ඔක්සිජන් නැති වුණොත්?

බැරි වෙලාවත් “ඔක්සිජන් වායුව” නැති වුණොත්, අපට සහ අප ජීවත් වෙන පරිසරයට මොන වගේ බලපෑමක් වෙයිද? අද අපේ කතා බහ ඒ ගැනයි.

අපි ප්‍රායෝගික අත්දැකීමක් ගමු. හිතන්න ඔයාලා පාරෙ ඇවිදගෙන යනවා කියලා. එතකොට පාරේ ගිනි ගොඩක් ගහලා තියෙනවා. ඒ විෂ දුම, හුළගත් එක්ක ඔයාලගෙ දිහාවට එනකොට, ඔයාලා මොකද කරන්නෙ? ලොකු හුස්මක් අරගෙන, හුස්ම ගන්නෙ නැතුව…… ඒ ගත්ත හුස්ම තද කරගෙන නේද යන්නෙ?

ඒ, සමහර විට තත්පර කිහිපයකට වෙන්න පුලුවන්. ඒත් ඒ සුළු වෙලාවෙදිත් ඔයාලා මොන තරම් අපහසුවෙන්ද හුස්ම තද කරන් ඉන්නෙ?

අපිට ඔක්සිජන් වායුව නැතුව හුස්ම ගන්න බෑ. ඉතින් ඔයාලට ඔක්සිජන් වායුව නැතුව සදාකාලිකවම ඒ විදිහට හුස්ම හිර කරගෙන ඉන්න පුලුවන්ද?

ඔක්සිජන් වායුව ලෝකයේ ජීවත් වන හැම සත්වයෙකුටම සහ හැම ශාඛයකටම අත්‍යාවශ්‍යයි. ඔක්සිජන් වායුව නැති වුණා කියන්නෙ සමස්ථ සත්ව සහ ශාඛ ලෝකයේ අවසානයයි. මේ කාරණාව අපි හැමෝම පෙර පාසල් අවධියේ ඉදන්ම දන්න දෙයක්.

අපි ඉන් එහාට ගිහිල්ලා, ඔක්සිජන් වායුව පෘතුවියෙන් තුරන් වුණොත් වෙන තවත් සිද්ධීන් කිහිපයක් ගැන අවධානය යොමු කරමු. සදහටම තුරන් වුණොත් කියලා හිතන්න අවශ්‍ය නෑ. නිකමට හිතන්න තත්පර පහකට ඔක්සිජන් වායුව නැති වුණා කියලා. එහෙනං අද ඔයාලා මේ වෙලාවෙ දකින පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් තමයි නිර්මාණය වෙන්නෙ.

එහෙම වුණොත් ඔයාලා අපේ රටේ අභිමානය කියලා ලෝකයට පෙන්වන නෙළුම් කුළුන පොළොවට කඩාගෙන වැටෙයි. දේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කරලා තියෙන ලස්සන නිදහස් චතුරශ්‍රයත් පොළවට සමතලා වෙයි. ඇයි ඔයාලා පහුගිය දවස් වල කතා කරපු One Galle Face වෙළඳ සංකීර්ණය? ඒකටත් වෙන්නෙ ඒ ටිකමයි.

එච්චරද?

නෑ…… මේ ලෝකයේ කොන්ක්‍රීට් භාවිතා කරලා තියෙන හැම නිර්මාණයක්ම, හැම ඉදි කිරීමක්ම කැබලි වෙලා පොළවට පතිත වෙනවා. මොකක්ද හේතුව?

කොන්ක්‍රීට් සංයුතියේදී ඔක්සිජන් විශේෂ බන්ධනයක් විදිහට ක්‍රියා කරනවා. ඉතින් ඒ විදිහට බන්ධනය වුණු ඔක්සිජන්, මේ කොන්ක්‍රීට් වලින් ඉවත් වුණොත්, කොන්ක්‍රීට් වල ශක්තිය අතුරුදහන් වෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට කොන්ක්‍රීට්, නිකන්ම නිකන් දූවිලි ගොඩක් බවට පත් වෙනවා.

ඒ වගේම ලෝහ වලින් නිර්මාණය කරලා තියෙන හැම වස්තුවක්ම හැකිලෙන්න ගන්නවා. ඇයි? ලෝහ වලිනුත් ඔක්සිජන් ඉවත් වෙලා යනවා. එතකොට ඔක්සිජන් වායුව ආධාරයෙන් මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන අනිත් දේවල් ගත්තොත්? ඔව්. එව්වටත් ඒ ඉරණමම තමයි.

ඔයාලා දන්නවද ඔක්සිජන් නැති වුණොත්, ඒක අපේ ඕසෝන් ස්ථරය විනාශ වෙන්නත් හේතුවක් වෙනවා කියලා?

