ඕන යටි බඩක්

May 23, 2020

ඕනේ යටිබඩක් කියල අහල බලමු…

ඕනේ යටිබඩක් කියන්නේ සමාජයේ කතාවෙන, මුහුන දෙන්න වෙන serious ප්‍රශ්න ආතල් එකේ කතා කරන පොඩි podcast එකක්. මේක කරන්නේ Online Marketing Strategist කෙනෙක් වන මයන්ත ශවීන් සහ ව්‍යවසයකයෙක් / Elearning.lk නිර්මාතෘ වන සංජය ඇල්විටිගල.


අපේ පළමු වැඩසටහනෙන් අපි මේ කොහොමද මේ නම හොයා ගත්තේ, Covid අස්සේ ආපු online business මොනවද, රාජ්‍ය සේවය ගෙදර ඉදන් වැඩ කරයිද? ආයිත් කවද්ද යාළුවො සෙට් එකත් එක්ක කොත්තුවක් කන්නේ වගේ අදහස් ටිකක් බෙදා ගන්න හිතුවා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.