පුරුෂ ලක්ෂණ – දෙවන කොටස

පුරුෂ ලක්ෂණ – පළමු කොටස

“අපේ හාමුදුරුවො, මේ photo එක දැක්කද?”
මගේ ලිපි කියවන්නියක විසින් මෙසේ අසන ලදී.

“ඔය පල කරලා තියෙන අදහස ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ? ඇය ඇසුවාය. ?

“මම හැමදාම කියන දෙයක්, “ගැහැණු සහ පිරිමි” කියන්නේ වෙනස් දෙගොල්ලක්, මේ අය ලෝකය දකින විදිහ දෙකක්. නමුත් අපි ඒක අමතක කරලා තමයි, අපේ සම්බන්ධතා පවත්වාගෙන යන්නේ.

“ දැන් මට කියන්නකො ගැහැනු පිරිමි සම්බන්ධතා පටන් ගන්නේ, මුලින්ම කොයි වයසකදී ද?” ?

“ම්ම්ම් teen age කාලෙනේ.” ඇය කීවාය. ?

“ඒ කියන්නේ වයස අවුරුදු 12 පස්සේ. එතකොට ඇයි ඊට කලින් ගැහැනු පිරිමි ලමයි සම්බන්ධතා නැත්තේ? මම ඇසුවෙමි.

“ ඒ ඉතිං අපේ හාමුදුරුවනේ… ඇඟ ඊට සුදානම් වෙලා නැතිකම නේද? ඇය කීවාය. ?

“අන්න හරි. ඇඟ සූදානම් නැතිකම. තවත් විදිහකින් කීවොත් sex hormones සූදානම් නැති කම…”

“එහෙමයි. පිරිමින්ගෙ නම් testosterone, ගෑනුන්ගේ නම් estrogen” ඇය කීවාය. ?

“අන්න හරි, ගැහැනු ලමයි නම් පළවෙනි ඔසප් වීම සිද්ධ වෙන්න ඕනේ. ඉතිං ඇයි ශරීරය මේ hormones නිපදවන්නේ?”

“වර්ගයා බෝ කරන්න ඕන නිසා නේද අපේ හාමුදුරුවනේ…”

“ආන්න හරි. අපි හැමෝම… මේ වෙනකොට දැඩි ලෙස අමතක කරපු දෙයක් තමයි, ස්වභාව ධර්මයා අපට ලිංගික එකතුවීම කියන එක ලබා දෙන්නේ, වර්ගයා බෝ කිරීමට.”



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“චුටි කාලේ ඉදන් පිරිමි ලමයින් එක්කම ඉන්න පිරිමි, ගැහැණු ලමයින්ට ආකර්ෂණය වෙන්න ගන්නේ ඔන්න ඔය ස්වභාව ධර්මයේ ක්‍රියාවලියට යටත්ව.

“එතකොට අපේ හාමුදුරුවනේ “ආදරය” නිසා නෙවෙයි ද? ඇය ඇසුවාය. ?

“ඒක තමයි මේකේ තවත් සිද්ධ වෙච්චි බරපතළ මූලාව.”

“දැන්… ආදරය නම් ඔතන මූලික, ශරීරයේ ඔසප් වීම් හා හෝර්මොන වර්ධනය වීම් අවශ්‍ය නෑනේ. අපි අමතක කරනවා, අපිත් පෘථිවියේ ඉන්න සත්තු ජාතියක් කියලා. එතකොට සියලුම සතුන්ගේ වර්ගයා බෝ වීමේ ක්‍රියාවලියම තමයි අපිත් අනුගමනය කරන්නේ. ඇත්තටම සිද්ධවෙන්නේ නව යෞවන යෞවනියො එකිනෙකට ආකර්ෂණය වීමක්නේ. විරුද්ධ ලිංගික ආකර්ෂණය වීමක්. ඒක තමයි ස්වභාව ධර්මයේ නියාමය. ආදරය විතරක් නම් තියෙන්නේ, පිරිමි පිරිමි ලමයි ඔය කාලේ එකිනෙකාට ආකර්ෂණය වෙන්න ඕනනේ. 99% එහෙම වෙන්නෑනේ. සරලව කීවොත් ලිංගික හැගීම් මෝරන අවධිය තමයි ඔය ප්‍රේමය පටන් ගන්නා අවධිය කියන්නෙත්. ඒක ස්වභාවිකයි. අපි දැන් ඒ ස්වභාවික ක්‍රමයට විරුද්ධව යාමයි ගැටලුව.”