ඕසෝන් ස්ථරයෙන් තමයි පෘතුවියට නිකුත්වෙන සූර්යයාගේ පාර ජම්බුල කිරණ වලින් අපිව ආරක්ෂා කරන්නෙ. මේ ඕසෝන් ස්ථරය නිර්මාණය වෙලා තියෙන්නෙත් ඔක්සිජන් වලින්. ඔක්සිජන් නැතුව ඕසෝන් ස්ථරය විනාශ වීමේ ප්‍රතිපලයක් විදිහට අපි හැමෝගෙම සම පිච්චෙන්න අරගන්නවා. ඒක බොහොම භයානකයි. සූර්යයාගේ අහිතකර සහ සැර පාරජම්බුල කිරණ වලින් අපිව ආරක්ෂා කරන්න ඉන්න අපේ එකම ගැලවුම්කාරයා වෙන්නෙ මේ ඕසෝන් ස්ථරයයි.

ඔක්සිජන් නැති වුණොත් ඔයාලට තත්පර කිහිපයක් හරි හුස්ම නොගෙන ඉන්න පුලුවන්. ඒත් ඔයාලා හිතනවද ඒ තත්පර ගාණට හරි ඔයාලා ජීවත් වෙයි කියලා? නෑ….. ලෝකයෙන් ඔක්සිජන් වායුව නැති වීමත් එක්ක ඔයාලාගේ අභ්‍යන්තරික ශරීරයේ විනාශය ආරම්භ වෙනවා. ඒකෙ පළවෙනි වෙඩි මුරය පත්තු කරන්නෙ ඔයාලගෙ කන් බෙරයයි.

පෘතුවියේ ඔක්සිජන් වායුව නැති වීමත් එක්ක අපේ අභ්‍යන්තර කණ පුපුරලා යනවා. ඒ කියන්නෙ තත්පර කිහිපයක් ඇතුළත ඔයාලගේ කන් ඇසීම, සම්පූර්ණයෙන්ම නැති වෙනවා.

මොකද පෘතුවි වායු ගෝලයෙන් ඔක්සිජන් නැති වීමත් එක්ක, වායුගෝලයේ පීඩනය අපිට අහිතකර විදිහට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හරියට අපි පොළව මට්ටමේ ඉදලා කිලෝ මීටර 2ක් මුහුද ඇතුළට වැටුණා හා සමාන වෙනස් වීමක්. ඒ වගේ ක්ෂණික වෙනස් වීමකට අනුවර්තනය වෙන්න අපේ කණ් වලට හැකියාවක් නෑ.

ඊට අමතරව ඔයාලාගේ මොළයට හානි වෙනවා. පෙනහළු වලට හානි වෙනවා.

එතකොට ඔයාලගෙ ඇගේ තියෙන හැම සෛලයක්ම දිය වෙන්න ගන්නවා. ඒවා හයිඩ්‍රිජන් වායූන් බවට පත් වෙලා, වායු ගෝලයට එකතු වෙනවා.

ඔක්සිජන් නැති වුණාම තව මොනවද අපිට අහිමි වෙන්නෙ? මිනිසාගේ පරිනාමණයේ වැදගත්ම සන්ධිස්ථාන, එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂ්‍යයන් තමයි ගින්දර සොයා ගැනීම සහ රෝදය සොයා ගැනීම. ඔක්සිජන් නැති වුණොත් මේ දෙකම අපට නැවත අහිමි වෙනවා.

අපිට ගින්දර උපද්දවන්න බැරුව යනවා. ඒ වගේම වාහන වල දහන ක්‍රියාවලිය ඇණ හිටිනවා. විදුලියෙන් දුවන්නෙ නැති හැම යානයක්ම, වාහනයක්ම ක්‍රියා විරහිත වෙනවා. එහෙම වුණොත් අහසේ මේ වෙන කොට ගමන් කරන හැම ගුවන් යානයක්ම පොළවට කඩාගෙන වැටේවි. මේ වෙන කොට පාරේ යන හැම වාහනයක්ම මග නතර වෙයි.

පෘතුවියේ අහස සම්පූර්ණයෙන්ම කළු වෙයි. මොකද අපි උදේ දවල් දකින නිල් පාට අහස නිර්මාණය වෙලා තියෙන්නෙත් වායු ගෝලයේ තියෙන කුඩා ඔක්සිජන් අංශු නිසයි. එහෙම වුණොත් පැය 24ම පෘතුවියට තියෙන්නෙ රාත්‍රී කාලය විතරයි.

