කෝපය කළමනාකරණය

“අනේ හාමුදුරුවනේ මට පිහිට වෙන්න. මගේ අතින් “දරුවා මැරෙයි” කියලා හිතෙන තරමට මට කේන්ති යනවා” යනුවෙන් දීර්ඝ විස්තරයක් inbox කර තිබුනේ එක් මවක් විසිනි. ?

“මෙන්න මේ කියන වෙලාවල් එකක, call 1 ගන්න” යනුවෙන් මම ද පිළිතුරක් තැබුවෙමි. ?

එයින් එක් වෙලාවක ඇය ඇමතුමක් ගත්තාය.

“තෙරුවන් සරණයි” මම කීවෙමි. ☸️

“තෙරුවන් සරණයි හාමුදුරුවනේ” “මම ඔබවහන්සේගේ ලිපි කියවලා තමයි කතා කරන්න හිතුවේ….” ඇය කීවාය.?

“හොඳයි, කියාගෙන යමුකො…” ?

@elearninglk

ඇය විසින් ඉදිරිපත් කරන ලද දුක් ගැනවිල්ලෙහි සාරාංශය මෙසේ ය.

? පෙර රස්සාවක් කළ – දැන් රැකියා විරහිත බබා බලාගන්නා මවකි.

? සැමියාගෙන් පෙර තරම් ආදර සැලකිල්ලක් නැත. ඇය තමා කැත වී ඇතැයි සිතයි.

? පදිංචිය නැන්දම්මාගේ නිවසෙහි ය.

? අතේ මුදල් ද නැත.

? තරහා ගිය විට එය දරුවා පිටින් පිටවීම සුලබව සිදුවේ.

“පළවෙනි කාරණය තමයි ලමයෝ, severe anger එකක් නම් ඔයාට බෙහෙත් ගන්න වෙනවා psychiatrist කෙනෙක් හම්බෙලා . අපි බලමු මගේ ක්‍රමවේදය අනුගමනය කරලා ඔයාට ඔය කෝපයෙන් මිදෙන්න පුළුවන් ද කියලා.” මම කීවෙමි. ?

“ඇයි හාමුදුරුවනේ එහෙම කීවේ….” ඇය ඇසුවාය. ?

“මොකද සමහර අම්මලාට after delivery depression තත්වයක් එන්න පුළුවන්. එ අයටත් බෙහෙත් ගන්න වෙනවා ඔය කෝපය පාලනය කරගන්න” “උපදේශනයෙන් විතරක් අමාරුයි.” මම කීවෙමි. ?

“එහෙමයි” ඇය කීවාය.

“හොඳයි කොලයක් පෑනක් ගන්නකො. මම කියන එව්වාගෙන් වැදගත් කරුණු ඔයා ලියා ගන්න” මම කීවෙමි. ?

“පළවෙනියට කෝපය ඇතිවෙන සැටි සහ කෝපයේ තියෙන අවාසි තත්ත්වය ගැන දැනගෙන ඉමු, මොකද ඔයාගේ ආකල්පමය වෙනසක් සිදුවීම, Anger management වලට උදව්වක් වෙනවා.” මම කීවෙමි.

“එහෙමයි”

“දැන් ඔයා දැනගන්න ඕනේ, ඇයි තරහා ගැනීම හොඳ නැත්තේ කියලා…” ඔයාට අනුව ඇයි තරහා ගැනීම හොඳ නැත්තේ” මම ඇසුවෙමි. ?

“බබාට නරකක් වෙයි කියලා හාමුදුරුවෙන්…” ඇය කීවාය.?

“ඒ එකක්, තව මහා ගොඩාක් තියෙනවා. ඉස්සර වෙලා ඒ ටික දැනගෙන ඉමු.” එතකොට තමයි තරහා ගැනීම තමන්ට පාඩුවක් නේද කියලා හිතෙන්නේ”

“එහෙමයි” ඇය කීවාය.

“භය සහ කෝපය කියන දෙකම අපේ ආරක්ෂාවට, අපේ ශරීරයේ තියෙන “අනුවේගී ස්නායු පද්ධතිය (sympathetic nervous system) ක්‍රියාත්මක වීමෙන් අපට ලැබෙන දෙයක්.”?

“ඒ කීවේ හාමුදුරුවනේ…” ඇය ඇසුවාය.

“ඒ කියන්නේ… රෞද්‍ර බල්ලෙක් පන්නාගෙන එන විට අපිට සාමන්‍ය ප්‍රමාණයට වඩා දුවන්න වේගය ලැබෙන්නේ, ඒ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වීමෙන්. ඒතකොට වෙන්නේ ආරක්ෂාවනේ. “

“එතකොට කෝපයෙන් මොකද්ද වාසිය ?” ඇය ඇසුවාය. ?