“ඒ කීවේ අපේ හාමුදුරුවනේ…” ?

“සිද්ධාර්ථකුමාරයා විවාහ වෙන්නේ වයස අවුරුදු 16. සුද්දා ලංකාවට එනතුරුම, ගැහැණු ලමයි 14/15 වෙද්දිම විවාහ වුනා. ඒ කියන්නේ ස්වභාවධර්මයේ ක්‍රමවේදය.” එතකොට දැන් ඒක ළමා අපචාරයක් වෙනවා. හැබැයි ස්වභාව ධර්මයට අනුව ඒක එහෙම නැ.” ?

“එතකොට අපේ හාමුදුරුවෙනේ ඔතැන “ආදරයක් නැද්ද” ? ඇය ඇසුවාය. ?

“ඇත්තටම කීවොත් නැ. කියන්නත් බැ. තියෙනවා කියන්නත් බැ.” මම කීවෙමි.

“ආදරයක් අපට නම් තියෙනවා හාමුදුරුවනේ…” ඇය කීවාය.

“ඔව් ගැහැනු පිරිමි දෙකක් කිවේ එකනේ. දැන් එතකොට, ගැහැනු ලමයිගේ මොනවා දැකලා ද පිරිමි ලමයි කැමති වෙන්නේ… මුලින්ම. ?


Click on the Image

“ පෙනුමනේ… රූපය” ?

“අන්න හරි. රූපය. ඔය කාරණාව අංගුත්තර නිකායේ මාතු ගාම සංයුත්තයේ නොයෙකුත් විදිහට කියනවා. ඒ කිවේ පුරුෂයෙකුට මනාපචාරී වෙන ගැහැණියකගේ ලක්ෂණ 8න් එකක් සහ 5නුත් එකක් විදිහට “රූපය තියෙනවා. ඒ වාගේම කාන්තාව සතු ‘බල 5න්’ එකක් විදිහටත් “රූප බලය’ තියෙනවා.

“එහෙමයි….”?

“ඒ විතරක් නෙවෙයි ඒ අංගුතර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වෙනවා. පුරුෂයෙකුටගේ සිත යටපත් කරගෙන ඉන්න වෙන කිසි දෙයක් නෑ ස්ත්‍රින්ගේ රූපය තරමට කියලා…

( නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්‌සයාමි, යං ඒවං පුරිසස්‌ස චිත්තං පරිදාය තිට්‌ඨති. යථඉදං භික්‌ඛවේ ඉත්ථිරූපං…)

“ දැන් මේක තියෙන්නේම බහුවචනයෙන්, ඒක වචනයෙන් නෙවෙයි. ඒ නිසා එක ස්ත්‍රියක් කියලත් නැහැ. පේනවානේ මේ පොස්ට් එකේ තියෙන අදහස හරි කියලා ඒකෙන්.”

“ඉතිං හාමුදරුවනේ ඒක හරි ගැටලුවක්නේ…” ඇය කීවාය.

“ඒක හරි. ගැටලුවක්. ඉතිං ඒකනේ බැඳීම් දුකයි කියන්නේ. තමන්ට ඕනේ විදිහට පවතින්නෑ. ඒකට හේතුව ආපහු මුලට ගියාම හොයාගන්න පුළුවන්. ”

“ ඒ මොකද්ද හාමුදුරුවෙනේ…”

“ඇයි ඉතිං පිරිමි ලමයි ගෑනු ලමයින්ට ආකර්ෂණය වෙන්නේ… ස්වභාව ධර්මයට අනුව?

“වර්ගයා බෝ කරන්න.” ඇය කීවාය. ?

“ඒකට මොකද්ද කරන්න ඕනේ. ලිංගිකව හැසිරෙන්න එපැයි. දැන් එතකොට බොරු කතා අයින් කරලා, හරය බැලුවාම පේනවා, හැඟීම් වලින් හොර්මෝන වලින් වර්ධනය වෙන නව යෞවනයෙකුට ඕනේ, යෞවනියක සමඟ අර කුතුහලය සහිත ලිංගික කාර්ය කරගන්න. වර්ගයා බෝ කිරීම කියන මහාපොදු සාධකයට දායක වෙන්න.”

“එහෙමයි.” ?

“ඉතිං ඔයාලා ඒකට කැමැති ද?

“ මොකේටද ? ඇය ඇසුවාය. ?

