මුල් කාලීන බෞද්ධ සංගායනා
සංගායනාවක් යනු කුමක්ද?
ධර්ම විනය දත් මහා තෙරුන්, එකට ඒකරාශීව ධර්මය සහ විනය සසදාලමින් කරනු ලබන සජ්ඣායනය ධර්ම සංගායනාවක් යනුවෙන් හදුන්වනු ලබනවා.
සංගායනාවක අවශ්‍යතාව බුද්ධ කාලයේම ඉස්මතු වූ වග….
01. ඝෝෂිතාරාමයේ ඇති වූ ධර්මධර සහ විනයධර භික්ෂු ගැටුම
02. දේවදත්ත හිමියන්ගේ පංචවරය
03. ඇතැම් භික්ෂූන්, බුදුන් ප්‍රමුඛ මහා ශ්‍රාවකයන් වහන්සේලාට විරුද්ධව ක්‍රියා කිරීම
04. ඇතැම් භික්ෂූන්ගේ විනය විරෝධී ක්‍රියාකලාප
සම්බුද්ධ පරිණිර්වානය
ශාසන ඉතිහාසය ආරම්භ වූයේ බුද්ධ පරිණිර්වානයත් සමඟයි
01. ප්‍රථම ධර්ම සංගායනාව (පංච සතිකා සංගීති)
* බුද්ධ පරිණිර්වානයෙන් : මාස තුනකට පසු
* ස්ථානය : මගධයේ රජගහනුවර වේහාර පර්වතය පාමුල සප්තපර්ණී ගුහාව අභියස
* සහභාගීත්වය : 500ක් මහ රහතුන්
* කාලය : මාස 07
* ප්‍රධානත්වය : මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
* සහාය : ආනන්ද මහරහතන් වහන්සේ සහ උපාලි මහරහතන් වහන්සේ
* දායකත්වය : අජාසත්ත රජතුමා
ආසන්නතම හේතුව
“ඇවැත්නි, ශෝක නොකරව් නොවැලපෙව්! ඒ මහා ශ්‍රමණයාගෙන් අප මිදුනෙමු. මෙය තොපට කැපය අකැපය කියා අපට උපද්‍රව කිරීමට අයෙක් දැන් නැත” – සුභද්‍ර හිමියන්ගේ අභද්‍ර ප්‍රකාශය
වෙනත් හේතුන්
01. අනාගතයේදී ධර්මය හා විනය පිරිහී අධර්මය අවිනය රජ වෙතැයි ඇති වූ භීතිය
02. අනාගතයේදී බුද්ධ භාෂිත ලෙස බොරු සූත්‍ර සකස් කෙරෙනු ඇතැයි ඇතිවූ භීතිය
03. බුද්ධ ධර්මයට වැරදි අර්ථ විවරණ ඉදිරිපත් කරතී ඇති වූ භීතිය
04. විසිරි පැවති ධර්මය ඒකරාශී කිරීමේ අරමුණ
දුරස්ථ හේතුන්
01. නිගණ්ඨනාතපුත්තගේ මරණයත් සමඟ ජෛන සසුන දෙදරා යෑම
02. ධර්මය සහ විනය රැක ගැනීමට අවශ්‍යවීම
03. බුදුරදුන්ගේ ඇවෑමෙන් කුඩා කුඩා ශික්ෂා පද ඉවත්කර ගන්නැයි ප්‍රකාශ කර තිබීම
04. විවිධ මතධාරීන්ගෙන් සසුන රැකගැනීම
05. සැරියුත් මුගලන් හිමිවරු පිරිනිවන් පා තිබීම
06. බුදුරදුන්ගේ ඇවෑමෙන් ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවන්නැයි ප්‍රකාශ කර තිබීම
ප්‍රතිපල
01. විසිරී තිබූ ධර්මය / විනය එක්රැස් වීම
02. බුද්ධ වචනය සූත්‍ර සහ විනය ලෙස බෙදීම
03. භාණක පරපුරේ ආරම්භය
04. විනය නීති ලිහිල් නොකිරීම
05. ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම
06. විනය මූලික කොට සැලකීම
07. ආනන්ද මහ රහතන් වහන්සේ සියලු චෝදනාවලින් නිදහස්වීම
සූත්‍ර පිටකය
