ඉඩමක් මිලදී ගැනීමට පෙර සොයා බැලිය යුතු වැදගත්ම ලේඛන

අද සමාජයේ බොහෝ කූට ක්‍රම මගින් ඉඩමට සැබෑ ලෙසම අයිතියක් නොමැති පුද්ගලයන් සැබෑ අයිතිකරුවන් ලෙස පෙනී සිටිමින් ඉඩම් විකුණනු ලබයි. ඒ නිසා ඔබ ඉඩමක් මිළදී ගැනීමේදී ඉඩමේ වර්තමාන අයිතිකරුගේ අයිතිය තහවුරු කර ගත යුතුය. ඒ සඳහා ඔබ වත්මන් අයිතිකරුගෙන් මෙම ලේඛන ලබා ගත යුතුය.

01. වත්මන් අයිතිකරුට ඉඩමේ අයිතිය ලැබුණු ඔප්පුවේ (Title Deed) පිටපතක්

02. එම ඔප්පුවට කලින් ලියන ලද වෙනත් ඔප්පු තිබේ නම් ඒවාවල පිටපත්

03. ඉඩමේ (අනුමත) මිනින්දෝරු සැලැස්මේ (Survey Plan) පිටපතක්

04. නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඇත්නම් එයට අදාළ (අනුමත) ගොඩනැගිලි සැලැස්මේ (Building Plan) පිටපතක්

05. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද අනුකූලතා සහතිකයේ (Certificate of Conformity) පිටපතක්

06. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද නොපවරා ගැනීමේ සහතිකයේ (Non-vesting Certificate) පිටපතක්

07. වත්මන් අයිතිකරුගේ වලංගු ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපතක්

08. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන වීදි රේඛා සහතිකයේ (Street Line Certificate) පිටපතක්

09. පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද ගොඩනැගිලි රේඛා සහතිකයේ (Building Line Certificate) පිටපතක්

10. ඉඩමට අදාළව වරිපනම් බදු ගෙවීම සනාථ කරන පළාත් පාලන ආයතනය විසින් ලබා දෙන ලද රිසිට් පත්

මෙම ලේඛන ඔබගේ නීතිඥවරයාට ලබා දුන් පසු ඔහු හෝ ඇය විසින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ හිමිකම් පරික්ෂාවක් සිදු කර, ඔබ විසින් ලබා දෙන ලද ලේඛන පරික්ෂා කර බලා ඉඩම මිළදී ගැනීමට සුදුසුද යන්න පිළිබඳව ඔබ වෙත උපදෙස් ලබා දෙනු ඇත.