“ඔය කියන නව යෞවනයාගේ අවශ්‍යතාව ඉෂ්ට කරන්න. කුතුහලයනැති කරගන්න සහය වෙන්න”

“අපොයි හාමුදුරුවනේ… එහෙම කොහොමද ඉඩ දෙන්නේ.” ඇය කීවාය

“ ඇයි ඉඩ නොදෙන්නේ…” මම ඇසුවෙමි. ?

“ඉතිං හාමුදුරුවනේ එයාල නම් එව්වා කරගනී. අපිනේ අවලාද බැනුම් අහන්න වෙන්නේ… අපහාස විදින්නේ…

“ඔයාල මොකක් නිසාද අවලාද අහන්නේ… ? මම ඇසුවෙමි.

“pregnant වුනොත්” ?

“අන්න මට අවශ‍්‍ය වචනය. හැමෝම අමතක කරපු දේ තමයි, නව යෞවනයෙකුට සහ යෞවනියකට හෝමොර්න උත්තේජනය එකසේ ලබා දුන්නාට, ඒ කුතුහලය විදගන්න ඕනේ උනාට, පිරිමින්ට හීනෙනවත් නැති බයක් ගැහැනු දරුවන්ට තියෙනවා. ඒ තමයි ගැබ් ගැනීමේ බය. මෙන්න මේක නිසා ගැහැනු ලමයි පසු බසිනවා. ?

පිරිමින්ට හීනෙනවත් නැති, එහෙත් ගැහැනු දරුවන්ට තියෙන තවත් බයක් තමයි, සමාජ අවලාද, අපහාස නින්දා. ?



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඒ වාගේම ආසියාතික පිරිමින්ට හීනෙන්වත් නැති ගැහැනු දරුවන්ට තියෙන තවත් බයක් තමයි, කසාද බැදපුවාම නැන්දම්මලා ඉස්සරහා ඔප්පු කරන්න සිද්ධවෙන “පිරිසිදුකම” ?

“මෙන්න මේ කාරණාව හන්දා අන්න අර හෝමෝන උත්තේජනය සහ නව යෞවන කුතුහලය ගැහැනු ලමයින්ට නැත්තටම නැතුව යනවා. ඉදලා හිටලා ගැහැනු කෙනෙක් තමයි ඔය බාධාක බිඳගෙන යන්නේ. (අර whatsapp දෙකක් පාවච්චි කරන ගෑනු ලමයි වාගේ) ???

අර මගේ “කළුකුමාර දිෂ්ටි” ලිපියකියේවවාද” ?

“එහෙමයි…”

“ආා… එකේ තියෙන්නේ, ඔය භීතිකාවන්ට පරාජය වෙච්චි ගැහැනු ගැනනේ. ?

“එතකොට ඇයි අපේ හාමුදුරුවො ඔය ටික කිවේ…”

“අර මුලින් අහපු එකට උත්තරේ “ආදරය” කියන එකට එකට හේතු.


Sponsored Video

“ඒ කිවේ?” ඇය ඇසුවාය.

“දැන් ගැහැනු ලමයෙක් ආදරයෙන් බැඳන පිරිමි ලමයෙක්ගෙන් මොනවද බලාපොරොත්ත්තු වෙන්නේ.” මම ඇසුවෙමි.

“ආරක්ෂාව විශ්වාසය, අවංකව තමන් එක්ක ඉදී කියන එකෙනේ.” ඇය කීවාය. ?

“ඔය වචනවල තියෙන්නේ, මම අර කියන බය නැති කෙනෙක් කියලානේ. ඒ කියන්නේ, ගැහැනු ලමයින්ට අවශ්‍ය ආරක්ෂාව, අවංක කම, විශ්වාසය තමන්ව දාලා වෙන ගැහැනියක් සමඟ නොයන “ආත්මාර්ථයට” ඔයාලා දෙන නම තමයි ආදරය. ?

ඒ වාගේම පිරිමි, තමන්ගේ කුතුහලය නැති කරගන්න, විරුද්ධ ලිංගිකයෙකුට සමීප වීමට, කරන බොරුවට හෙවත්, තමන්ගේ “ආත්මාර්ථයට” තමයි ආදරය කියන්නේ. ?



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“අප්පාහ්… එහෙමත් එකක් ද?” එතකොට ඇත්තටම ආදරයක් නැද්ද?

“තියෙනවා… සාංසාරික වශයෙන් එකට හිටපු මිනිස්සු මුනගැසුනාම එන පවත්වාගෙන එන ඇයි හොදයියක් තියෙනවා. “

“ඒ කිවේ… “ ඇය ඇසුවාය.

“දැන් ඔයා බල්ලෙක් පූසෙක්වාගේ සතෙක් හදලා තියෙනවද?.

