ඩොල්ෆින් Day Care

February 10, 2020

Killer Whale එහෙමත් නැත්නම් Orca කියලා කියන්නෙ ඩොල්ෆින් පවුලේ ඉන්න විශාලතම මත්ස්‍යයාටයි. ඔයාලා දන්නවද? මේ මත්ස්‍යයොන්ගෙ අත්තම්මලා වයස අවුරුදු 90ක් විතර වෙනකන් එයාලගෙ මුණුබුරු මිණිබිරියන්ව රැකබලා ගන්නවා කියලා?

මේ වර්ගයේ ඩොල්ෆින් පැටවුන්ගේ අම්මලා තාත්තලා ආහාර සොයාගෙන දඩයමේ යනකොට, එයාලගෙ පැටවුන්ව රැක බලා ගන්නෙ, එයාලගෙ ආත්තම්මලයි. ඩොල්ෆින් පැටියට කිසිම අනතුරක් වෙන්න ඉඩ නොදී රැක බලා ගැනීම ඒ අයගේ යුතුකමක් වෙනවා.

ඒ නිසා මේ මත්ස්‍යයින්ගේ ගහණයේ ඉහළ යෑමක් දැක ගන්න පුලුවන්. පරිසරවේදීන්ගේ අලුත්ම අධ්‍යන වාර්තා අනුව මේ වර්ගයේ ඩොල්ෆින් ආත්තම්මා කෙනෙක් අඩු වයසෙන් මැරුණොත්, එයාගෙ මුණුබුරු මිණිබිරියන් මිය යෑමේ අවදානම, ඩොල්ෆින් ආත්තම්මා ජීවතුන් අතර සිටියදී මිය යෑමේ සම්භාවිතාවට වඩා 4 ගුණයකින් වැඩි වෙනවා.

* වැඩි විස්තර සඳහා : https://returntonow.net/2019/12/17/humans-arent-the-only-mammals-who-rely-on-grandmas-to-babysit-orcas-do-too/


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.islandssounder.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.