01. දීඝ නිකාය : ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිස
02. මජ්ඣිම නිකාය : සැරියුත් මහ තෙරුන්ගේ සිසු පිරිස
03. සංයුක්ත නිකාය : මහාකාශ්‍යප මහරහතන් වහන්සේ
04. අංගුත්තර නිකාය : අනුරුද්ධ මහරහතන් වහන්සේ
05. ඛුද්දක නිකාය : සියලු දෙනා වහන්සේ (මෙය කොටස් 15කින් සමන්විත වේ)
විනය පිටකය
* උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිස
01. පාරාජිකා පාලි
02. පරිවාර පාලි
03. පාචිත්තිය පාලි
04. චුල්ලවග්ග පාලි
05. මහාවග්ග පාලි
ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය
01. ශාසනයේ ඉදිරි පැවැත්ම චිරස්ථායීවීම
02. අනාගත පරපුර විනයානුකූලවීම
03. ශාසන විරෝධී බලවේග මර්ධනයවීම
04. නායකත්වය උදෙසා ගැටුම් ඇති නොවීම
05. නිර්මල බුද්ධ වචනය අනාගත පරම්පරාවට හඳුන්වාදීම
02. දෙවන ධර්ම සංගායනාව (සත්තසතිකා සංගීති)
* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 100කට පසු
* ස්ථානය : විශාලා මහනුවර වාලුකාරාමයේදී
* සහභාගීත්වය : 700ක් මහ රහතුන්
* කාලය : මාස 08
* ප්‍රධානත්වය : කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ
* සහාය : සබ්බකාමි, රේවත, සාළ්හ, බුජ්ජසෝභිත, වාසභගාමි, සුමන, සාණවාසී, සම්භූත, යස හිමිවරු
* දායකත්වය : කාලාශෝක රජතුමා
ආසන්නතම හේතුව
වජ්ජි පුත්තක භික්ෂූහු අකැප වස්තූන් දහයක්, කැප යැයි සම්මත කොට, ඊට ජනතා අනුමැතිය ලබාගෙන වාසය කිරීම
වෙනත් හේතුන්
01. බුදුවරු කවර ජනපදවල උපදීද? යන පැනය
02. අධර්මවාදී භික්ෂූන් කවුරුන්ද? යන පැනය
03. මහාදේව හිමියන්ගේ වස්තු වාදය
04. භික්ෂුව වෙනස් විය යුතුයි යන මතය
05. භික්ෂූන්ගේ වැරදි මතවාද
ප්‍රතිපල
01. වජ්ජි පුත්තක භික්ෂූන්ගේ දසවස්තුව අකැප යැයි තීරණයවීම
02. විනය නීති ආරක්ෂාවීම
03. මහායානය බිහිවීමේ අඩිතාලම නිර්මාණයවීම
04. විනය විරෝධී භික්ෂූන් ථේරවාදී සම්ප්‍රදායෙන් ඉවතලීම
ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය
01. සංඝ භේදය නිර්මාණයවීම
02. නිකාය භේදයේ පදනම සකස්වීම
03. සීඝ්‍රයෙන් වෙනස් වූ සංඝ සමාජය, මුල් විනය නීති යටතේ පාලනයවීම
03. තෙවන ධර්ම සංගායනාව (සහස්සසතිකා සංගීති)
* බුද්ධ පරිණිර්වානයෙන් : වසර 236කට පසු
* ස්ථානය : පැළලුප් නුවර අශෝකාරාමයේදී
* සහභාගීත්වය : 1000ක් මහ රහතුන්
* කාලය : මාස 09
* ප්‍රධානත්වය : මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