“ඔව් මම බල්ලො හදනවානේ.

“ඔයා මොනවද බල්ලාට දෙන්නේ. බල්ලා මොනවද ඔයාට දෙන්නේ. මම ඇසුවෙමි.

“එහෙම ඉතිං විශේෂ දෙයක් නැ. කන්න දෙනවා. ඌ ඉතිං ඉන්නවා.”

“එතකොට ඒ බල්ලා සෙරෙප්පු කන්නේ එහෙම නැද්ද? සීට් ඉරන්නැද්ද?”

“අපො ඕන තරම් පාඩු කරනවා. ඒත් ඉතිං ඒ බලන්නගේ හැටිනේ. අනික උන් අපට ලෙංගතුයිනේ.”

“අන්න හරි. කන්න දෙන ටිකට උන් දෙන්නේ අපට ලෙංගතුකම. ඒ වාගේ අපට ලොකු ලොකු ගනු දෙනු නැති වුනත්, වැරදි කෙරුවත්, ඒක හැටි කියලා ලෙංගතු කමෙන් ඉන්න අය ඉන්නවා. පරාර්ථකාමීව ඉන්නවා අනිකාගේ සුභසිද්ධිය ගැන හිතලා. හරියට අපේ යසොධරා මාතාව වාගේ. සමහර විට ඒක සසර බැඳීම නැත්තං ජීවිතාවබෝධය. නමුත් එහෙම දේවල් ප්‍රතිශතයක් විදිහට 5%ක් වත් නැ. ඒකයි හැමදාම ගැටලුව.

“අපේ හාමුදුරුවො කියන්නේ. එතකොට පිරිමින්ට අර කියපු එක බයක්වත් නැති නිසා පිරිමි නිදහසේ ගෑනු පස්සේ හැසිරෙනවා. ගෑනු අර බයවල් නිසා, පරිස්සං වෙලා ඉන්නවා කියලාද?.

“හරියටම හරි. ඒ බය නිසාම පිරිමි එක්ක රංණ්ඩුත් කරනවා… මේකේ දෙවැනි පිරිච්ඡේදය ආරම්භවෙන්නේ ඔතනින්. ඒ කිවේ. එකිනෙකාට ආකර්ෂණය වෙච්චි අය වෙන් වෙන්න ගන්නේ ඔය හේතුව මුල් කරගෙනම තමයි…

“එතකොට හාමුදුරුවො කියන හේතු මොනවද ඒ ආකර්ෂණය නිසා ඇතිවෙන සම්බන්ධතාව බිදෙන්න.” ඇය ඇසුවාය.

“දැන් මම කීවේ, රූපය මූලික කරගෙන, එහෙම නැත්තං ලස්සන මූලික කරගෙනයි, පිරිමි ලමයි ගැහැණු ලමයින්ට යෝජනා කරන්නේ කියලා… ඒක ඇත්තද?” මම ඇසුවෙමි.?



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ඔව් ඒක හරි. ගොඩක් වෙලාවට තමන්ට, අල්ල ගන්න පුළුවන් “ලස්සනම කෙල්ලනේ යාලුකරගන්නේ.” ඇය කීවාය. ?

“අන්න හරි, තමන්ට මට්ටමට අල්ල ගන්න පුළුවන් ලස්සනම කෙල්ල.” ? “එතකොට ඔය ඉතා නව යෞවන තරුණයන්ට තුන්හිතකවත් නෑ, මේ ගෑනු ලමයාවම මම කසාද බඳිනවා කියලා හිතක්.” ? “එහෙම ඇත්තටම හිතන්නේ වයස 30 ආසන්න පිරිමි හෝ ඊට වැඩි පිරිමි” මම කීවෙමි

“ඒ කොහොමද කියන්නේ බඳින්න අදහසක් නෑ කියලා… අපේ හාමුදුරුවනේ” කොල්ලො කියනවානේ ඔයාවමයි බඳින්නේ කියලා” ඇය කීවාය. ?

“ඔව් ඒවාට තමයි මේ ගෑනු ලමයි හොටු පෙරාගෙන අඬන්නේ දාලා ගියාට පස්සේ. මොකද බලාපොරොත්තු වෙච්චි දේවල් වැඩියිනේ.


Sponsored Video

1. “එතකොට පළවෙනි දේ තමයි, වයසින් අඩු පිරිමි ලමයින් සමඟ යාලුවුනාම තියෙන, ඔවුන්ට තව ඔනෑ තරම් විවාහයට කාලය තිබෙන නිසා, ඔවුන් හරි පහසුවෙන් සම්බන්ධතා අතාරිනවා.”

