අකුණු සන්නායකයේ රේඩියම්

“පරණ අකුණු සන්නායක වල Earth එකේ වටිනා ලෝහ තියෙනවා කියන්නේ ඇත්තද?”

මේ පසුගිය දෙවසර තුල මට නිරන්තරයෙන් ලැබුණු පණිවිඩයකි. මේ ලෝහය රේඩියම්, ඉරේඩියම් මෙන්ම පොසිට්‍රෝන තැන්පතුවක් ලෙසත් තිබෙනවාදැයි පැනය මතු කල අය අසා තිබුණි.

මගේ පිළිතුර වූයේ අපට දැනට ඇති දැනුම අනුව මෙවැනි දෙයක් සිදු වීමට කිසිඳු ඉඩකඩක් නැති බවයි. එය සම්පුර්ණයෙන්ම අභව්‍ය දෙයක් බව මම ඔවුනට පැවසුයෙමි.

මගේ පිළිතුර බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන් කල බව ඔවුන්ගේ ඊළඟ කතාබහෙන් හැඟී ගියේය. මේ අතර මාධ්‍වේදීන්ද විය. සමහරෙක් මගේ දැනුම පිළිබඳව උද්වේගකරව ප්‍රශ්ණ කරන තරමට තත්වය වියවුල් විය.

මේ ගැන නැවත නැවතත් පැමිණෙන පණිවිඩ නිසා මම ලෝකයේ වෙනත් රටවලත් මෙවැනි විප්‍රකාර සිදුවී ඇත්දැයි විපරම් කලෙමි. අවසානයේදී මට ඉන්දීය මිතුරෙකුගෙන් සමාන සිදුවීමක් පිළිබඳව අසන්න ලැබුණි.

මීට වසර 20-30ට පමණ පෙර උතුරු ඉන්දියානු ප්‍රාන්ත කිහිපයකම බ්‍රිතාන්‍ය සමයේදී සවි කල කොඩි ගස් සඳහා මිලියන ගණනින් මුදල් දෙන බවට රාවයක් ගොස් ඇත.

මේ ලෙස කොඩි ගස් මිළදී ගන්න බව කියූ පුද්ගලයන් ඒ සඳහා අවට සාරා කොඩි ගස ඉවතට ගෙන එම වල අවට සහ කොඩි ගසේ පාදම යම් පරීක්ෂණයකට ලක් කල යුතු බව කියා ඇත.


පුද්ගලයන් ගණනාවක්ම තම පෞද්ගලික ඉඩම්වල ඇති පැරණි කොඩි ගස් මේ ආකාරයට විකිණීමට උත්සහ කර ඇත.

කොඩි ගස ඉවතට ගෙන පස් ඉවත්කළ වලෙහි සහ කොඩි ගසේ පාදමෙහි යම් නිරීක්ෂණයක් (බොහෝ විට ඔවුන් Metal Detectors භාවිතා කරන්න ඇත) කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් අවශ්‍ය ලෝහ එහි නොමැති බව පවසා යන්න ගොස් ඇත.

@elearninglk

මිලියන ගණනකට කොඩි ගසක් විකුණු හෝ මිළදී ගනු ලැබුවෙකු පිළිබඳව කිසිඳු වාර්තාවක් පලවී නැත.

ටික කලකට පසු ආරංචි වී ඇත්තේ මෙබඳු කතාවකි. යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු විසින් මහරජාවරුන්ගේ මාලිගාවලින් සහ කෝවිල්වලින් කොල්ලකන ලද විශාල වස්තු සම්භාරයක් බ්‍රිතාන්‍ය කිරීටයේ ලාංඡනය සහිත කොඩි ගසක් යට වළදමා ඇත.

යම් ලියවිල්ලක ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර පසු කලෙක බ්‍රිතාන්‍යයට රැගෙන යාමට අදහස් කරගෙන සිටි බැවින් ඔහු එම කොඩි ගස ඇති නිශ්චිත ස්ථානය පිළිබඳව සඳහනක් කර නැත. නමුත් මෙම නිලධාරියා අනපේක්ෂිත ලෙස මැලේරියාව වැළඳීමෙන් ඉන්දියාවේදී මිය ගොස් ඇත.

පසු කලෙක මේ ලියවිල්ල කිසිවෙකු අතට පත්ව ඇත.


මහාචාර්ය චන්දිම ගෝමස් මහතාගේ සියලුම ලිපි මෙතනින් කියවමු >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.