කෘෂිකර්මාන්තයට උදව් කරන ඩ්‍රෝන යානා

December 6, 2019

බොහෝමයක් රටවල ගොවියො වගා කටයුතු කරන්න භාවිතා කරන්නෙ පුංචි ඩ්රෝන යානා. ඒ රටවල කාළගුණ වාර්තාව ගත්තොත්, ඒ වාර්තාව හරියන්න තියෙන සම්භාවිතාව 80%ක් වෙනවා. ඉතින් එයාලා කරන්නෙ මුලින්ම කාළගුණ වාර්තාව බලන එකයි.

කාලගුණ වාර්තාව බලලා එයාලා හුළගේ වේගය ගැන, හුළං හමන දිශාව ගැන හොදට අධ්යනය කරලා, ඩ්රෝන යානාවලට දානවා අවශ්ය කරන දියරයන් (දිය කරපු පොහොර, වතුර). ඊට පස්සෙ එව්වා දුරස්ථ පාලකයකින් උඩට යවලා, හුළං හමන දිශාව අනුව, දියර ටික ගොඩබිමට ඉස්සවනවා.

පැළ හිටවන එකේ ඉදලා, අස්වැන්න නෙළනකංම තියෙන ක්රියාවලිය, මෙයාලා කරන්නෙ අන්න ඒ විදිහට තාක්ෂණය භාවිතා කරලා. ඒ නිසා හරිම ක්රමානුකූලයි වගේම අස්වනු හානියත් අඩුයි. ඉතින් ලංකාව වගේ දකුණු ආසියාතික රටවල ගොවීන් කායික ශ්රමය භාවිතා කළත්, මේ රටවල ගොවීන් භාවිතා කරන්නෙ මානසික ශ්රමයයි.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.technologyreview.com
* වීඩියෝව : DJI | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.