“එහෙමයි. ඇයි එතකොට 30 අය එහෙම අඩු.” ඇය ඇසුවාය. ?

“වයස 30 ආසන්න පිරිමි ලමයින්ගේ යාලුවො කසාඳ බඳිනවා. යාලුවොත් අහනවා “උඹ බඳින්නේ නැද්ද කියලා. දෙමාපියො නෑදෑයොත් අහනවා. අන්න ඒ කාලේ වෙනකොට, බහුතරයක් පිරිමි, යම් කැපකිරීමක් කරනවා තමන්ට කසාඳයට හරියන කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න” මම කීවෙමි. ?

“එහෙමයි, අවුරුදු 18න් පස්සේ සම්බන්ධකම් පටන් ගන්න ගෑනු ලමයි පව්නේ අපේ හාමුදුරුවනේ…” ඇය කීවාය.

“ඔව් එකනේ මම කලින් කීවේ, හෝර්මොන අවශ්‍යතාව සඳහා යෞවන පිරිමි ලමයි ඇති කරගන්න ආකර්ශනීය සම්බන්ධතා එච්චර වැඩකට ඇති එව්වා නෙවෙයි. ඇත්තටම ඒක ලිංගික කුතුහලය නිසා ඇතිවෙන තාවකාලික තත්ත්වයක්.” ඒ නිසානේ නිතරම අපට උපදේශනයේදී‍ 18-25 අතර වාගේ ගෑනු ලමයින් විරහව විඳිනවා දකින්නට ලැබෙන්නේ.” මම කීවෙමි. ?

“එතකොට ඒ පිරිමි ලමයින්ට ආදරය අවශ්‍ය නැද්ද?” ඇය ඇසුවාය. ?

“ඇත්ත වශයෙන්ම නෑ. පිරිමි ලමයින්ව පාරේ යවන්න ගෙදර අම්මලා බය නෑනේ. දුවේ තනියම එන්න එන්න එපා, යාලුවෙක් එක්ක එන්න. මඟට තාත්තව එවන්නම්. වාගේ ගෑනු ලමයින්ටනේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න තියෙන්නේ. දහම් පාසලක වුනත් ගෑනු ලමයෙක් toilet යන්නේ “දෙන්නෙක්” එක්කනේ. මේ නිසා ගෑනු ලමයි ලොකු වෙන්නෙම “තනියට තව කවුරුහරි ඕන කියන සිතුවිල්ලෙන්. ඇත්තටම ඒක මානසික තනිකම. ගැහැණු ලමයින්ව එහෙම උස්මහත් කරන්න හොඳ නෑ කියලා තමයි මම නම් හිතන්නේ” මම කීවෙමි ?

“එහෙමයි. එතකොට පිරිමි ලමයින්ට ඕන ලිංගික උත්තේජනයට කෙනෙක්ව, ගැහැනු ලමයින්ට ඕන තනියට කෙනෙක්ව” ඇය කීවාය. ?

“අන්න හරි.”

2. “ලිංගික අවශ්‍යතාවයක් නැතුව “ආදරය” හෙවත් “මානසික තනිකම” නැති කරගන්න යාලුවෙන ගැහැනු ළමයි සහ විවාහය දක්වාම සම්බන්ධතාව ගෙනියන්න අවශ්‍ය නැතුව, ලිංගික අවශ්‍යතාව සඳහා යාලුවෙන පිරිමි ලමයි වීම, තමයි දෙවැනි කාරණාව සම්බන්ධතා බිඳී යන්න.” මම කීවෙමි. ?

“එහෙමයි එතකොට ඊළඟ එක.” ඇය ඇසුවාය. ?

“දැන් මම කීවානේ “රූපය” මුලික කරගෙන තමයි පිරිමි ලමයි විසින් ගෑනු ලමයින්ව යහළු කරගන්නේ කියලා. ඒක මොකද්ද ඇත්තටම” මම ඇසුවෙමි.?

? “ආකර්ශණය” ඇය කීවාය. ?

“අන්න හරි රූපයට ඇති ආකර්ශණය. ඕක ඇත්තටම, ඇයගේ සල්ලිවලට තියෙන ආකර්ශනය වුනානම්, රූපයට වඩා කාලයක් love එක පවතිනවා.
නැත්තං කටහඩට. නම් ආකර්ෂණ වෙන්නේ. නැත්තං ගුණ ධර්මවලට නම්, නැත්තං හොඳට උයන්න පිහින්න පුළුවන් කමට නම් තමයි සාර්ථක. “ මම කීවෙමි. ?

