ජනෙල් වීදුරුවෙන් Solar Power?

March 3, 2020

විද්‍යාඥයන් පිරිසක් එකතු වෙලා සූර්ය ශක්තිය ගබඩා කරන්න පුලුවන් විනිවිද පෙනෙන ජනෙල් වීදුරුවක් නිර්මාණය කරලා තියෙනවා. විනිවිද පේන ද්‍රව්‍යකින් සූර්යයාගේ ආලෝකය අවශෝෂණය කරලා, ඒක ශක්තියක් බවට පරිවර්තනය කර ගත්ත පළවෙනි අවස්ථාව තමයි මේ.

මේ විනිවිද පේන ජනෙල් වීදුරුවෙන් විදුලිය නිෂ්පාදනය කර ගන්න පුලුවන්. ජනෙල් වීදුරුවක් වගේ පෙනුනට මේක ඇත්තටම පාරදෘෂ්‍ය සූර්යය කෝෂයක්. ඒ නිසා මේ ද්‍රව්‍ය වීදුරුවක් විදිහට විතරක් නෙවේ ඉලෙක්ට්‍රෝනික උපාංග වලටත් සවි කරන්න පුලුවන්.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ළගකදි නිකුත් කරපු ඇස්තමේන්තුවකට අනුව, 2050 අවුරුද්ද වෙන කොට ලෝකයේ මූලික බලශක්ති ප්‍රභවය විදිහට භාවිතා වෙන්නෙ සූර්යයායි. තාක්ෂණයේ දියුණුවත් එක්ක සූර්යයාගෙන් ශක්තිය ලබා ගැනීම ගොඩක් කාර්යක්ෂම සහ ලාභදායී වෙනවා.

ඒ වගේම සූර්යය ආලෝකයට අසීමිත සැපයුමක් තියෙනවා. මේ අසීමිත සැපයුම හරියටම භාවිතා කරනවා නම් අනාගතයේදී බලශක්තිය ගැන සහ බලශක්ති මිළ ගැන අපිට බය වෙන්න අවශ්‍ය නෑ කියන එකයි පරීක්ෂකයන්ගේ අදහස.


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.truththeory.com
* වීඩියෝව : Michigan State University | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.