පිනෝකියෝ වගේ ගෙම්බෙක්….?????

December 24, 2019

Pinocchio Frog කියන මේ ගෙබි විශේෂයට, මේ නම දාලා තියෙන්නෙ එයාලගෙ දිග නහය නිසයි. ඒ වගේම මෙයාලගෙ නහය කෙළවර ටිකක් වකුටු වෙලත් තියෙනවා දකින්න පුලුවන්. මේ ගෙබි විශේෂය හොයාගෙන තියෙන්නෙ 2008 අවුරුද්දෙදියි. ඒ, ඉන්දුනීසියාවේ පැපුවා නිව්ගීනියා දූපත් ආශ්රිතවයි. මෙයාලා කුඩා කෘමීන් මත යැපෙන සත්ව විශේෂයක් විදිහට හදුනාගෙන තියෙනවා.

සත්ව ලෝකයේ ඉන්න ගොඩක් සත්තු වගේම, මෙයාලත් තමන්ගේ විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කරගන්න යම් කෑ ගැසීමක නිරත වෙනවා. ඒ වගේ අවස්ථාවලදී නාසයේ දික් වීමක් වෙනවා කියලත්, ශබ්දය පිට නොකරන අවස්ථාවලදී නාසයේ සුළු හැකිලීමක් වෙනවා කියලත් පරිසරවේදීන් සඳහන් කරනවා.

ඒ වගේම ගෙම්බන් විශේෂ ගණනාවකින් පොහොසත් වනාන්තරවලදී Pinocchio ගෙම්බන්ට, තමන්ගේම වර්ගයාව ක්ෂණිකව හදුනා ගන්නත් මේ දිග වකුටු නහය උදව් වෙන්න පුලුවන්.

ඔයාලා දන්නවාද? ලෝකයේ දෙවෙනි විශාලතම දූපත තමයි නිව්ගිනියාව කියන්නෙ. ඉතින් මේ දූපතේ ලෝකයේ වෙනත් ඕනෑම දූපතකට වඩා ගෙම්බන් විශේෂ ඉන්න පුලුවන්. මේ වෙනකොට ගෙම්බන් විශේෂ 450කට වැඩි ප්රමාණයක් මේ දූපතෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම මේ දූපත්වල තවත් බොහෝ දේ මිනිසාගේ ඇස නොගැටී සැගවිලා තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://www.nationalgeographic.com/animals/2019/06/pinocchio-frog-new-species-new-guinea


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.nationalgeographic.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.