ගුවන්යානා සුදු පැහැති ඇයි?

බොහෝ ගුවන්යානා සුදු පැහැයෙන් ආලේප කිරීමට හේතු ගණනාවක් ඇත. සුදු පැහැයෙන් ආලෝකයේ සියලුම තරංග ආයාමයන් පරාවර්තනය කිරීම හේතුවෙන් ගුවන්යානය අධික ලෙස රත් වීමෙන් වැළකීම ප්‍රධානතම හේතුවයි.

මීට අමතරව කුරුල්ලන්ට පැහැදිලිව දිස්වීම, ගුවන් යානයේ බර අඩු වීම, සීරීම් වැනි හානි පහසුවෙන් දැක ගත හැකි වීම, අනෙකුත් වර්ණ වලට සාපේක්ෂව සුදු වර්ණ ක්ෂය වීමට බොහෝ කල් යෑම, මිළෙන් අඩු වීම වැනි වාසිද ඇත.

මූලාශ්‍ර :
01. https://www.menkoraviation.com/en/questions/why-airplanes-are-painted-white/
02. https://www.traveller.com.au/the-reasons-why-planes-are-nearly-always-painted-white-h0vs60
03. https://www.youtube.com/watch?v=V6RXKKNFZOE

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...