චර්නොබිල් විකිරණ ආහාරයට ගන්න දිලීර විශේෂයක්?

April 16, 2020

චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනය වුණු ස්ථානවල විකිරණ ආහාරයට ගන්න දිලීර විශේෂයක් ඉන්නවා කියලා විද්‍යාඥයන් පිරිසක් හොයාගෙන තියෙනවා. මේ සොයා ගැනීම වුණේ අද ඊයෙක නෙවේ. 1991 අවුරුද්දෙයි.

අධික විකිරණ සහිත පරිසරයක් තුළ න්‍යෂ්ඨික බලාගාරයේ බිත්ති මත වැඩෙමින් සහ ව්‍යාප්ත වෙමින් තිබුණු මේ අරුම පුදුම දිලීර විශේෂය, 1991 අවුරුද්දෙදි සොයා ගත්තත්, මේ දිලීර විශේෂය ගැන පරීක්ෂණ කරන්න විද්‍යාඥයන්ට හැකියාව ලැබුණෙ නෑ. මොකද ඒ විකිරණ මිනිසාට අහිතකර නිසා.

මේ දිලීර විශේෂය ගැන විධිමත්ව පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරෙන්නෙ 2001 වර්ෂයේදියි. ඒ පරීක්ෂණ වලදි විද්‍යාඥයන්ට තේරුම් ගියා මේ දිලීර විකිරණ ආහාරයට ගන්නවා වගේම විකිරණ වලට ආකර්ශනය වෙනවා කියලත්.

ඒ විතරක් නෙවේ මේ දිලීර වල, අදුරු මෙලනින් වර්ණක විශාල ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා කියලත් පරීක්ෂණ වලදි තහවුරු වුණා. මේ වර්ණක වලින් විකිරණ අවශෝෂණය කරලා දිලීරයේ වර්ධනය සඳහා රසායනික ශක්තියක් බවට පරිවර්තනය වෙනවා.

අධික විකිරණ වලින් පිරුණු පරිසරයක් ජීවීන්ට අහිතකරයි සහ ජීවත් වෙන්න බැහැ කියලා විශ්වාස කළත්, ඒ විශ්වාසය බිදින්න පුලුවන් තරමේ ජීවීනුත් ඉන්නවා කියන්න මේ දිලීර විශේෂය හොඳ උදාහරණයක්.

* වැඩි විස්තර සඳහා : https://nypost.com/2020/02/07/fungi-that-eats-radiation-found-living-inside-chernobyl-nuclear-reactor/


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.sciencealert.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.