ඩෙංගු මදුරුවව මට්ටු කරමුද..?????

December 30, 2019

මදුරුවා කියන්නෙ කොයි කවුරුත් අකමැතිම සතෙක්. මදුරු කරදරයෙන් මිදෙන්න එක එක අය එක එක දේවල් කරනවා. මදුරුවෝ බෝ වෙන ස්ථාන විනාශ කරනවට අමතරව මදුරුවො විනාශ කරන්න මිනිසුන්ට පවා අහිතකර විෂ දුම් භාවිතා කරනවා.

ඒත් ඔයාලා දන්නවද කූරො, එහෙමත් නැත්නම් Dragonfly නමින් හඳුන්වන බත් කූරො මදුරුවෝ ආහාරයට ගන්නවා කියලා? පරිසරවේදීන් හොයාගෙන තියෙන විදිහට බත් කූරෙක්ට, එක දවසකට මදුරුවො 100ක් වුණත් ආහාරයට ගන්න හැකියාව තියෙනවා. මදුරුවො විතරක්ම නෙවේ, මදුරු කීටයන්වත් මෙයාලා ආහාරයට ගන්නවා. ඒ නිසා බත් කූරන්ව ගෙවතුවලට ආකර්ශනය කර ගත්තොත්, මදුරු කරදරයෙන් මිදෙන්න අවස්ථාවක් තියෙනවා.

ඔයාලගෙ ගෙවතුවලට ලේසියෙන්ම බත් කූරන්ව ආකර්ශනය කර ගන්න පුලුවන්, මෙන්න මේ ශාක පැළ කළොත්…
01. Black-eyed Susan
02. Swamp Milkweed
03. Joe-Pye Weed
04. Meadow Sage
05. White Yarrow
06. Arrowhead
07. Wild Celery
08. Water Horsetail
09. Cattail
10. Water Lily

ඊට අමතරව තවත් විශේෂ දෙයක් තමයි, බත් කූරෝ බිත්තර දාන්නෙ ජලයේ කියන කාරණාව. ඒ නිසා ගෙවත්තෙ පුංචි පොකුණක් හැදුවොත්, මෙයාලා කෑම හොයන්න, සංසර්ගයේ යෙදෙන්න සහ ප්රජනනය කරන්න ඒ ආශ්රිත භූමිය තෝර ගනීවි.

බත් කූරු කීටයන්ට වතුර යට හැන්ගෙන්න සහ එයාලගෙ වර්ධනයට, ජලයත් එක්ක පාෂාණත් අවශ්ය වෙනවා. ජලයේ ජලජ ශාක රෝපණය කළොත්, එහෙමත් නැත්නම් අතරින් පතර කෝටු කෑලි හිටෙව්වොත්, බත් කූරන්ට වතුරට ළං වෙන්න සහ වතුරත් එක්ක ගණුදෙණු කරන්න ගොඩක් පහසු වෙයි.

* වැඩි විස්තර සඳහා : https://www.healthyfoodhouse.com/one-dragonfly-can-eat-100s-of-mosquitoes-per-day-keep-these-plants-in-your-yard-to-attract-dragonflies


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.animals.sandiegozoo.org

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.