ඉතියෝපියාවේ පළමු චන්ද්‍රිකාව

December 23, 2019

ඉතියෝපියාවේ පළමු චන්ද්රිකාව පසුගිය දෙසැම්බර් 20 වෙනිදා (2019) චීනයේදී උඩු ගුවනට එකතු වුණා. චන්ද්රිකාව දියත් කරන්න දෙසැම්බර් 17 වෙනිදා සැලසුම් කරලා තිබුණත්, ඒ ප්රදේශයේ තිබුණු අයහපත් කාලගුණය නිසා, මෙහෙයුම දවස් තුනකින් ප්රමාද වුණා කියලා තමයි වාර්තා වෙන්නෙ.

මේ මෙහෙයුම චීනය සහ ඉතියෝපියාව අතරේ අත්සන් කෙරුණු තාක්ෂණික හුවමාරු ගිවිසුමේ ප්රතිපලයක්. මෙහෙයුමට ඉතියෝපියානු විද්යාඥයන් 21 දෙනෙක් එකතු වෙලා තියෙනවා.

මේ කෘතිම චන්ද්රිකාව නම් කරලා තියෙන්නෙ ETRSS-1 කියලයි. චන්ද්රිකාව හරහා නියඟය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම, පතල් කටයුතු සහ වන කළමනාකරණය සඳහා පරිසරය සහ කාලගුණ රටාවන් අධ්යයනය කිරීම වගේ දේවල් වලට අවශ්ය කරන දත්ත සහ තොරතුරු ලබා ගන්නත්, ඒ ඔස්සේ වඩා හොඳ කෘෂිකාර්මික සැලසුම් කිරීම් සිදු කරන්නත් ඉතියෝපියාව බලාපොරොත්තු වෙනවා.

ETRSS-1 කියන්නෙ අභ්යාවකාශයට මුදා හැරුණු අප්රිකාවේ 41 වන චන්ද්රිකාවයි. අභ්යාවකාශයට චන්ද්රිකාවක් මුදා හැරපු 11 වෙනි අප්රිකානු රට විදිහට දැන් ඉතියෝපියාව ඇතුළත් වෙනවා. ඉතියෝපියාවට කලින් චන්ද්රිකා අභ්යාවකාශ ගත කරපු අප්රිකානු රටවල් විදිහට ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඊජිප්තුව, ගහානාව, කෙන්යාව, මොරොක්කෝව, නයිජීරියාව, රුවන්ඩාව, දකුණු අප්රිකාව සහ සුඩානය නම් කරන්න පුලුවන්.

* වැඩි විස්තර සඳහා : https://africanews.space/ethiopia-launches-first-satellite-named-etrss-1-from-china


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.africanews.space

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.