භාෂා පන්ති වලට තිත…?????

January 4, 2020

MUAMA Enence නමින් හඳුන්වන භාෂා 43ක් ක්ෂණිකව කථා කිරීමට ඔබට උදව් වන උපකරණයක් ගැන ජපානයෙන් තොරතුරු වාර්තා වෙනවා. මේ උපකරණය අතේ අරගෙන යන්න පුලුවන් කුඩා ජංගම උපකරණයක්.

මේ උපකරණය හරහා ඔබට ඕනෑම කෙනෙක් කතා කරන වෙනත් භාෂාවක් තමන්ගේ මව් භාෂාව විදිහට පරිවර්තනය කරගන්න වගේම, තමන්ගේ මව් භාෂාවෙන් කතා කරන දේවල්, වෙනත් කෙනෙක්ට එයාගේ මව් භාෂාවෙන් පරිවර්තනය කරලා කියන්නත් හැකියාව තියෙනවා.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.newatlas.com
* වීඩියෝව : Daily Life Tech | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.