න්‍යෂ්ඨික ආයුධ ඇති රටවල්

වර්තමානය වන විට ඇමරිකාවේ සහ රුසියාවේ න්‍යෂ්ඨික ආයුධ වල එකතුව 92%කි. න්‍යෂ්ඨික ආයුධ ඇති වෙනත් රටවල් ලෙස ප්‍රංශය, චීනය, බ්‍රිතාන්‍යය, පාකිස්ථානය, ඉන්දියාව, ඊස්‍රායලය සහ උතුරු කොරියාව සඳහන් කළ හැක.

තමන් සන්තකයේ තිබූ න්‍යෂ්ඨික ආයුධ ස්වේච්ඡාවෙන් ඉවත් කළ එකම රට ලෙස සැළකෙන්නේ දකුණු අප්‍රිකාවයි. ඛෙලරූස්, යුක්‍රේනය, කසකස්ථානය යන රටවලත් කෙටි කලක් යන තුරු න්‍යෂ්ඨික ආයුධ තිබුණු අතර එම රටවල් සෝවියට් රුසියාවෙන් නිදහස ලබා ගැනීමත් සමග ඒවා, සෝවියට් රුසියාවට භාර දී තිබේ.

ඉරානය මේ වෙනතෙක් කිසිදු න්‍යෂ්ඨික බෝම්බයක් නිර්මාණය කර නැතත්, එක් න්‍යෂ්ඨික බෝම්බයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අවම යුරේනියම් ප්‍රමාණය සපුරා ඇති බවට වාර්තා වෙයි.
___________________________________________________

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන :

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...