 700 දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න. එසේත් නොමැති නම් WhatsApp Group එකේ පණිවිඩයක් යොමු කරන්න. සඳුදා සිට සිකුරාදා දක්වා (පොහෝ දිනයන් සහ ජාතික නිවාඩු දිනවල හැර), උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා අපගේ තාක්ෂණික කණ්ඩායම සහ පාරිභෝගික සේවා අංශය ඔබ වෙත සහාය ලබා දීමට සූදානම්!
07. එක් එක් ප්‍රශ්නපත්‍රය වෙත පිවිස Attempt Quiz Button එක Click කිරීමෙන් ඔබට විභාගය සඳහා සහභාගී විය හැක
08. එමෙන්ම අවසාන අදියරේදී ප්‍රශ්න පත්‍රය Submit කිරීමට පෙර නැවත වරක් සැපයූ පිළිතුරු පරීක්ෂා කර බලන්න
We are excited to offer something special for students taking the AAT Phase II exam this year. We are providing a series of discussions on exam papers, led by experienced teachers, and it is all completely free.
You can watch these discussions and then try answering four multiple-choice question papers in the "Online Papers" chapter of the course. Just be sure to read the instructions carefully before attempting the papers.
The top 10 highest scorers will win scholarships for our AAT Level 3 Online classes at no cost. To qualify for the scholarships, you must complete all the question papers for all the subjects; Business Law, Business Management, Information Technology, and Accounting by midnight on August 2024. We will announce the winners in our WhatsApp Group.
Join us and experience the difference firsthand!