අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ වැරැද්ද
2009 බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඉගෙන ගන්න කාලේ එක ක්‍රියාකාරකමක් කළා. අපිට කරන්න තිබ්බේ සුපිරි වීරයෙක්ගේ චරිතයක් නිර්මාණය කරන්න.
ආයේ ඉතින් අහන්නත් දෙයක් නෑ පුදුම ආසාවකින් වැඩේ කළේ. ඉස්සර ඉඳන්ම කාටූන් චිත්‍ර අඳින්න තිබ්බ ආසවත් එක්ක හැකි උපරිමෙන් වැඩේ කළා.
ඔතන ප්‍රශ්නයක් තියනවා…
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පාඨමාලා වලින් කරන්නේ ඉංග්‍රීසි භාෂාව උගන්වන එක. නමුත් මොකටද මේ වැඩකට නැති super heroලා ගැන චිත්‍ර ඇඳන් එන්න ළමයින්ට දෙන්නේ?
මොකෝ අපිට වෙන වැඩ නැතිවද?
වාර විභාග
ටියුෂන් ක්ලාස්
ඉස්කෝලේ ගෙදර වැඩ…
මේ වගේ “හෙන important” වැඩ අස්සේ සුපැර් හීරෝලා ඇඳන් එන්න කියලා ළමයින්ගේ කාලේ නාස්ති කරන්නේ?
ඉංග්‍රීසි උගන්වන එකෙයි චිත්‍ර අඳින එකෙයි සම්බන්ධය මොකද්ද…
නෑ හේතුව මේකයි.
අපි ආසාවෙන් ඒ වැඩේ කරනවා. ඊට පසු සතියේ පංතියට ගිහින් අපි ඇඳපු චරිතය මොකද්ද සහ ඒ චරිතයේ ගුණාංග ගැන පංතියේ හැමෝටම විස්තර කරනවා. අන්න එතනදියි භාෂාව හැදෙන්නේ.
චිත්‍රපට පෙන්වලා, අන්තර්ජාල පහසුකම් දීලා මූලික අනුප්‍රාණය ළමයාට දීලා තමයි චරිතයක් නිර්මාණය කරන්න අවස්ථාව දෙන්නේ.
ළමයෙක්ගේ නිර්මාණශීලීත්වය හැදෙන ගමන් තමයි භාෂා කුසලතාව වැඩි දියුණු කරන්නේ.
මොකද භාෂාවක් කියන දේ පංති කාමරයක් හෝ පුස්තකාලයක් ඇතුලේ ඉඳන් ඉගෙන ගන්න බෑ. භාෂාවක් ඉගෙන ගත යුත්තේ ක්‍රීඩාවක් කරන විදිහට.
තව දෙයක්.
භාෂාව, සාහිත්‍ය, කලාව, ඉතිහාසය, ආගම වගේ දේවල් වෙන වෙනම ඉගැන්වුවත් මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි.
අපිට බ්‍රිතාන්‍ය කවුන්සිලයේදි භාෂාව ඉගැන්වුවේ මේ ඔක්කොම එකට කැටි කරලා.
මේවා වෙන් කරලා, සීමා මායිම් බැඳලා, බිත්ති හතරක් ඇතුලේ කොටු කරලා ඉගැන්වීම සාර්ථක දෙයක් විදිහට මම පෞද්ගලිකව දකින්නේ නෑ.
බොහෝම ප්‍රායෝගික විෂයන් කටපාඩම් කරලා, විභාග පත්තරේ වමාරලා දක්ෂතාව මනින්න බෑ.
බ්‍රිතාන්‍ය කවුන්සිලයේදි The Mask චිත්‍රපටය පෙන්නලා වෙස්මුහුණු නිර්මාණය කළා. Golden Compass චිත්‍රපටය පෙන්නලා චරිත අධ්‍යනය කළා. ඊජිප්තු රජවරු, පිරමීඩ ගැන ගවේෂණය කළා. මේ තුලින් තමයි භාෂාව ඉගෙන ගත්තේ.
භාෂාව සමඟ කලාව, ඉතිහාසය, හැමදේම ඉගෙන ගන්න ගමන් තමයි නිර්මාණශීලීත්වය හැදුනේ.
ඒ අතින් අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුල අපි ඉගෙන ගත්තේ මොන ලබු ගෙඩියක්ද…
උදේ ඉඳන් හැන්දෑ වෙනකල් ටීචර් කියවනවා. අපි ලියනවා.
උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.hipwallpaper.com
* ඡායාරූපය 02 : www.lighthouse-languages.com
* ඡායාරූපය 03 : www.newszii.com