“ඒ කිවේ අපේ හාමුදුරුවනේ, ‘පෙනුම” නිසා යාලුවෙන සම්බන්ධකම් ඉක්මනින්නම කැඩිලා යනවා, ඔය කීව අනික් එව්වාට වඩා කියලා ද? ඇය ඇසුවාය. ?

ඔව්.

“කොයි එකද හොඳම ආකර්ෂණය” ඇය ඇසුවාය. ?

“දෙන්නටම පොදු ගති ලක්ෂණ” තිබිම. මම කීවෙමි.

“ඒ කීවේ.” ඇය ඇසුවාය. ?



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ඒ කියන්නේ කාලයක් යාලුවො විදිහට ඇසුරු කරාම, තමන්ගේ කැමැත්තම, තමන්ගේ විනෝදාංශම තමන් වාගේම හිතන පතන, කොටින්ම කීවොත්, තමන් කැමැති “පක්ෂයට” කැමැති කෙනෙක් වීම තමයි, සාර්ථකම ආකර්ශණය.” මම හිතන්නේ නම් එව්වා සසර ගනුදෙනු කියලා.”

“ කෙල්ල කැමැති, පෝයට සිල් ගන්න යන්න, කොල්ලා කැමැති පෝයට, trip එකක් යන්න නම්”

“කෙල්ල කැමැති නිවාඩු දවසක, film එකක් බලන්න යන්න, කොල්ල කැමැති ගෙදරට වෙලා දවල් වෙනකල් නිදාගන්න නම්… ආන්න එවැනි සම්බන්ධතා තමයි “ආකර්ශනය අඩු සම්බන්ධතා… මම කීවෙමි. ?

“එහෙම ගැලපෙන අය කොහෙද ඉන්නේ හාමුදුරුවනේ ඉතිං…” ඇය සිනාසෙමින් කීවාය. ?

“ඉතිං ඒකනේ මෙච්චර ගැටලු.”

“නමුත් නැතුවම නෙවෙයි, පරිප්පු වලට පාන් වාගේ සමානව ගැලපෙන අය ඉන්නවා. “ආන්න ඒ අය අර භෞතික දේවල් වලින් නොගැලපුනාට ඉතා සතුටින් ඉන්නවා.” ?

“මම ඕකට කියන්නේ හොඳම යාලුවෙක් වාගේ සම්බන්ධතාවක් කියලා”

“ එතකොට 3 වෙනි එකද ඒක.” ඇය ඇසුවාය.

“ඔව්.

3. තමන්ගේ අදහස් උදහස් වලට ගැලපෙනවාද නැද්ද කියලා දැන ගන්න කලින්, රූපයට පමණක්, එහෙම නැත්තං උසයි, රැවුලයි ගැලපිච්ච පමණින් ගැහැනු ලමයි සම්බන්ධතා ඇති කරගැනීම තමයි “බිඳීමට” ඊළඟ හේතුව. හොඳම යහලුවෙක් වාගේ සමාන choices තියෙන කෙනෙක් වීම, දීර්ඝ සම්බන්ධතා වලට හේතුවක්.

“එතකොට මොකද්ද හාමුදුරුවනේ ඊළඟ ලක්ෂණය” ඇය ඇසුවාය. ?

“ආකර්ෂණය නිසා ඇතිවෙන සම්බන්ධතා බිඳීයාමේ ඊළඟ ලක්ෂණය හෙවත් අන්තිමම ලක්ෂණය තමයි, ආකර්ෂණය අවසන් වීම” මම කීවෙමි.

“ඒක තේරුණෙ නෑ” ඇය කීවාය. ?

“දැන් අපි රූපය නිසා පටන් ගන්න සම්බන්ධතා, එහෙම නැත්තං හෝර්මෝන උත්තේජනය නිසා යෞවන වයසට පටන් ගන්න පෙම් සම්බන්ධතා අවසන් වෙන හේතු 3ක් කීවානේ. මේ අන්තිම එක.” ?

4. “අපට සතුට ඇතිකරවන dopamine නිකුත් වීම, ලස්සන මූලික කරගෙන තියෙන්නේ බොහෝම ටික කාලයයි. සාමන්‍ය කරණය වුනාට පස්සේ නැවත dopamine නිකුත් කිරීමක් නැ ඒ දේ නිසා. එතකොට එපා වෙනවා. එහෙම නැත්තං ආකර්ෂණය නැති වෙලා යනවා.” මම කීවෙමි.