* දායකත්වය : ධර්මාශෝක රජතුමා
ආසන්නතම හේතුව
ලාභ සත්කාරයට ගිජු වූ අන්‍ය තීර්ථක පිරිස්, ජීවිකාව සඳහා සසුන්ගතවීම සහ ශාසනය විනාශ කිරීම
වෙනත් හේතුන්
01. බුදු සසුනට විරුද්ධව දියත් වූ කුමන්ත්‍රණ
02. දෙවන ධර්ම සංගායනාවේ ශක්තිය හීනවී තිබීම
03. බුද්ධ වචනය සම්බන්ධව ඇති වූ මතවාද
04. සර්වාස්තිවාදී භික්ෂූන්ගේ නැගීම
ප්‍රතිපල
01. දුසිල් භික්ෂූන් 60 000ක් සසුනෙන් නෙරපීම
02. පරවාද මත 500ක් ඛණ්ඩනයවීම
03. ධර්මය සහ විනය සුරක්ෂිතවීම
04. කථාවත්ථුප්‍රකරණය සම්පාදනයවීම
05. ශාසනික වත් පිළිවෙත් නැවත ඇරඹීම
06. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවය ඇරඹීම
07. ථේරවාදී දහම නිර්මලත්වයට පත් කර ගැනීම
ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය
01. ථේරවාදයේ කොටස් කැඩීයෑම නතරවීම
02. ථේරවාදය අද දක්වාම ආරක්ෂාවීම
03. කථාවත්ථුප්‍රකරණය හරහා අභිධර්ම පිටකය සම්පූර්ණවීම සහ පෝෂණයවීම
04. ධර්ම දූත සේවාවන් හරහා බුදු දහම වෙනත් රටවල ව්‍යාප්තවීම
නව රට ධර්ම ව්‍යාප්තිය
01. කාශ්මීර-ගන්ධාර – මජ්ඣන්තික තෙරණුවෝ ඇතුළු පිරිස (ආසිවිසෝපම සූත්‍රය)
02. මහිස මණ්ඩලය – මහාදේව තෙරණුවෝ ඇතුළු පිරිස (දේවදූත සූත්‍රය)
03. වනවාස දේශය – රක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස (අනමතග්ග සූත්‍රය)
04. අපරන්ත දේශය – යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස (අග්ගික්ඛන්ධෝපම සූත්‍රය)
05. මහාරට්ඨය – මහාධම්ම රක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස (මහානාරද ජාතකය)
06. යෝනක දේශය – මහාරක්ඛිත තෙරණුවෝ ඇතුළු පිරිස (කාලාම සූත්‍රය)
07. සුවණ්ණ භූමිය – සෝණ හා උත්තර තෙරණුවෝ (බ්‍රහ්මජාල සූත්‍රය)
08. හිමවන්ත ප්‍රදේශය – මජ්ඣිම තෙරණුවෝ ඇතුළු පිරිස (දම්සක්පැවතුම් සූත්‍රය)
09. තම්බපණ්ණි දීප – මහා මහින්ද තෙරණුවෝ ඇතුළු පිරිස (චුල්ලහත්ථිපදෝපම සූත්‍රය)
04. කණිෂ්ක සංගීතිය
* යුගය : ක්‍රි.ව පළමු සියවස
* ස්ථානය : කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී
* සහභාගීත්වය : 500ක් හිමිවරු
* ප්‍රධානත්වය : පාර්ශව හිමි
* සහාය : මහාකවි භූදන්ත හිමි, අශ්වඝෝෂ හිමි, වසුමිත්‍ර හිමි, නාගාර්ජුන හිමි
* දායකත්වය : කණිෂ්ක රජතුමා
හේතූන්
01. විවිධ නිකායික භික්ෂූන් තම අභිමතය පරිදි බුද්ධ වචනය විස්තර කිරීම
