දුරස්ථ අධ්‍යයාපනයට Digital තාක්ෂණය

හදිසි ආපදා අවස්ථාවලදී Digital තාක්ෂණය ඔස්සේ අඛණ්ඩව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යන්නේ කෙසේද? ගුරු වෘත්තිකයන්, අධ්‍යාපන ආයතන හිමිකරුවන්, දෙමාපියන් සහ සිසු දරු දැරියන් දැනුවත් කිරීමේ විශේෂ Webinar වැඩමුළුව.

සම්පත්දායකයන් :
* සංජය ඇල්විටිගල – නිර්මාතෘ / ප්‍රධාන විධායක – eLearning.lk
* අමිත අමරසිංහ – Digital අලෙවිකරණ පුහුණුකරු
* අමිත ගමගේ – අලෙවි සහ ව්‍යවසායක උපදේශක / පුහුණුකරු


තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.