බින්දුවෙන් පටන්ගත්ත තවත් අපුරු ව්‍යවසායකයෙක් – Softnet අධිපති උපුල් චන්දන

හැම ව්‍යවසායකයෙක්ම ඇසිය යුතු කතාවක්.

හැමදේම තම ස්ව-උත්සාහයෙන් බින්දුවේ ඉදල පටන් ගත්ත ව්‍යාපාරිකයින්ගේ කතාව හැමවිටම වගේ බොහෝ සිත් ඇදගන්නා සුළුයි. මේත් එවැනි අයෙකුගේ කතාවක්. ඕගොල්ලෝ මහරගම නගරය පසු කරනවානම් මේ ව්‍යාපාරය ඇස නොගැටී තියෙන්න බෑ. දැනට මහරගම තියෙන උසම ගොඩනැගිල්ලේ හිමිකරු සමග ඔහු මෙතනට පැමිණි ආකාරය හා රසවත් අත්දැකීම් ගැන කෙරුණු සාකච්චාවක්.

අපි හැමෝම ලගා කරගන්න උත්සාහ කරන සාර්ථකත්වය කොපමණ කැපකිරීමකින් ලබා ගත යුතුද යන්නට හොඳම උදාහරණයක් තමයි උපුල් අයියා. ඉතින් ඕගොල්ලොත් ඔහුගේ කතාව අහල යමක් ජීවිතයට එකතු කරගන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.