02. ධර්මය ශ්‍රවණය කළ කණිෂ්ක රජතුමාට ධර්මය පිළිබඳ පරස්පර විරෝධී අදහස් මතුවීම
ප්‍රතිපල
01. වෛභාෂික සම්ප්‍රදාය බිහිවීම
02. විභාෂා ග්‍රන්ථ තඹ පත් ඉරුවල ලියවා, සෙල්මුවා මංජුසාවල බහා ස්තූපයක තැන්පත් කිරීම
03. සංස්කෘත භාෂා සාතිත්‍යය වර්ධනයවීම
04. මධ්‍ය ආසියාවේ බුදුසමය ව්‍යාප්ත කරවීමට උපකාරවීම
05. ථූපාරාම විනය සංගායනාව
* යුගය : ක්‍රි.පූ 307
* ස්ථානය : ථූපාරාමයේ මේඝවර්ණ පිරිවෙනේදී
* අධීක්ෂණය : මිහිඳු මහරහතන් වහන්සේ
* ප්‍රධානත්වය : අරිට්ඨ හිමි
* සහාය : ඉට්ඨිය හිමි, උත්තිය හිමි, සම්බල හිමි, භද්දසාල හිමි සහ ලංකාවෙන් 60 නමක්
* දායකත්වය : දේවානම්පියතිස්ස රජතුමා
හේතුව
ලංකාවේ බුදු දහම සැබෑ ලෙසම ස්ථාපිතවීමට නම් විනය සංගායනාවක් පැවැත්විය යුතු බව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රකාශ කර තිබීම
ප්‍රතිපල
01. දඹදිවින් මෙරටට ලැබුණා වූ බුදුසමය, දේශීයකරණයට ලක් කිරීමට හැකිවීම
02. දඹදිවින් මෙරටට ලැබුණා වූ බුදුසමය, තහවුරු කිරීමට හැකිවීම
03. බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමේ වගකීම ලාංකිකයන් වෙත පැවරීම
04. පාලි අට්ඨකතාවන් හෙළ බසට නැගීම
05. විනය කට පාඩමින් රැගෙනයෑම සඳහා අරිට්ඨ තෙරණුවන් ප්‍රමුඛ විනය භාණක පරපුරකට පැවරීම
06. පුස්තකාරූඪ සංගීතිය
* යුගය : බුද්ධ පරිණිර්වානයෙන් වසර 518කට පසු (ක්‍රි.පූ 88 – 76)
* ස්ථානය : මාතලේ අලු විහාරයේ ආලෝක ලෙනෙහිදී
* සහභාගීත්වය : 500ක් හිමිවරු
දායකත්වය
ඉතිහාසඥ මතය 01 :
වළගම්බා රජු මහා විහාර විරෝධියෙකු වූ බැවින් සංගායනාව සඳහා අනුග්‍රහය ලබා නොදුන් අතර ඒ සඳහා ප්‍රාදේශීය අධිපතියෙකු දායකත්වය ලබා දී ඇත.
ඉතිහාසඥ මතය 02 :
මහා විහාර විරෝධියෙකු වූවත්, මෙය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ කටයුත්තක් බැවින්, මේ සඳහා වළගම්බා රජතුමා අනුග්‍රහය ලබා දී ඇත. නමුත් මහා වංශය රචනා කළ මහානාම හිමියන්ද මහා විහාරවාසී හිමි නමක් වූ බැවින් ග්‍රන්ථය රචනයේදී මහා විහාර විරෝධියෙකු වූ වළගම්බා රජතුමාව සිතාමතාම අමතක කර ඇත.
හේතුන් – ලංකාවේ බුදු දහම අතුරුදහන්ව යෑමේ ආවදානම
01. තීය බමුණාගේ කැරැල්ල
02. දකුණු ඉන්දීය සත් ද්‍රවිඩ ආක්‍රමණය
03. දොළොස් අවුරුදු නියඟය (බැමිණිතියාසාය)
ප්‍රතිපල
01. අටුවා සහිත ත්‍රිපිටක ධර්මය ආරක්ෂාවීම
02. ලක්දිව පාලි සාහිත්‍යයේ දියුණුව
03. බෞද්ධ උගතුන් සුලභවීම
04. ලක්දිව තුළ ථේරවාදය සුරක්ෂිතවීම