ජුබිලි කණුව

April 14, 2020

ඔයාලා අහලා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ, නුගේගොඩ නගරය ආසාන්නයේ තියෙන “ජුබිලි කණුව” කියලා ඉසව්වක් ගැන. ඒත් ඔයාලා දන්නවද මේ ඉසව්වට “ජුබිලි කණුව” කියලා කියන්න හේතුව මොකක්ද කියලා?

ජුබිලි කණුව කියලා ඇත්තටම කියන්නෙ වික්ටෝරියා මහ රැජිණ රාජ්‍යත්වයට පත්වෙලා අවුරුදු 50ක් ගත වීම නිමිත්තෙන්, පවත්වපු රන් ජුබිලිය සමරන්න ස්ථාපනය කරපු ස්මාරකයක්. මේ ස්මාරකය නිසා තමයි අද වෙනකොට ඒ ඉසව්වත් “ජුබිලි කණුව” කියලා හදුන්වන්නෙ.

” Erected in the Ceremony of The Jubilee of Her Majesty Queen Victoria Empress of India 1887 ”

උසින් සෙන්ටි මීටර් 120ක් වුණු මේ ස්මාරකය පිහිටවලා තියෙන්නෙ 1887 අවුරුද්දෙ. ඔයාලත් ඒ ඉසව්ව පහු කරගෙන යනකොට, හංදිය මැද්දෙ තියෙන කුඩා වේදිකාව දිහා හොදට බැලුවොත්, ඔයාලටත් මේ ස්මාරකය දැක ගන්න පුලුවන්.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.