කම්මැළිකම ඇති වීම අවම කරගෙන දවස ඇතුලත ඵලදායීව වැඩ කරන්න ක්‍රමයක්

අපේ ජීවිතයේ වැඩියෙන්ම කාලය නාස්ති වෙන්නේ social app වලට. අපි නොදැනුවත්වම පැය තුන හතර හෝ සමහරවිට ඊටත් වැඩියෙන් මේ apps වල නාස්ති කරනවා.

අපිට පුලුවන් පියවර 3ක සරල ක්‍රමයක් පාවිච්චි කරලා මේ ප්‍රශ්නයෙන් මිදෙන්න.

? 1වන පියවර
* මුලින්ම වැදගත් වෙන්නේ අපි කාලය නාස්ති කරනවා කියලා අවබෝධ කරගැනීමයි.
* හැමදාම අපි apps වල ගත කරන කාලය මනින්න බලන්න.
* බොහෝ විට ඔබේ දුරකථනයේ settings වල app usage time එක බලන්න පුලුවන් ඇති. නැතිනම් tracker එකක් download කරගන්න.

? 2වන පියවර
* App එක launch කරන වාර ගණන අඩු කරන්න. දවසකට දෙවතාවක් පමණක් app එක දියත් කරනවා කියලා තමන්ටම සීමාවක් හදාගන්න.
* දිනකට දියත් කරන වාර ගණන සහ කුමන වේලාවල් වලදි පාව්ච්චි කරනවද යන්න ඔබේ දින චර්යාව අනුව හදාගන්න පුලුවන්.

? 3 වන පියවර
* ඇප් එක දියත් කළ පසු පාවිච්චි කරන වේලාව සීමා කරන්න. උදාහරණයක් විදිහට ඒක අවස්ථාවකදි app එක තුල ගත කරන කාලය විනාඩි 30කට සීමා කරන්න.

? ක්‍රියා කරන ආකාරය
* App එක දියත් කරන වාර ගණන සහ app එක තුල ගත කරන කාලය සීමා කිරීමෙන් නාස්ති වන කාලය අවම කරන්න පුලුවන්. දිනපතා අධීක්ෂණය කිරීම තමයි වැදගත්ම දේ.
* උදාහරණයක් විදිහට අද පැය තුනක් facebook පාවිච්චි කරලා තියනවනම්, හෙට දෙවතාවක් පමණක් app එක පාවිච්චි කරලා එක් අවස්ථාවකදි ගත කරන කාලය විනාඩි 30කට සීමා කරන්න පුලුවන්.
* ඊට පසු දිනයේදී ඒ කාලය විනාඩි 25කට කාලය සීමා කරගන්න පුලුවන්.

? පාඩම
* ඵලදායී වීමට හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමට වැදගත්ම දේ විනයක් ඇතිව කටයුතු කිරීමයි.
* ජීවිතය සාර්ථක කරගන්න නම් විනය තිබිය යුතුමයි.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.nationalgeographic.com.au
* ඡායාරූපය 01 : www.pittwire.pitt.edu

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.