ගෝලීය ජල හිඟයට විසඳුම මේකද….?????

January 13, 2020

ලෝකයේ සමහරක් රටවල මිනිස්සුන්ට බොන්න හරි හමන් වතුර නෑ. හරි හමන් වතුර කියලා කියන්නෙ “පානය කිරීමට සුදුසු” වතුරයි. ඒ වගේම අනාගතයේ මතු යම් දවසක ගොඩ බිම තියෙන ස්වභාවික උල්පත් හිඳිලා, උග්‍ර ජල හිගයක් ඇති වෙයි කියලත් ඉස්සර ඉදන්ම විද්‍යාඥයො සැක පල කළා.

මේ ඔක්කොම ප්‍රශ්න වලට බලාපොරොත්තුවක් ගෙන දෙන ප්‍රවෘත්තියක්, මීට දවස් කිහිපයකට කලින් කෙන්යාවෙන් වාර්තා වුණා. ඒ, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් කෙන්යාවේ ලුණු සහිත සාගර ජලය, පිරිසිදු පානීය ජලය බවට පරිවර්තනය කරන්න පුලුවන් වෙන පළවෙනි සූර්ය බලාගාරය ස්ථාපනය කිරීමේ පුවතක්.

ආරංචි මාර්ග අනුව මේ පද්ධතියෙන් දවසකට පානීය ජලය ලීටර් 70,000ක් විතර නිපදවන්න පුලුවන්. ඒ ප්‍රමාණය මිනිසුන් 35 000කට පරිභෝජනයට අරගන්න පුලුවන්.

මේ පද්ධතියට කිලෝවොට් පනහක ශක්තියක් නිපදවන සූර්ය පැනල ඇතුළත් වෙනවා. ටෙස්ලා බැටරි දෙකක් ගබඩා කරලා තියෙනවා. දිනකට පැය 24ක් ක්‍රියාත්මක වෙන ජල පොම්ප දෙකක් භාවිතා කෙරෙනවා.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.givepower.org
* වීඩියෝව : GivePower Foundation | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.