පැළයක් හිටවන්න හොඳම කුහර හැඩය

February 8, 2020

උද්භිත විද්‍යාඥයන්ගේ පරීක්ෂණ අනුව චතුරශ්‍රාකාර වලක පැළයක් හිටවනවා නම්, ඒ පැළයේ වර්ධනය වේගවත් වෙනවා වගේම ශක්තිමත් බවත් වැඩි වෙනවා. චතුරශ්‍රාකාර සිදුරු වලදි පැළයේ මුල් පස තුළට පහසුවෙන් ගමන් කරනවා.

ඒ, මුල් එකිනෙක පැටලෙන්නෙ නැතුවයි. ඒ විතරක් නෙවේ, ඒ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් විදිහට මුල් වලට නියං අවස්ථා වලදිත් නොසැලී ඉන්න පුලුවන් වෙනවා.

සමහරක් අය පැළ රෝපණය කරන්න වටකුරු වලවල් කපනවා. උද්භිත විද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට, ඒක නොකළ යුතු දෙයක්.

මුලදී වටකුරු වලවල් වල රෝපණය කරන ලද ගස් සශ්‍රීක වෙනවා වගේ පෙනුනත් සති කිහිපයකින් ඒවායෙන් බොහෝමයක් මැරිලා යෑමේ ප්‍රවණතාව ගොඩාක් වැඩියි.

මොකද පැළයේ මුල් ටික ටික වර්ධනය වෙලා වෘත්තාකාර වල ඇතුළෙ විහිදෙන්න අරගෙන, සංයුක්ත පසට ළං වුණාට පස්සෙ හරියට භාජනයක වගේ සිලින්ඩරාකාර හැඩයකට හැරිලා, සර්පිලාකාර වෙන්න ගන්නවා.

ඒකෙ ප්‍රතිපලයක් විදිහට මුල් නැමෙන්න ගන්නවා. මුල් වල ශක්තිය පිරිහෙනවා. මුල් වලට තව දුරටත් පස කාගෙන විහිදෙන්න බැරි වෙනවා.

* වැඩි විස්තර සඳහා : https://returntonow.net/2020/01/02/planting-trees-in-square-holes-makes-them-grow-faster-and-stronger/


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.returntonow.net

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.