ඕස්ට්‍රේලියානු මුහුදේ රෝස පාට මඩුවෙක්?

February 17, 2020

ලෝකයේ පරිසර විද්‍යාඥයන් අතරේ මේ වෙනකොට රෝස පාට මඩු මාලුවෙක් ගැන අවධානය යොමු වෙලා තියෙනවා. මේ රෝස පාට මඩු මාලුවව දැකලා තියෙන්නෙ මීට දවස් කිහිපයකට උඩදි ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ළගදි.

පළවෙනි වතාවට මේ මඩුවව හම්බ වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දේ. එදා ඉදලා මේ දක්වා කාලය ගත්තොත්, මේ රෝස පාට මඩු මාලුවව ඇස ගැටිලා තියෙන්නෙ වාර 10කටත් වඩා අඩුවෙන්. මේ තමයි මේ වෙන තෙක් හොයාගෙන තියෙන ලෝකයේ පළවෙනි සහ එකම රෝස පාට මඩුවා.

සාමාන්‍යයෙන් මඩුවොන් වර්ණය අනුව වර්ග තුනකට බෙදෙනවා. ඒ, මුළු ශරීරයම කළු පාට මඩුවන්, මුළු ශරීරයම සුදු පාට මඩුවන් සහ ශරීරයේ කොටසක් කළු – කොටසක් සුදු මඩුවන් කියලයි.

මේ සත්වයාට රෝස පාට ලැබිලා තියෙන්නෙ සමේ ආසාදනයක් නිසා කියලා මුලදි විද්‍යාඥයන් හිතුවත්, 2016 අවුරුද්දෙ මේ සත්වයාගෙන් ලබා ගත්ත පටක කැබැල්ලකින්, ඒ මතය බැහැර වුණා. පස්සෙ කාලෙක විද්‍යාඥයන් තහවුරු කර ගත්තා, මේ සත්වයා රෝස පාට වෙලා තියෙන්නෙ එයාගෙ ජාන වල විකෘතියක් නිසා කියලා.

ඒ විකෘතියට කියන්නෙ Erythrism කියලයි. ඒකෙ ප්‍රතිපලයක් විදිහට සත්තුන්ගේ ලෝම, පිහාටු හෝ සම අසාමාන්‍ය රතු පැහැයක් අරගන්න පුලුවන්.

* වැඩි විස්තර සඳහා : https://www.nationalgeographic.com/animals/2020/02/pink-manta-ray-australia-rare/


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.nationalgeographic.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.