“එත් තේරුණේ නෑ හාමුදුරුවනේ.” ඇය කීවාය.?

“දැන් ඔය අතේ තියෙන phone එක කියක් විතර වුනාද?” මම ඇසුවෙමි. ?

“i phone 11 pro max එකක් හාමුදුරුවනේ, ගන්නකොටමත් ලක්ෂ 2ට ආසන්නයි” ඇය උජාරුවෙන් කීවාය. ?

“දැන් ඔය phone එක ගත්තු මුල්ම දවස් දෙකතුනේ ඔයාට කොහොමද දැනුනේ… හිතට දැනුනේ? ?

“හම්මො… කාලයක් පෙරුම් පුරලනේ ගත්තේ… හරි පරිස්සමිං අත පත ගෑවෙත්, හීරෙයි කියලත් බයෙන් හිටියේ, එදා නම් කෑවෙත් නෑ වෙන්නැති එච්චර සතුටුයි” ඇය කිවාය. ??


Sponsored Video

“හොඳයි දැන් ඔයා ඔය phone එක කොච්චර කාලයක් පාවිච්චි කරනවාද? මොනවද තියෙන ප්‍රශ්න ඕකේ.?”?

“දැන් අවුරුද්දකට වැඩීනේ, එහෙම ප්‍රශ්නයක් නෑ” ඇය කීවාය. ?

“එහෙනම් ගත්ත දවස්වල වාගේ තාමත් phone එක අතට ගත්තාම, නොකා ඉන්න පුළුවන් ඇති…” මම කීවෙමි. ?

“අනේ එහෙම එකක් නෑනේ හාමුදුරුවනේ. දැන් ඉතිං එහෙම විශේෂයක් නෑ phone එක නිසා.” ඇය කීවාය. ?

“ආන්න හරි… ඕක තමයි ආකර්ෂණය මූලික කරගෙන, එහෙම නැත්තං රූපය මූලික කරගෙන සිද්ධවෙන පෙම් කතා වලටත් වෙන්නේ.” ?

“අහ් දැන් මට තේරුණා… මුලින් හොඳට තිබිලා, පස්සේ වෙනස් වෙන්නේ ඒකයි… එහෙනම්” ඇය ඉතා ගැඹුරු කරුණක් අවබෝධ වූවා සේ කල්පනා බරිතව කීවාය. ?

“දැන් ඔයාගේ phone එක, ඔයාගෙන් අහන්නේ නැද්ද, “ගත්තු මුල් දවස්වල නම් හොඳින් සැලකුවා. හරි අර පරිස්සම. දැන් මොකද එහෙම නැත්තේ කියලා…?” ?

“හි හි.. හාමුදුරුවනේ එහෙම අහනනේ නෑනේ…” ඇය සිනාසෙමින් කීවාය. ?

“ ඒ වුනාට පෙම්වතියො ඒ ප්‍රශ්නේ අහනවානේ. ඉස්සර නම් මෙහෙමයි. දැන් වෙනස් ඇයි” කියලා. ඇත්තටම ඒක අහන්නේත් හොඳින් නෙවෙයි.” කන්කරච්චලයක්ම වෙනකල් අහනවානේ…” මම කීවෙමි. ?

“ඔව් ඒක ඇත්ත. මමත් එහෙම තමයි” ඇය කීවාය. ?

“ආන්න එතකොට පිරිමින්ටත් උත්තරයක් නෑ ඇයි ඉස්සර වාගේ එහෙම සිතුවිලි නොඑන්නේ කියලා. හේතුව තමයි ආකර්ෂණය නොමැති කම. ඒක ස්වභාවික සංසිද්ධියක්.”
“එතකොට මේ අවධානය නොමැති කමම ගැටලුවක් විදිහට ඇවිත්, ඉස්සර සතුට ගෙනපු සම්බන්ධතාව පස්සේ කරදරයක් වෙනවා.” ?

“එහෙම තමයි අතහැරලා යන්නේ එහෙනම්” ඇය කීවාය. ?

“ආන්න හරි… ඊට පස්සේ වියොදුක ලැබෙනවා.” ?

දුක අතරින් ප්‍රධානම දුකක් තමයි වියොදුක හෙවත් විරහ.
(පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං න ලභති තම්පි දුක්ඛං)?

“යමක් කැමැතිද එය නොලැබීම. සහ ප්‍රිය අයගෙන් වෙන්වීම. “ දෙකම දුකක්. ?

