අභිරහස් තරංග

විශ්වයේ වෙනත් ස්ථානයක සිට පෘතුවියට පැමිණෙන, මිලි තත්පර කිහිපයක් හෝ මිලි තත්පරයකටත් වඩා අඩු කාලයකදී නිකුත් කෙරෙන අති විශාල ශක්තියක් සහිත රේඩියෝ තරංග මාලාවන් Fast Radio Burst ලෙස හඳුන්වනු ලබයි.

මෙවැන්නක් පිළිබඳව පළමු වතාවට හෝඩුවාවක් ලැබෙන්නෙ 2007 අවුරුද්දෙදියි. එනමුත් මෙම තරංග මාලා ඈත අතීතයේ සිටම විශ්වයේ නොයෙක් ස්ථාන වල සිට පෘතුවියට ලැබෙමින් තිබෙන බව තහවුරු විය. ආලෝක වර්ෂ දහස් ගණනාවක්, මිලියන ගණනාවක්, බිලියන ගණනාවක් ඈත සිට මෙවැනි තරංග, එක් දිනකට අවම වශයෙන් සීයක් පමණ පැමිණෙන අතර ඒවා අතරේ අලුත් තරංග මෙන්ම, මීට පෙර පැමිණි තරංගද ඇත.

eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන මෙතනින් –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...