දාර්ශනිකයා යනු කවුරුන්ද?

” ලංකාවේ බහුතරය හිතන් ඉන්නෙ යම් යම් අලුත් අදහස්, ආකල්ප අරෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා කියන්නෙ දාර්ශනිකයො කියන එක. වරක් බර්ට්‍රන්ඩ් රසල් කියනවා රට හදන විදිහ ගැන, ආර්ථිකය හදන විදිහ ගැන අදහස් දක්වන අය දාර්ශනිකයො කියලා සැළකුවොත්, එහෙම අය වැඩිපුර ඉන්නෙ පිස්සන් කොටුවෙ කියලා. නැත්නම් බෝතලයකුයි, බයිට් පීරිසියකුයි එක්කහු කරගත්තා නම් එහෙම දාර්ශනිකයො හතර පස් දෙනෙක් එකතු වෙනෝ. එහෙම අය දාර්ශනිකයො නෙවේ.

දාර්ශනිකයාට තියෙනවා භූමිකාවක්. දාර්ශනිකයෙකුට පුලුවන් වෙන්න ඕන පවතින තත්වය පිළිබඳව මධ්‍යස්ථ ස්ථාවරයක ඉදලා, පැහැදිලි කිරීමක් කරලා, ඒ විෂය පිළිබඳ අදහසක් හෝ උනන්දුවක් තියෙන කෙනෙක්ට යම් මග පෙන්වීමක් කරන්න. දාර්ශනිකයා වෙනත් අයගෙ අදහස් උදහස් විනාස කරන්නෙ නෑ. තමන්ගේ අදහස් අනිත් අයගෙ පිට පටවන්නෙත් නෑ. දාර්ශනිකයා අනිත් අයට තියෙන අදහස් වඩාත් තීව්‍ර සහ නිවැරදි ලෙස එළියට අරගන්නවා. ”

සම්පූර්ණ සාකච්ඡාව :

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...