අපේ කුණු කසළින් විදුලිය?

March 2, 2020

ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සළකුණු කරමින් අපේ රටේ පළවෙනි Waste to Energy බලාගාරය 2020 මැයි මාසයේදී විවෘත කරන්න නියමිතව තියෙනවා.

මේ බලාගාරයෙන් ලංකාවේ නගර වල එකතු වෙන කුණු කසළ යොදා ගෙන විදුලිය නිෂ්පාදනය කිරීමක් කරන්න පුලුවන්. පළවෙනි අදියරයෙදි ඉලක්ක කරන්නෙ කොළඹ නගරයයි.

මේ බලාගාරයෙන් කොළඹ නගරයේ අපද්‍රව්‍ය වලින් මෙගාවොට් 11.5 ක විදුලි බලයක් නිපදවන්න පුලුවන් කියලත්, නාගරික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 500-700 ක් අතර ප්‍රමාණයක් විදුලිය බවට පරිවර්තනය කරන්න පුලුවන් කියලත් තමයි ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නෙ.

දැනට ඉදිරිපත් වෙලා තියෙන වාර්තා අනුව අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් විදිහට භාවිතා වෙන්නෙ 6%ක් විතරයි. 4%ක් ප්‍රතිචක්‍රීකරණය වෙනවා. ඉතුරු ඔක්කොම කුණු කසළ එළිමහනේ ගොඩ ගැසීමක් තමයි වෙන්නෙ.

ඉතින් ලංකාවෙ නගර වල කුණු කසළ බැහැර කරන්න, මේ බලාගාරය එක්තරා විදිහකට ස්වයංක්‍රීයව විසඳුමක් වෙනවා කිව්වොත් ගොඩාක් නිවැරදියි.

* වැඩි විස්තර සඳහා : http://www.dailynews.lk/2020/02/28/finance/212838/first-waste-energy-plant-open-may


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.dailynews.lk

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.