කෘතිම වනාන්තර ප්‍රායෝගිකද?

සිංහරාජ වනාන්තරයේ ඉතිහාසය මීට වසර මිලියන 200 සිට වසර මිලියන 145 දක්වා කාලයක (ජුරාසික් යුගය) ඇරඹෙන්න ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ මතයයි.

ඒ අනුව, සිංහරාජ වනාන්තර විනාශයට පිළියමක් ලෙස කෘතිමව වනාන්තරයක් නිර්මාණය කළත්, ඒ කෘතිම වනාන්තරය, දැනට අපට දක්නට ලැබෙන සිංහරාජ වනාන්තරයේ තත්වයට පැමිණීමටත්, ජීවී අජීවී ජෛව විවිධත්ව පද්ධතියක් නිර්මාණය වීමටත් වසර මිලියන ගණනක් යයි.

නෙරූ ශාඛ, වියන් ස්ථරය, උප වියන් ස්ථරය, පදුරු ශාඛ සහ යටි වගාව ලෙස සිංහරාජ වනාන්තර පද්ධතියේ ස්ථර පහක් දක්නට ලැබේ. මේ සෑම ස්ථරයක්ම, අනෙකුත් ස්ථර සමග අන්තර් සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන තිබේ (උදා- පදුරු ශාඛ ස්ථරයේ වැලක්, නෙරූ ශාඛ ස්ථරයට ගස් කදන් වල එතී ගමන් කිරීම).

එබැවින් කෘතිම වනාන්තරයක් නිර්මාණය කර වසර මිලියන ගණනක් ගත වූවද ස්වභාවිකව සහ ප්‍රාථමිකව ඇතිවෙන වනාන්තර පද්ධතියක තිබෙන ජෛව ගෝලයට සම කළ නොහැක.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...