“ අපි අවුරුදු මිලියන ගානක්ම දඩයම් යුගයේ ඉදන් ද්වන්ධ සටන්, අක්‍රමණ වල ඉදන්නේ එන්නේ… එතකොට සතෙක් එක්ක හෝ මිනිහෙක් එක්ක සටනක්, පොර බැඳීමක් ඇති වුනාම, අපට කේන්තිය ආවොත් තමයි, ඒ සටනට වෙන වෙලාවට නැති හයියක් ලැබෙන්නේ. එතකොට කෝපය නිසාත් ක්‍රියාත්මක වෙන්නේ අනුවේගී පද්ධතිය” මම කීවෙමි.

“එහෙමයි, තරහා ගියාම වෙන වෙලාවට නැති හයියක් නම් එනවා තමයි. මහත්තයාව උනත් උස්සලා පොළවේ ගහන්න තරම් හිතයි…” ඇය හඬ බාල කොට කීවාය. ?

“කෝපය ඇතිවීම සම්බන්ධ, ධර්මානුකූල සූත්‍ර විග්‍රහය ඔයා කියවලා නේද ආවේ.” මම ඇසුවෙමි. ☸️



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“එහෙමයි… අර “ප්‍රාදේශිය සභා නෝනා” කියන ලිපිය නේද අපේ හාමුදුරුවනේ…” ඇය කීවාය. ☸️

“අන්න හරි… ඒකත් මේකට හරිම වැදගත්. තව සැරයක් බලලා, තරහා ගැනීම පිළිබඳ ‘යෝනිසො මනසිකාරයට” එන්න. ඒ කියන්නේ තරහා යනවා, තරහා ගියා මට කියන අවබෝධයට එන්න. මොකද තරහා අපි හැමෝටම ඇතිවෙනවා. නමුත් ඒ ගැන දැනගෙන විනාඩි 2කෙන් 3න් නැවත සාමන්‍ය තත්ත්වය ඒම තමයි අපි පුරුදු කරන්න ඕනේ. නැතුව තරහා නොයන මිනිස්සු නැහැ.” ?‍♂️

කේන්තියාම ස්වභාවිකයි. එහි රැදී සිටින වෙලාව අඩුකරගැනීම තමයි උපදේශකයෙකුගේ සහය අවශ්‍ය වන්නේ. ?‍♂️

“එහෙමයි” ඇය කීවාය.


Click on the Image

“දැන් දන්නවානේ අපේ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් තමයි තරහා ඇති වෙන්නේ කියලා… එතකොට නිතර නිතර මේ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වීම ඉතා අහිතකරයි. “

“ ඒ ඇයි හාමුදුරුවනේ…”

“එහෙනම් අපි ලියාගමු, තරහා ගැනීමේ තියෙන “අහිතකර තත්ත්වයන් 3ක් ගැන. “ලියාගන්න, තේරුම් ගන්න. එහෙම තේරුණෙ නැත්තං අහන්න. හොඳද?”

“එහෙමයි.”

අහිතකර තත්ත්වයන් වර්ග 3ක් තියෙනවා.
? අභ්‍යන්තර හානි
? භාහිර හානි
? නොපෙනෙන හානි

අභ්‍යන්තර හානි කියන වර්ගයට තමයි ඔය අනුවේගී පද්ධතිය නිතර නිතර ක්‍රියාත්මක වීමෙන් සිදුවෙන හානි ටික වැටෙන්නේ.

? සමට රැධිර සැපයුම අඩු කරනවා.
? ආහාර මාර්ගයට රැධිර සැපයුම අඩු කරනවා.
? ආහාර ජීරණ ක්‍රියාවලිය නවත්තලා දානවා.
? ආහාර දිරවීමට ආදාළ යුෂ නිපදවීම නවත්තලා දානවා.
? හෘද ස්පන්දනය වේගය වැඩි කරනවා.
? රුධිර පීඩනය වැඩි කරනවා.
? රුධිරයේ ග්ලුකෝස් මට්මට වැඩි කරනවා.

“ මේ වගේ එව්වා. තියෙනවා. ඉතිං එව්වා හොඳයි ද? මම ඇසුවෙමි.

“නැහැනේ හාමුදුරුවනේ… “ ?

“ඔය තරහා ගියාම කැත වෙනවා කියන්නේත්, මේ කියන හේතු බලපානවා. විශේෂයෙන් සමේ ආසාධන බහුලව එනවා අධිකව කෝප ගන්නා අයට. ඒ වාගේම කළු වෙනවා. “

“එහෙමයි”

“තව තියෙනවා අභ්‍යන්තර හානි” ?
(ඊළඟ ලිපියෙන් ඒ ටික කතා කරමු.)

සටහන
සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.