අනීමිසලෝචන මුද්‍රාව

බුදුන් වහන්සේ මෙලෙසින් දෙඅත් බැද උරහිසට තබා සිටින ආකාරය දැක්වෙන මුද්‍රාව, පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙසත්, ඒ ඔස්සේ බුදුන් වහන්සේ අනුන්ගේ දුකේදී කරුණාව දක්වන අයුරු ප්‍රකට වන බවත් බොහෝ ඉතිහාසඥයන්ගේ මතයයි.

මහනුවර යුගයේ ඇතැම් විහාරස්ථාන වල ඇති බිතු සිතුවම් වලද බුදුන් වහන්සේ අනීමිසලෝචන පූජාව සිදු කිරීම සිතුවමට නගා ඇත්තේ මෙම මුද්‍රාවෙනි. එම නිසා ඇතැම් ඉතිහාසඥයන් මෙය අනීමිසලෝචන මුද්‍රාව හෙවත් ශ්‍රී මහා බෝධියට කෘතගුණ දැක්වීමේ මුද්‍රාව ලෙස හදුන්වයි.

මෙම මුද්‍රාව සහිත පොළොන්නරු ගල් විහාර හිටි පිළිමය ඉදිරියෙන්ද පැරණි බෝධිඝරයක සාධක මතු වී තිබීම මෙම මතය වඩාත් තීව්‍ර කරයි.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...