පෘතුවි ගෝලයෙන් 70%ක් අල්ලගෙන ඉන්න මහා මුහුද හිදෙන්න ගන්නවා. හැම ජල බිංදුවක්ම හයිඩ්‍රිජන් බවට පත් වෙනවා. ඒ කියන්නෙ H2O, නිකංම H2 බවට පත් වෙනවා. ඒ අනුව මහ මුහුද විතරක් නෙවේ, ගංගා, ඇළ දොළ, වැව් අමුණු මේ හැම ජල ප්‍රවාහයක්ම හිදෙනවා.

මේ ඔක්කොම වෙන අතරේ, අපි පය ගහලා ඉන්න අපේ පෘතුවියේ පෘෂ්ඨයත් මුළුමනින්ම කඩාගෙන වැටෙන්න ගන්නවා. හරියට 2012 චිත්‍රපටයේ වගේ. මොකද පෘතුවියේ පෘෂ්ඨයෙන් 45%ක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ඔක්සිජන් වායුව නිසයි. ඒ නිසා පෘතුවි පෘෂ්ඨය, කිසිවක් ඉතිරි නොවෙන විදිහටම ඇතුළට ඇතුළට කඩාගෙන වැටෙනවා.

ඊට පස්සෙ පෘතුවිය විශාල උෂ්ණත්වයක් තියෙන, වේලිලා ගියපු ග්‍රහලෝකයක ස්වරූපයක් අරගන්නවා.

මතක තියා ගන්න ඕන, අපි මේ කතා කරපු හැම විපර්යාසයක්ම වෙන්නෙ, පෘතුවියෙන් ඔක්සිජන් වායුව අතුරුදහන් වෙලා තත්පර 5ක් වගේ සුළුම සුළු කාලයක් ඇතුළතයි. මේ බොහොම සුළු උදාහරණ සංඛ්‍යාවක් විතරයි. තව ගොඩාක් තියෙනවා. අපට මග ඇරුණෙ මොනවද? ඒ දේවල් ඔයාලට පුලුවන් අපි හැමෝගෙම දැනුම වෙනුවෙන් පහළින් Comment කරන්න.

පෘතුවියේ වායු ගෝලයෙන් ඔක්සිජන් වායුව තියෙන්නෙ 21%ක් විතරයි. මේ පුංචි ප්‍රතිශතයත් මිනිස් ක්‍රියාකාරකම් නිසාම දැන් දැන් අඩුවෙන්න අරගෙනයි තියෙන්නෙ. මේ 21%ක ප්‍රතිශතයෙන් තමයි ඉපදුනු දවසෙ ඉදලා, මැරෙනකන්ම අපි මේ සෑම සියලු දෙයක්ම කරන්නෙ.

ඉතින් මේ ප්‍රමාණය රැක ගැනීම සහ තව දුරටත් වර්ධනය කර ගැනීම අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්. ඒකට හොඳම පියවරක් තමයි අපේ වන සම්පත සහ වෘක්ෂ සම්පත ආරක්ෂා කර ගැනීම. ඒ වගේම අලුතින් රුක් රෝපනය කිරීම. මොකද අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන ඔක්සිජන් නිපදවෙන්නෙ ගස් වලින්.

ඒ වගේම මේ ලිපිය පෙර පාසල් හෝ පාසල් ගුරුවරු කියවනවා නම් ඔයාලටත් යුතුකමක් සහ වගකීමක් තියෙනවා මේ සම්බන්ධව ළමයින්ව දැනුවත් කරන්න.

කුඩා කාලයේදිම ළමයින්ට යහපත් ආකල්ප සහ මේ වගේ දේවල් ගැන කියලා දුන්නොත්, ඒ අය කවදා හරි වැඩිහිටියො වුණු දවසක, ඒ දේවල්ම පිළිපදීවි. ඒ විතරක් නෙවේ, ඒ අයගෙ දරුවන් ඒ අයව අනුගමනය කරයි. ඒ ඔස්සේ අපිට යහපත් විදිහට හිතන රටක් ගොඩ නගන්නත් පුලුවන් වෙයි !


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.blogs.agu.org
* ඡායාරූපය 01 : www.cnn.com
* ඡායාරූපය 02 : www.ai.stanford.edu
* ඡායාරූපය 03 : www.thejoyofliving.co
* ඡායාරූපය 04 : www.globalbusinessoutlook.com
* ඡායාරූපය 05 : www.scientificmystery.com
* ඡායාරූපය 06 : www.myliveactiondisneyproject.com
* ඡායාරූපය 06 : www.watchmojo.com
* ඡායාරූපය 07 : www.jooinn.com
* වීඩියෝව : Movieclips | YouTube Channel
* ඡායාරූපය 08 : www.bbc.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.