“එහෙමයි හාමුදුරුවනේ… දැන් නම් හරියටම තේරුණා”

සටහන
? සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

? පුරුෂ ලක්ෂණ පිළිබඳව ලිපි මාලාවක් ලිවීමට අදහස් කරනු ලැබූයේ, සැමදාම “උපදේශනයේදී මුහුණ දෙන්නට සිදුවන්නේ එකම ආකාරයක යෞවනියන්ගේ අඳෝනා වර්ගයක් වීම නිසාය. බිඳී යන සම්බන්ධතාවල පොදු දුර්වලකම් රාශියක් දැක ඇත.

? මා විසින් මෙහිදී මෙසේ ගෙන හැර පාන්නේ එවැනි “විරහා” දුකින් ගත කරන අයගේ දුර්වලකම් හඳුනා ගැනීම පිණිසය. මෙය පොදු චිත්‍රයකි. 100% තරුණ වියෝ දුකට මේ කාරණාම හේතු නොවුනත්, මේ ආසන්න හේතු සමඟ සම්බන්ධ වේ. ඔබේ අදහසුත් දක්වන්න.

? “විරහව කළමණාකරණය” නම් වූ මාගේ ලිපියෙහි සඳහන් කළ පරිදි, විරහව නිසා ආතතිමය (stress) තත්වයකට මුහුණ දී ඇති යෞවනියන්ට උපදේශනය කරන විට, මේ ටික පැය භාගයකින් පමණ තේරුම් කර දෙනු ලැබේ. (යෞවනයන්ට මෙය වෙනත් විදිහටකට පැහැදිය යුතුය) පිරිමි ලමයින්ගේ හිත් හදන එක පහසුය.

? මෙම ලිපි මාලාවේ ඇති අගුණ, පිරිමින්ගේ අගුණ බව නොසැලකිය යුතුය. එය පිරිමින්ගේ ස්වභාව ලක්ෂණයකි. කාන්තා ඔබ එය තේරුම් ගත යුතුය.

? එමෙන්ම මෙම ලිපි කියවන, ගැහැණු/ පිරිමි ඔබ මෙය ඔබලාගේ පවුල්වලට ආදේශ කොට නොබැලිය යුතුය. මන්ද යත්, මෙය තියෙන්නේ විරහවෙන් පෙළන කෙනෙකුගේ ප්‍රශ්න වලට උත්තර ලෙසය. මේ ගති ගුණ වලින් වෙනස්ව හිතන updated පිරිමි ඇති තරම් ලොව වෙසෙති.

? සම්බන්ධතාවක් හොඳට ගෙනයාමටත් “විවාහක කාන්තාවන්ට” මේ ටික සමහර විට කියා දීමට සිදුවේ. ඒ ඔවුන් අනවශ්‍ය මානසික පීඩාවන්ට පත්වන්නේ, මේ කියන ලද “පුරුෂ ලක්ෂණ” නොදන්නා නිසාය.

? ලෝකය දුක මත පිහිටා ඇත. (දුක්ඛො පතිට්ඨිතො ලොකො)?

? “ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. යමක් කැමති නම් ඒ දේ නොලැබීම දුකකි” යන වර්ගයේ දුක සහිත අයවලුන්ය. මාස 6 වඩා දුක්ඛ සහගතව කාලය ගත කිරීම depression වලට අත වැනීමකි.

? ඒ සඳහා මා විසින් යොදාගන්නේද “චතුරාර්යය සත්‍යය” ආකෘතියයි.
? විරහව
? විරහ හේතු
? විරහව නැති කිරීම
? විරහව නැති කිරීමේ මාර්ගය

? මේ ආකෘතියට අනුව ඉහත පුරුෂ ලක්ෂණ ලිපි මාලව අයත් වන්නේ විරහවට හේතු පැහැදිලි කිරීමටය.

? ඉන් පසු එහි මාර්ගය ගැන සඳහන් “විරහ කළමණාකරණය“ ලිපියේ ඇත. නමුත් මේ පොදු ආකෘතියකි. එකිනෙකාගේ මානසික මට්ටම හා ඔවුන් මුහුණු දුන් සිද්ධි අනුව මා විසින් මෙය අනුගමනය කරන ආකාරය වෙනස්ය. ඔබලා තනිව මෙය අතහදා බැලීමෙන් වලකින්න. මෙම ලිපිය සමඟින් “පුරුෂ ලක්ෂණ” ලිපි මාලාව අවසන් වේ.

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.