නිහාරිකා සහ තරු අතර සම්බන්ධය

ඉතා වර්ණවත්, අලංකාර හැඩවලින් යුක්ත නිහාරිකා හෙවත් නෙබියුලා යනු දුහුවිලි, හයිඩ්‍රජන්, හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව්‍යූහයකි.

විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ්‍යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප්‍රමාණයෙන් අති දැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සිය ගණනක විශ්කම්භයකින් යුතු වේ.

සියළුම වර්ගයන්හි තාරකාවල උපත සිදුවන්නේ නිහාරිකාවන් තුළදී ය. සාමාන්‍යයෙන් නිහාරිකාව තුළ සිදුවන ගුරුත්වජ බිඳ වැටීම් මගින් නව තරු ඇති වන බවට පිළිගැනේ. මෙය ක්ෂණිකව සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන මන්දගාමී ක්‍රියාදාමයකි. සාමාන්‍යයෙන් සූර්යයාගේ ප්‍රමාණයේ තාරකා දසදහසක් පමණ හෝ ඊටත් වඩා නිර්මාණය කිරීමට අවශ්‍ය පදාර්ථ එක් නිහාරිකාවක් සතුව තිබේ. එහි අවසානයද නිහාරිකාවක් ලෙසම සිදුවිය හැකිය.

මේ සම්බන්ධව eLearning.lk අපි සම්පාදනය කරපු ලිපිය – https://elearning.lk/blog/nebulas

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...