ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නව පරම්පරාව හඳුනන්නේ නැතිද?

October 15, 2020

මම රේඩියෝවෙන් සහ රූපවාහිනියෙන් ඈත් වෙලා දැන් අවුරුදු කිහිපයක්ම වෙනවා. වර්ථමානයේ වැඩිපුරම කාල⁣ය ගෙවන්නේ අන්තර්ජාලයත් එක්ක.

රූපවාහිනී සහ රේඩියෝ වල ඔබත් මමත් හොඳින් දන්න ගැටලු කිහිපයක් තියනවා.

1) අපේ කාලය උදුරාගන්නා වෙළඳ දැන්වීම්
2) අපිට ඕන වැඩසටහන අපි කැමති වෙලාවට බලන්න නිදහස නැතිකම
3) වැඩසටහන් වල ගුණාත්මකභාවය

මේවා ඉතින් අමුතුවෙන් විස්තර කරන්න ඕන නැති තරමටම ඔබත් මමත් දන්නවා.

නමුත් අපි ඇත්තටම මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (mainstream media) වලින් ඈත් වෙන්න හේතුව මේකද?

මේ ගැන ටිකක් කල්පනා කළාම මට දැනුන තවත් කාරණයක් තියෙනවා.

මම සමාජ මාධ්‍ය වල අලෙවිකරණයේ (Social Media Marketing ) නිරත වෙන කෙනෙක් විදිහට content නිර්මාණය කිරීමේදී යම් පිරිසක් ඉලක්ක කරගෙන (target audience) ඒ පිරිසට වඩාත් සමීප වෙන විදිහට තමයි නිර්මාණ සිදුකරන්නේ.

සමාජ මාධ්‍ය වල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල ඔබ දකින වැඩසටහන් පවා නිර්මාණය වෙන්නේ මේ විදිහට.

නමුත් මම creator කෙනෙක් විදිහට නැතිව consumer කෙනෙක් විදිහට බැලුවොත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල විකාශය වෙන වැඩසටහන් වලට වඩා අන්තර්ජාලයේ පළවෙන වැඩසටහන් මගේ ජීවිතයට සහ මගේ රුචිකත්වයට බොහෝම සමීපයි.

මම දන්නවා මේ කාරණයේදී මම තනි නැහැ කියලා. මොකද මම වගේම රූපවාහිනියෙන් ඈත් වුණ බොහෝ පිරිසක් ඉන්නවා.

එතකොට මම වගේ මේ තරුණ/නව පරම්පරාවේ පිරිස කෙමෙන් කෙමෙන් රූපවාහිනියෙන් ඈත් වෙලා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වැළඳගන්න යොමු වෙන්නේ, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට අපිව හඳුනගන්න බැරි වුණාවත්ද?

මම නියෝජනය කරන market segment එකේ රුචිකත්වය, ජීවන රටාව, සහ අපට අවශ්‍ය දේ හඳුනගන්න මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අසමත් ද?

නැතිනම් මේ market segment එක නියෝජනය කරන පිරිස අඩු නිසා ඔවුන් ඕනෑ කමින් නොසලකා හරිනවාවත්ද?

මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වෙන කෙනෙක්ට මේ කාරණය හොඳින් අවබෝධ කරන්න පුලුවන් වු⁣⁣ණොත්, අපේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් කරන්න මේකත් හොඳ අවස්ථාවක් වේවී.

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.