ගිනි නිවීම පිළිබඳව ඔබ දැනුවත්ද…?????

January 7, 2020

අද කෙටි සටහනෙන් අපි ගෙන එන්නෙ ගිනි නිවන උපකරණ භාවිතය ගැන විස්තර කිහිපයක්. ඔයාලා දැකලා ඇති එක එක පාට වලින් තියෙන ගිනි නිවන උපකරණ. ඒ හැම උපකරණයකින්ම, හැම ගින්නක්ම නිවන්න බෑ. මොකද ඒ ඒ උපකරණ වලින් නිවන්න පුලුවන් වෙන්නෙ, එක එක වර්ගයේ ගිනි.

රතු ලේබලයෙන් හෝ රතු වර්ණයෙන් එන උපකරණ වල ගබඩා කරලා තියෙන්නෙ වතුරයි. ඒවායෙන් නිවන්න පුලුවන් A වර්ගයේ ගිනි. ඒ කියන්නෙ කඩදාසි, දැව සහ රෙදි වර්ග වලට පැතිරිලා තියෙන ගින්දර.

පෙන වතුර අන්තර්ගත කරලා තියෙන Cream පාට ලේබලයෙන් හෝ ටැංකි වලින් එන උපකරණ වලින් නිවන්න පුලුවන් වෙන්නෙ B වර්ගයේ ගිනි. ඒ කියන්නෙ ඇවිලෙන ඛනිජ තෙල් සහ ගිනි ගෙන දැවෙන වාහන.

කළු වර්ණයෙන් එන ගිනි නිවීමේ උපකරණ වල අන්තර්ගත කරලා තියෙන්නෙ කාබන් ඩයොක්සයිඩ්. ඒ නිසා මේ උපකරණය B වර්ගයේ ගිනි නොහොත් ඇවිලෙන ඛනිජ තෙල් වගේම, ඊට අමතරව විදුලි උපකරණ නිසා හට ගන්නා ගිනි නොහොත් E වර්ගයේ ගිනි ගැනීම් නිවා දමන්න උපකාරී වෙනවා.

වියළි Powder ගබඩා කරපු උපකරණ තමයි නිල් පාටින් දැක ගන්න ලැබෙන්නෙ. මේ උපකරණ වලින්, අපි ඉහළින් කතා කරපු හැම ගින්නක්ම නිවා දමන්න පුලුවන්. ඊට අමතරව, විශේෂයෙන්ම පිළිවෙලින් C සහ D වර්ගයේ ගිනි නොහොත් ගිනි ගෙන දැවෙන වායූන් (උදාහරණ- මීතේන්) සහ ලෝහ වර්ග (උදාහරණ- ලිතියම්, පොටෑසියම්) ආශ්රිතව ඇති වෙන ගිනි නිවන්නත් පුලුවන්.

තෙත් කරපු රසායනික ද්රව්ය ඇතුළත් කරපු ගිනි නිවීමේ උපකරණ වල වර්ණය වෙන්නෙ කහ පාටයි. මේ උපකරණයෙන් විශේෂයෙන්ම පුලුවන් වෙන්නෙ මුළුතැන් ගෙවල් ආශ්රිතව, Deep Fat Fryers (ගැඹුරු තෙලේ ආහාර බඳින උපකරණ) වලින් වෙන ගිනි ගැනීම් නිවා දමන්නයි. ඒ කියන්නෙ F වර්ගයේ ගිනි නිවන්නයි. ඊට අමතරව මේ උපකරණයෙන් A වර්ගයේ ගිනි නිවීමේ හැකියාවත් තියෙනවා.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.triplestarfire.com
* වීඩියෝව : Fire and Safety Centre | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.