තල්මසුන් අධ්‍යනය අභ්‍යාවකාශයේ සිට…?????

January 6, 2020

ලෝකයේ ඉන්න පරිසරවේදීන් මෑතක් වන තුරුම තල්මසුන්ව අධ්යනය කළේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා යොදා ගෙනයි. ඒත් මේ සම්ප්රදායික ක්රමයෙන් මිදිලා, නුදුරු අනාගතයේදීම තල්මසුන් අධ්යනය කිරීම අභ්යාවකාශයේ ස්ථාපනය කරලා තියෙන කෘතිම චන්ද්රිකා හරහා සිද්ධ කරන්න සැලසුම් කිරීමේ පුවතක් එන්ගලන්තයෙන් වාර්තා වෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම තල්මසුන්ව ගණනය කිරීම, තල්මසුන් සාගරයේ ගැවසෙන ස්ථාන සම්බන්ධව සිතියම් නිර්මාණය කිරීම, තල්මසුන්ගේ ගමන් මාර්ගයන්, එක් ස්ථානයකින් තවත් ස්ථානයකට සංක්රමණය වීමට හේතු වගේ ගොඩාක් දත්ත සහ තොරතුරු අනාගතයේදී කෘතිම චන්ද්රිකා හරහා අධ්යනය කරන්න නියමිතයි.

* වැඩි විස්තර සඳහා : https://www.businessinsider.com/counting-whales-from-space-pitched-as-key-to-saving-them-2020-1


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.businessinsider.com

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.